The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

යැනික් සිනෙර් යළි හිස ඔසවමින් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරයා වෙයි

T

The Leader Desk

January 29, 2024 • 2:21 PM

යැනික් සිනෙර් යළි හිස ඔසවමින් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරයා වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රොජ ෆෙඩර, රෆාඑල් නෙඩාල් සහ නෝවැක් ජොකොවිච් යන ‘මහ බලවතුන් තිදෙනා’ තරග බිමෙන්
  • නව පරම්පරාවේ පෙරමුණේ සිටින තරුව ලෙස පහන රැගෙන යාමට ස්පාඤ්ඤයේ කාලොස් අල්කරාස් ගෆීයා (Carlos Alcaraz Garfia) ඉස්මතු වුනේ මෑතකදී.
  • නමුත් ඔහු ඇතුළත්ව සිටින මේ පරපුරේ ඉදිරියෙන් සිටීමට 22 හැවිරිදි යැනික් සිනෙර් ඉරිදා සමත් වුනා.
  • වට පහක් පුරා 3-6, 3-6, 6-4, 6-4, 6-3 ලෙස පැවති තියුණු තරගයෙන් පසුව ජයග්‍රාහී සිනෙර් 1976 වසරෙන් පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණයක් ලැබූ පළමු ඉතාලි පුද්ගලයා බවට පත්වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

සමුගත් විට ඔවුන්ගේ හිඩැස පිරවීමට සමත්වන ක්‍රීඩකයන් සොයමින් ටෙනිස් ක්‍රීඩාව වසර ගණනාවක් ගතකර තිබෙනවා.

නව පරම්පරාවේ පෙරමුණේ සිටින තරුව ලෙස පහන රැගෙන යාමට ස්පාඤ්ඤයේ කාලොස් අල්කරාස් ගෆීයා (Carlos Alcaraz Garfia) ඉස්මතු වුනේ මෑතකදී. නමුත් ඔහු ඇතුළත්ව සිටින මේ පරපුරේ ඉදිරියෙන් සිටීමට 22 හැවිරිදි යැනික් සිනෙර් ඉරිදා සමත් වුනා. ඒ, ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ දිනා ගනිමින්.

Carlos Alcaraz GarfiaCarlos Alcaraz Garfia

ඉතාලියේ යැනික් සිනෙර් (Jannik Sinner) හා රුසියාවේ ඩැනියල් මිඩ්වියඩෙෆ් (Daniil Medvedev) අතර පැවතියේ ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අවසාන තරගයක්. වට පහක් පුරා 3-6, 3-6, 6-4, 6-4, 6-3 ලෙස පැවති තියුණු තරගයෙන් පසුව ජයග්‍රාහී සිනෙර් 1976 වසරෙන් පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණයක් ලැබූ පළමු ඉතාලි පුද්ගලයා බවට පත්වුනා.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ඔටුන්න පළඳමින් අවසන් වූ සිනෙර් ට විශේෂිත වූ මේ තරගාවලිය වඩාත් වර්ණවත් වූයේ අවසන් පූර්ව තරගයේදී ඔහු ලොව අංක 1 ක්‍රීඩක නෝවැක් ජොකවිච් පැරදවීමට සමත් වූ නිසා. එම ජයග්‍රහණයෙන් ඔහු අවසන් කළේ ජොකොවිච් 2018 වසරේ සිට එක දිගට පවත්වා ගෙන ආ තරග 33ක ජයග්‍රාහී රැල්ල.

fsere
2024 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසාන තරගය යැනික් සිනෙර්ගේ ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසාන තරගය වූ අතර එය අවසන් වූයේ සිනෙර් ට ඔහුගේ මංගල ප්‍රධාන ටෙනිස් ශූරතාව හිමිකර දෙමින්.

අවසාන තරගය ද ඇතුළුව වට පහක් පුරා ම පැවැත්වුනු උණුසුම් තරග 35ක් මෙවර තරගාවලියේදී දක්නට ලැබීම විශේෂත්වයක්. මෙය ඔ්නෑම ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉසව්වක් වෙනුවෙන් විවෘත ටෙනිස් යුගයේ තිබෙන වාර්තාව සමකිරීමක්.

අවසාන තරගයේදී මිඩ්වියඩෙෆ් වේගයෙන් ඉදිරියට ඇදී ගියේ පළමු වට දෙක ම ජය ගනිමින්. ලොව අංක 3 ක්‍රීඩකයාගේ මේ නිරවද්‍ය ආක්‍රමණශීලී තරග ආරම්භයෙන් දැඩි පීඩනයකට ලක්වීම නිසා පිටියේ සෑම කොණකම සිට ආරක්ෂාකාරී ක්‍රීඩාවක නියැලීමට තරුණ ඉතාලි ක්‍රීඩකයාට සිදුවුනා.

නමුත් තරගය පවත්වා‌ ගෙන යද්දී, සිනෙර් නැවත සටන් කරමින් තම උපක්‍රම නැවත සකස් කරගෙන දිගු කාලීන පන්දු හුවමාරුවේදී තම ප්‍රතිවාදියාට වඩා දක්ෂතාව පවත්වා ගෙන යාමට සමත් වුනා. හදිසියේ ම, ඔහු තෙවැනි වටය ජය ගෙන තිබුනේ තරගයේ ප්‍රථම වතාවට මිඩ්වියඩෙෆ්ගේ විශ්වාසය බිඳ දමමින්. ඒ ගැම්ම ඔහුව තරගය වෙනස් කරමින් සිවුවැනි හා පස්වැනි වට හරහා රැගෙන ගියේ 2008 වර්ෂයෙන් පසුව ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ජය ගත් වයසින් අඩු ම ක්‍රීඩකයා මෙන්ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනූ එදා මෙදා තුර තෙවැනි ඉතාලි පුද්ගලයා බවට ඔහුව ඉතිහාසගත කරමින්.

xdfge456

ඩැනියල් මිඩ්වියඩෙෆ් ට මේ පරාජය ඔහු 2022 ඔස්ට්‍රේලියානු විවෘත අවසාන තරගයේදී රෆාඑල් නෙඩාල් වෙතින් ලැබූ පරාජයේ දරුණු දෝංකාරයක් වූයේ එදාත් ඔහු පැරදුනේ පළමු වට දෙක ජයග්‍රහණය කර තරගයේ පෙරමුණ ගෙන සිටීමෙන් පසුව නිසා. සිනෙර් ට පරාජය වීම හේතුවෙන් 27 හැවිරිදි මිඩ්වියඩෙෆ් අනවශ්‍ය ඉතිහාසයක් නිර්මාණය කළා. ඒ, මේ අන්දමින් ඉදිරියෙන් සිට ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරග බොහොමයක් පැරදුනු විවෘත ටෙනිස් යුගයේ පළමු ක්‍රීඩකයා ලෙස.

මේ ජයග්‍රහණයත් සමග යැනික් සිනෙර් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉතාලි ජයග්‍රාහකයන් වන Nicola Pietrangeli හා  Adriano Panattaගේ මට්ටම ට පිවිසෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...