The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජාතික හොකී ශූරයෝ ආරක්ෂක සේවාවෙන් : මහනුවර - ආරක්ෂක සේවා සමශූරියෝ

T

The Leader Desk

January 29, 2024 • 11:16 AM

ජාතික හොකී ශූරයෝ ආරක්ෂක සේවාවෙන් : මහනුවර - ආරක්ෂක සේවා සමශූරියෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 60 වැනි පිරිමි හා 25 වැනි කාන්තා ජාතික හොකී තරගාවලියේ වැඩි දස්කම් ප්‍රදර්ශනය වුනේ සුපුරුදු පරිදි ආරක්ෂක සේවා හොකී කණ්ඩායම්වලින්.
  • එතැන් පටන් අවසානය දක්වා ම දෙපිල ම සිරවී සිටියේ ගෝල් 1-1ක සමතත්ත්වයෙන්.    ආරක්ෂක සේවා කණ්ඩායම වෙනුවෙන් විමුක්තිනි කළුආරච්චි ද, මහනුවර හොකී සංගමයේ කණ්ඩායම වෙනුවෙන් සන්ධ්‍යා දයානන්ද ද ගෝලය බැගින් ලබා ගත්තා.
  • පිරිමි අවසාන තරගයේදී ආරක්ෂක සේවා හොකී කණ්ඩායම ගෝල් 8-1කින් වෙළඳ සේවා හොකී කණ්ඩායම පහසුවෙන් පරාජය කළා.
  • තරගයේ මුල සිටම ගෝල් දඩයමේ ගිය ඔවුන් පළමු කාර්තුවේදී ම ගෝල් 4ක් වාර්තා කිරීමට සමත් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී ඉරිදා පැවති මේ තරගාවලියේදී ආරක්ෂක සේවා පිරිමි හොකී කණ්ඩායම පසුගිය තරගාවලියේ මෙන්ම මෙවරද ශූරයින් බවට පත්වූ අතර පසුගිය තරගාවලියේ ශූරියන් වූ ආරක්ෂක සේවා කාන්තා කණ්ඩායමට මෙවර මහනුවර හොකී කණ්ඩායම සමග සමශූරියන් වීමට සිදුවුනා.

පිරිමි කණ්ඩායම් 13ක් හා කාන්තා කණ්ඩායම් 6ක් සහභාගි වුනු මේ ජාතික හොකී තරගාවලියේ තියුණු තරගයක් දක්නට ලැබුනේ කාන්තා අවසාන මහා තරගයේ. 

පළමු කාර්තු දෙක අවසානයේ තරගය විරාමයකට පිවිසෙන විටත් දෙපිල ම ගෝල් ලබා ගෙන තිබුනේ නැහැ. තරගයේ ගෝල් දෙක කණ්ඩායම් දෙකෙන් වාර්තා වුනේ තෙවැනි කාර්තුවේදී. එතැන් පටන් අවසානය දක්වා ම දෙපිල ම සිරවී සිටියේ ගෝල් 1-1ක සමතත්ත්වයෙන්. 

 

hockey 9
ආරක්ෂක සේවා කණ්ඩායම වෙනුවෙන් විමුක්තිනි කළුආරච්චි ද, මහනුවර හොකී සංගමයේ කණ්ඩායම වෙනුවෙන් සන්ධ්‍යා දයානන්ද ද ගෝලය බැගින් ලබා ගත්තා.

පිරිමි අවසාන තරගයේදී ආරක්ෂක සේවා හොකී කණ්ඩායම ගෝල් 8-1කින් වෙළඳ සේවා හොකී කණ්ඩායම පහසුවෙන් පරාජය කළා. තරගයේ මුල සිටම ගෝල් දඩයමේ ගිය ඔවුන් පළමු කාර්තුවේදී ම ගෝල් 4ක් වාර්තා කිරීමට සමත් වුනා. විවේක කාලය එළඹෙන විට ආරක්ෂක සේවා කණ්ඩායම ගෝල් 5-0කින් පෙරමුණේ සිටියා. 

මේ තරගයේ වෙළඳ සේවා කණ්ඩායමේ එක ම ගෝලය වාර්තා වුනේ තෙවැනි කාර්තුවේදී. ඒ, බෝධික ඩයස්ගෙන්. එම කාර්තුව අවසානයේ ගෝල් 7-1කින් ඉදිරියට පැමිණ සිටි ආරක්ෂක සේවා කණ්ඩායම සිවුවැනි කාර්තුවේදී තවත් ගෝලයක් ලබා ගත්තා.

 

hockey 6


ජයග්‍රාහී ආරක්ෂක සේවා කණ්ඩායම වෙනුවෙන් ලහිරු වීරසූරිය, ඩී.සඳරුවන් හා ඩබ්ලිව්.ඒ.පී.යූ. ප්‍රනාන්දු ගෝල් 2 බැගින් ද, ආර්.එම්.එස්. සුරේෂ් හා වී.එස්.කේ.එච්. තිලකසිරි ගෝලයක් බැගින් ද වාර්තා කළා.

වෙන්නප්පුව හොකී කණ්ඩායම 5-1කින් පරදවමින් පිරිමි තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ රාජ්‍ය සේවා කණ්ඩායම. ක්‍රීඩකයන් එසේ පරාජය වුනත් වෙන්නප්පුව හොකී ක්‍රීඩිකාවෝ ගෝල් 3-0කින් කොළඹ ක්‍රීඩිකාවන් පරාජය කරමින් කාන්තා තෙවැනි ස්ථානයට පත්වීමට සමත් වුනා.

 

hockey 2

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වුනේ ආරක්ෂක සේවා හොකී සමාජයේ ඉසංක ජයසුන්දර හා ඉමේෂා වීරබාහු. දක්ෂතම ගෝල් රකින්නා ලෙස ආරක්ෂක සේවා කණ්ඩායමේ දාරත තැන්නේ සහ දක්ෂතම ගෝල් රකින්නිය ලෙස මහනුවර හොකී සමාජ කණ්ඩායමේ සකුන්තලා ඉලේපෙරුම සම්මාන හිමිකර ගත්තා. 

IOC සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා හොකී සම්මේලනය මෙහෙයවූ මේ තරගාවලියේ තිළිණ ප්‍රදානෝත්සවය පැවැත්වුනේ ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන්. හොකී සභාපති පී. විශ්වනාදන් ඇතුළු නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගි වුනා.

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...