ඔහු මෙසේ කියා සිටින්නේ ලොව ඉහළ ම පාපන්දු සම්මාන වන ‘බැලන් ඩි ඔ්ර්’ සහ ‘FIFA ගෝලීය පාපන්දු ක්‍රීඩකයා’ යන සම්මාන ප්‍රදානයේදී ඔහුව නොතකා හැරීමෙන් පසුව.
හිටපු මැන්චෙස්ට යුනයිටඩ් ක්‍රීඩක රොනාල්ඩෝ ලොව මුල් පෙලේ පාපන්දු තරගාවලියන් අතහැර 2023 ආරම්භයේදී අල්-නසර් කණ්ඩායම සමග එක්වුනා.
ඔහුගේ මේ සාර්ථකත්වය වාර්තා වුනේ පහත් මට්ටමේ ක්‍රීඩාවේදී බැවින් ‘බැලන් ඩි ඕර් (Ballon d’Or)’ සම්මානය සඳහා වූ 30 දෙනාගේ කෙටි ලැයිස්තුවට රොනාල්ඩෝව නම් කර නොතිබූ අතර එම සම්මානය අට වැනි වතාවටත් දිනා ගත්තේ රොනාල්ඩෝගේ පරම ප්‍රතිවාදියා වන ලිඔනල් මෙසී.

නමුත් ඔහු පසුගියදා ඩුබායි නගරයේ පැවති FIFA Globe Soccer Awards උළෙලට සහභාගි වූ අතර එහිදී ක්‍රීඩා ලෝලීන්ගේ වසරේ ජනප්‍රිය ක්‍රීඩකයා, හොඳම මැද පෙරදිග ක්‍රීඩකයා සහ හොඳම ගෝල්ලාභියා සම්මාන හිමිකර ගත්තා.

Record නමැති පෘතුගීසි පුවත්පතක් සමග පැවති දීර්ඝ සාකච්ඡාවකදී රොනාල්ඩෝ ‘බැලන් ඩි ඔ්ර්’ සහ ‘වසරේ හොඳම ක්‍රීඩකයා’ සම්මාන සඳහා තමාව නොසලකා හැරීම සම්බන්ධයෙන් චෝදනා කළා.
“මේ සම්මානවලට තිබුනු විශ්වාසනීයත්වය එක්තරා විදියකට අඩුවේගන යන බව මට හිතෙනවා. සම්මාන සඳහා තෝරා ගැනීමේදී මුළු ක්‍රීඩා වාරය ම විශ්ලේෂණය කළ යුතුයි” රොනාල්ඩෝ පැවසුවා.
“මෙසී හෝ හාලන්ඩ් හෝ එම්බප්පෙ ඒ සම්මානවලට සුදුසු නැහැ කියා මම කියන්නේ නැහැ. නමුත් මම තවදුරටත් මේ සම්මාන විශ්වාස කරන්නේ නැහැ.”
“මේවායේදී සැළකිය යුතු සාධක තියෙනවා. අංක තියෙනවා. සංඛ්‍යාව බොරු කරන්නේ නැහැ.”
“මට ලැබුනු කුසලානය ආපහු ගන්න එයාලට බැහැ. මොකද, එය යථාර්ථයක් නිසා. අංක කියන්නේ සාධකවලට.”
“පැහැදිලිවම, මම පළමුව හිතන්නේ මගේ ක්‍රීඩා සමාජය හා ජාතික කණ්ඩායම ගැනයි” ‘බැලන් ඩි ඔ්ර්’ සම්මානය පස් වතාවක් දිනා ගන සිටින රොනාල්ඩෝ කියා සිටියා.
“ක්‍රීඩා සමාජයට හා ජාතික කණ්ඩායමට සම්මාන එන්නේ හොඳ ක්‍රීඩා වාරයකින් පස්සෙ. ඇත්ත ට ම, මම ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ.”
“මම සෞදි අරාබියේ ඉන්න නිසා ගෝල් 54ක් ලබා ගැනීම පහසු දෙයක් කියලා කියන අය ඉන්න පුළුවන්. නමුත් සෞදි අරාබියේ සිටියත්, ඉතාලිය, ස්පාඤ්ඤය හෝ පෘතුගාලයේ සිටියත් ගෝල් ලබා ගැනීම අමාරු දෙයක් බව පාපන්දු වෘත්තීයවේදියන් දන්නවා. ගෝලයක් කියන්නේ ගෝලයකටයි.”
“මේ ක්‍රීඩා වාරයේ සිටි හොඳම ගෝල්ලාභියා මම යි” රොනාල්ඩෝ ගෝලීය පාපන්දු සම්මාන ප්‍රදානෝත්සවයේදී කියා සිටියේ ලෝකයේ හොඳම ගෝල්ලාභියා තමා ලෙස හඳුන්වා ගනිමින්.
“Ligue 1 (ප්‍රංශ වෘත්තීය ලීගය) ට වඩා සෞදි වෘත්තීය ලීගය තරගකාරී වැඩියි. අවුරුද්දක් එහෙ හිටියට පස්සේ මට ඒක කියන්න පුළුවන්. අපි දැනටමත් ප්‍රංශ ලීගයට වඩා හොඳයි!”
සටහන :
(වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




