The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශීතකරණයක් උසුලා ගෙන යන මැරතන් ධාවකයා

T

The Leader Desk

January 31, 2024 • 9:00 AM

ශීතකරණයක් උසුලා ගෙන යන මැරතන් ධාවකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශීතකරණයක් පිටේ බැඳගෙන ලන්ඩන් මැරතන් තරගය සඳහා පුහුණු වන බ්‍රිතාන්‍ය ධාවකයා සුන්දර ක්‍රීඩා ලෝකයට ගෙන එන්නේ ලස්සන කතාවක්.
  • නමුත් තමා කිසිම දෙයක් සොරකම් කරගෙන නොයන බව ඉක්මනින් ම වටහා ගත් පොලිස් නිලධාරීන් ඔහුට අතට අත දී තරගය සඳහා සුභ පැතුවා.
  • ශීතකරණයක් රැගෙන යාමෙන් පවුම් 10,000ක මුදලක් Diabetes UK නමැති එංගලන්තයේ දියවැඩියා රෝගය සඳහා වන අරමුදලට රැස්කර ගැනීමට ඩැනිඅල් බලාපොරොත්තු වෙනවා.
  • එයා Type 1 දියවැඩියා රෝගියෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):


බැලූ බැල්මට ඔහුගේ මේ ක්‍රියාව දිස්වන්නේ කොන්දේ අමාරුවට ගන්නා ප්‍රතිකාරයක් ලෙස. නමුත් පොලිසිය ඔහුගේ ධාවනය නතර කළේ මේ දුවන්නා සොරෙකු යැයි වරදවා වටහා ගෙන.

ශීතකරණයක් පිටේ බැඳගෙන දුවන ඩැනිඅල් ෆෙයාබ්‍රද (Daniel Fairbrother) සොරෙක් බවට අනුමාන කරමින් ඔහුගේ මැරතන් පුහුණු දිවීම නතර කළේ හාට්ෆඩ්ෂ ප්‍රාන්තයේ ස්ටීවනෙජ් නාගරික පොලිසිය විසින්.

නමුත් තමා කිසිම දෙයක් සොරකම් කරගෙන නොයන බව ඉක්මනින් ම වටහා ගත් පොලිස් නිලධාරීන් ඔහුට අතට අත දී තරගය සඳහා සුභ පැතුවා.



ශීතකරණයක් රැගෙන යාමෙන් පවුම් 10,000ක මුදලක් Diabetes UK නමැති එංගලන්තයේ දියවැඩියා රෝගය සඳහා වන අරමුදලට රැස්කර ගැනීමට ඩැනිඅල් බලාපොරොත්තු වෙනවා.

“මේ ක්‍රියාව මගේ හොඳම මිතුරා සෑම් වෙනුවෙන්. එයා Type 1 දියවැඩියා රෝගියෙක්. එයා වෙනුවෙන් මොනවා හරි අභියෝගයක් බාර ගන්න මම ගිය අවුරුද්දේ සැලසුම් කරගෙන හිටියත් ඒක හරියට කෙරුනේ නැහැ. ඒ නිසා මම ඊටත් වඩා ලොකුවට හා ශක්තිමත්ව ආපහු එන බවට පොරොන්දු වුනා” යනුවෙන් ඩැනිඅල් පැවසුවා.

dan with fridge treated

 

ඔහු මේ ශීතකරණය නම් කර තිබෙන්නේ Tallulah ලෙසින්. 1993 වසරේ නිකුත් වූ Cool Runnings අමෙරිකානු ක්‍රීඩා ප්‍රහසන චිත්‍රපට ලෝලියෙකු වන ඩැනිඅල් ෆෙයාබ්‍රද ඔහුගේ ශීතකරණයට මේ නම තබා තිබෙන්නේ එම චිත්‍රපටයේ එන යාන්ත්‍රිකව හැසිරවිය හැකි හිම රිය සිහිකරමින්.

1988 හිම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සිරුරේ ඇටකටු පවා සීතල කරවන කටුක දේශගුණික තත්ත්වයන් යටතේ පුහුණු වන ජැමෙයිකානු හිම රිය කණ්ඩායමක් පිළිබඳ කතාවකි එම චිත්‍රපටය.

01DhdevbB32Ee 122

Cool Runnings

තමන් පසුපස හෙමින් එන පොලිස් රිය පිළිබඳව ඩැනිඅල්ට දැනී තිබෙන්නේ ඔහු Tallulah උසුලා ගෙන  ඔහුගේ දෙවැනි පුහුණු ධාවනයේ යෙදී සිටියදී.

“පොලිසිය ඔවුන්ගේ නිල් පාට ලයිට් ක්‍රියාත්මක කර රථවාහන නවත්වා මාව නතර කළා. මේ වගේ දෙයක් ඔවුන් මීට කළින් දැකලා නැතිවීම තේරුම් ගන්න පුළුවනි” ඩැනිඅල් කියා සිටියා.

“එක නිලධාරියෙක් ඔහුගේ වීදුරුව පහත් කරලා ඇහුවා: ‘අපිට ඔයාව නවත්තන්න සිද්ධ වෙනවා කියලා ඔයාට තේරෙනවා ඇති. ඔයාගේ පිටේ තියෙන්නේ ශීතකරණයක්ද?’ කියලා.”

සිය මැරතන් අභියෝගය පිළිබඳව විස්තර කළ විට එම පොලිස් නිලධාරියා තමාට විහිළුවක් කළ බව ඩැනිඅල් කීවා.

“ඔහු මගෙන් ඇහුවා, ‘ඔබ කෑම ඇනවුම් කළා නම් ඔවුන් ඒක ඔබේ නිවසටම ගෙනැවිත් දෙනවා නේද?’ කියලා.”

තමා එයින් අපහසුවට පත්වුනත් එය කිසිම ගණනකට නොගත් බව ඩැනිඅල් ප්‍රකාශ කළා.

 

f9a8665e c492 4412 b384 a7e86e08a20b

“ශීතකරණයක් එක්ක දුවන කෙනෙක්ව නතර කර ප්‍රශ්න කරන එක පොලිසියේ රාජකාරියක්. මාව තව දහ පාරක් එ් විදියට නැවැත්තුවත් මම තරහා ගන්නේ නැහැ.”

දේශීය ප්‍රජාවගෙන් තමාට ලැබෙන සහයෝගය ඉතා ප්‍රබල බව ඩැනිඅල් සඳහන් කළා.

“Diabetes UK වැඩසටහනත් එක්ක මගේ හොඳම මිතුරා සෑම් ට ලැබී තිබෙන හොඳ ප්‍රතිඵල මම දැක තිබෙනවා. මේ වෙනුවෙන් උපකාරයක් ලෙස යමක් කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.”



ඩැනිඅල් ෆෙයාබ්‍රද අවසාන වශයෙන් මෙහෙම කියනවා.

“මම දොස්තර කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට විසඳුමක් ගේන්න බැහැ. නමුත් එහෙම කරන අය වෙනුවෙන් මුදල් රැස්කරන්න මට පුළුවන්!”

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...