The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් රාජකාරියේ යෙදෙන ප්‍රංශ පොලිස් නිලධාරීන්ට බෝනස්

T

The Leader Desk

January 31, 2024 • 11:37 AM

ඔලිම්පික් රාජකාරියේ යෙදෙන ප්‍රංශ පොලිස් නිලධාරීන්ට බෝනස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් සේවයේ යොදවන පොලිස් නිලධාරීන්ට බෝනස් මුදලක් ලබා දීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.
  • මේ දිරිදීමනාව ඔවුන් ඔලිම්පික් ඉසව්වක් පැවැත්වෙන ප්‍රදේශයක සේවය කළහොත් යුරෝ 1,600 (ඩොලර් 1,730) දක්වා වැඩිවෙනවා.
  • පැරිස් කලාපය, පැරිස් ගුවන්තොටුපළ දේශසීමා පොලිසිය හා ජාත්‍යන්තර ප්‍රවාහන සේවාවන්හි  සේවය සඳහා යොදවන අයට යුරෝ 300 (ඩොලර් 320)ක වැඩිපුර මුදලක් සමග යුරෝ 1,900ක් ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ.
  • ජූලි 24 සිට අගෝස්තු 11 දක්වා කාලය තුළ සේවක මණ්ඩලය සියයට සියයකින් ම සේවයේ යොදවන ලෙසට ඩාමනා දන්වා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


යුරෝ 1,900 (ඩොලර් 2,050) දක්වා වන බෝනස් ලබා දෙන බවට ප්‍රංශ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති ජෙහාල්ඩ් ඩාමනා (Gerald Darmanin) ප්‍රකාශ කර තිබෙන්නේ පොලිස් සංගම් විසින් දියත් කර තිබෙන විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වමින්.

මේ වසරේ ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන ඔලිම්පික් උළෙල හා ඉන්පසුව එළඹෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පවතින කාලය තුළ  සේවය කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් අසහනයට පත්ව සිටින පොලිස් සංගම් ග්‍රීෂ්ම සෘතුවේදී වැඩි පඩි සහ විවේක නිවාඩු හා ළමා සත්කාරය සහතික කරන ලෙස ඉල්ලමින් විරෝධතා සහ වැඩවර්ජන මේ මාසයේ පවත්වා තිබෙනවා.

ඔලිම්පික් සමය තුළ සිදුවන දැවැන්ත ආරක්ෂක මෙහෙයුමේදී පොලිස් නිලධාරීන්, හමුදා භටයින් සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දස දහස් ගණනින් සේවයේ යෙදවීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා. 

ඔවුන්ගේ සේවයට හිලව් කිරීමක් ලෙස ඔලිම්පික් වෙනුවෙන් තමන්ගේ ගිම්හාන නිවාඩුව සීමා කරන සේවකයන් වෙනුවෙන් ලබා දීමට තීරණය කර තිබෙන බෝනස් මුදල යුරෝ 1,000 (ඩොලර් 1,080)ක්. මේ දිරිදීමනාව ඔවුන් ඔලිම්පික් ඉසව්වක් පැවැත්වෙන ප්‍රදේශයක සේවය කළහොත් යුරෝ 1,600 (ඩොලර් 1,730) දක්වා වැඩිවෙනවා. පැරිස් කලාපය, පැරිස් ගුවන්තොටුපළ දේශසීමා පොලිසිය හා ජාත්‍යන්තර ප්‍රවාහන සේවාවන්හි  සේවය සඳහා යොදවන අයට යුරෝ 300 (ඩොලර් 320)ක වැඩිපුර මුදලක් සමග යුරෝ 1,900ක් ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ.

e7cf27b4 1baf 4427 8400 7ac3454ffda3 750x422

ජූලි 24 සිට අගෝස්තු 11 දක්වා කාලය තුළ සේවක මණ්ඩලය සියයට සියයකින් ම සේවයේ යොදවන ලෙසට ඩාමනා දන්වා තිබෙනවා. නමුත් මේ කාලයට පිටින් වැඩ කරන සෑම සේවකයෙකු ට ම ජූනි 15 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ අවම වශයෙන් සති දෙකක නිවාඩුවක් සහතික වශයෙන් ලබා දෙන බවට ජෙහාල්ඩ් ඩාමනා පොරොන්දුවක් දී තිබෙනවා.

මීට අමතරව, ඔලිම්පික් සේවයේ යෙදෙන සේවකයන්ගේ දරුවන් රැකබලා ගැනීම පිණිස කටයුතු සූදානම් කරන ලෙසට දේශීය මහජන සේවා ආයතනවලට දන්වා තිබෙනවා.

FILE - Police officers patrol the Trocadero plaza near the Eiffel Tower in Paris, Tuesday, Oct. 17, 2023. Police have arrested a man climbing on the Eiffel Tower. The drama temporarily stranded a crowd at the top. Among those trapped was a Washington, D.C., couple who decided during the wait to get married and an Associated Press reporter who got their story. Amir Khan had been planning to propose to Kate Warren later Thursday in a Paris garden away from the crowds, with a romantic dinner on the River Seine also on his menu.  (AP Photo/Michel Euler, File)/AMB111/23292667065035/FILE PHOTO, OCT. 17, 2023/2310192048

ඔලිම්පික් ක්‍රීඩා උළෙල හමුවේ තිබෙන ආරක්ෂක අභියෝගය වැඩි අවධානයකට යොමුවුනේ දෙසැම්බර් 2 වැනිදා අයිෆල් කුළුණ අසලදී විදෙස් සංචාරකයෙක් පිහිඇනුමකින් මරණයට පත්වීම හේතුවෙන්. මේ නිසා, 2015 වසරේ නොවැම්බර් 13 වැනිදා ඉස්ලාමීය අන්තවාදීන් පැරිසියේ Bataclan රැඟුම් ශාලාව ආක්‍රමණය කර පුද්ගලයන් 130 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් නැවත මතකයට නංවා දී තිබෙනවා.

සටහන :

පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...