The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රටකට ඕනි පරමාදර්ශ.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 29, 2024 • 10:33 AM

රටකට ඕනි පරමාදර්ශ.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕනෑම රටක, ඕනෑම කේෂේත්‍රයක පරමාදර්ශී චරිත නැත්නම් උදාහරණ නැත්නම් වීරයින් බිහිවෙන්න ඕනි කියන එකට හොඳ උදාහරණයක් සපයනවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව වේගපන්දු යවන්නා වන ෂමා ජෝසප් (Shamar Joseph).
  • එහෙම පුළුල් කරගෙන ලෝකේ ප්‍රථම වතාවට බරකාරා වලින් ටෙස්ට් වරම් ලබපු පළමුවැන්නා බවට පත්වෙනවා.
  • 1997න්පස්සේ කොදෙව් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ දිනපු එකම තරඟය. කණ්ඩායමේ ගොඩක් අය අලුත්.
  • ඒ තරඟයේ බර ගොඩක් කරට ගත්තේ ෂමා.    තරඟය දින්නට පස්සේ ලාරා අඬනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

බටහිර ඉන්දීය කොදෙව් වල බරකාරා කියන පළාතේ අවම පහසුකම් යටතේ ළමාකාලය ගතකරපු ෂමා ක්‍රිකට් බලල තිබ්බේ කළු සුදු රූපවාහිනියකින්. එහෙම බලද්දී තමයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් දැවැන්තයින් දෙන්නෙක් වෙච්ච කර්ට්නි ඇම්බ්‍රෝස් සහ කර්ට්නි වොල්ෂ් දකින්න ලැබෙන්නේ. 

1706453301 Shamar Joseph The story of Guyanas security guard who defeated
එහෙම දැකල ඒ වීරයින්ට ආස වෙලා එදා ඉඳල ඕනෑම රවුම් හැඩයෙන් යුතු දෙයක් දැක්කොත් එයා ඒකෙන් පන්දු යවන්න උත්සාහ කරල තියනවා. පේර ගෙඩියක්, දෙහි ගෙඩියක්, ලෙමන් ගෙඩියක් වගේ ඕනෑම දෙයක් මේ වෙනුවෙන් එයා පාවිච්චි කරලා තියනවා. 

එහෙම පන්දු යවල තමයි ඒ පළාතේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ෂමා ගහන්න අරන් තියෙන්නේ. 

ඒ විදියට ටිකෙන් ටික ෂමා එයාගේ ක්‍රිකට් ක්ෂ්තිජය පුළුල් කරගන්නවා. එහෙම පුළුල් කරගෙන ලෝකේ ප්‍රථම වතාවට බරකාරා වලින් ටෙස්ට් වරම් ලබපු පළමුවැන්නා බවට පත්වෙනවා. ඒ ඓතිහාසික ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී. අතිශයින් ප්‍රභල ඔස්ට්‍රේලියාවට එරෙහිව. 
 
shamarcelebrates XL
ටෙස්ට් වරම් ලැබිල පළමු පන්දුවෙන්ම දවාගන්නේ දෙවැනි ඩොන් බ්‍රැඩ්මන් විදියට විරුදාවලි ලබපු ස්ටීව් ස්මිත්. 
 
ඒ තරඟයේ ෂමා නමට විකට් පහයි. ඊයේ මැච් එකේ විකට් හයයි. මැච් එකත් දිනුම්. 1997න්පස්සේ කොදෙව් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ දිනපු එකම තරඟය. කණ්ඩායමේ ගොඩක් අය අලුත්. අලුත්ම කොල්ලෝ ටිකක් ගේම ගහනවා. ඒ තරඟයේ බර ගොඩක් කරට ගත්තේ ෂමා. 
 
තරඟය දින්නට පස්සේ ලාරා අඬනවා. ඒ මක්නිසාවත් නෙවෙයි එයාලගේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ඉතිහාසයට යම් හෝ සාධාරණයක් මේ පොඩි කොල්ලෝ ටික කරපු නිසා.


ගාෆීල්ඩ් සෝබර්ස්, විව් රිචඩ්, ක්ලිව් ලොයිඩ්ලගේ ඉඳල ඇම්බ්‍රෝස්ල හරහා ලාරා සහ චන්ද්‍රපොල් දක්වා ඒ ලැයිස්තුව ඉතාම දිගයි. ජයග්‍රහණ ලැයිස්තුවත් එහෙමයි. 

නමුත් මෑත කාලයේ බටහිර ඉන්දීය ක්‍රිකට් නන්නපෝල් වෙලා තිබ්බේ.
 
මෑතක පසුබැහැල තිබ්බට බලාගෙන හැදෙන්න ශ්‍රේෂ්ඨයින් ගොඩක් බටහිර ඉන්දීය කොදෙව්වන් එයාලගේ ක්‍රිකට් ඇතුලේ හදල තියනවා. ඉතින් ෂමාට ''මමත් මේ වගේ වෙන්න ඕනි'' කියල හිතෙන එක මට නම් අතිශයින් ලස්සන ශිෂ්ටාචාර හැඟීමක්....
 
ෂමා දිහා බලාගෙන හැදෙන්න තව පොඩි පරම්පරාවක් දැනටම ඇති. 

ෂමා, දුර ගමනක් වෙනුවෙන් සුබපැතුම්!

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...