The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාපන්දු : නිමක් නොපෙනෙන ඉතාලියේ ජාතිවාදය

T

The Leader Desk

February 1, 2024 • 4:34 PM

පාපන්දු : නිමක් නොපෙනෙන ඉතාලියේ ජාතිවාදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළු ජාතික පාපන්දු ක්‍රීඩකයන්ට ජාතිවාදී අපහාස එල්ල කිරීමේ නින්දිත ක්‍රියාව මුළු ඉතාලිය ම
  • මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉතාලි දේශපාලනඥයින් බිය වී සිටින බවක් පෙන්නුම් කරනවා.
  •   මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ තර්ජනය කිරීම හා බියවැද්දවීමෙන් වෘත්තීය සහ ආධුනික ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 121 දෙනෙකු පීඩා විඳින බව.
  •   මේ තර්ජන හා අසභ්‍ය ලෙස බැණ වැදීම්වලට වැඩියෙන්ම ලක්ව සිටින්නේ ඉතාලි පාපන්දු ලීග් ක්‍රමවේදයේ ඉහළින්ම සිටින පාපන්දු ක්‍රීඩා සමාජ සඳහා වන වෘත්තීය ලීගයේ - Serie A - ක්‍රීඩකයන්.
අකුරු ප්‍රමාණය (Font Size):
වෙලා ගත් දරුණු රෝගයක්. මෙය විවිධ ජාතීන්ගේ සංකලනය සමග මේ රට ට ඇතිවී තිබෙන ගැටලුවල සැඟවුනු ඉතාමත් අශෝභන දෙයක්. ඉතාලි පාපන්දුවේ සිදුවන මේ ව්‍යසනය රටෙන් මුලිනුපුටා දැමීම අසීරු වී තිබෙන්නේ එරට මහජනතාව එය නිරතුරුව නොසලකා හරින බැවින්.

අවාසනාවකට, ඉතාලි සමාජ ජීවිතයේ සෑම අංගයකම මෙය දක්නට තිබෙනවා. ඉතාලි ජාතිකයන් කිහිප දෙනෙක් ආජන්ටිනාව, අමෙරිකාව හා ප්‍රංශය වැනි ලොව පුරා වෙනත් රටවලට සංක්‍රමණය වී සිටියත් ඉතාලියේ තිබෙන මෙවැනි වෙනස්කම් කිරීමේ තත්ත්වයන්ට ඔවුන් ඒ කිසිම රටක මුහුණ දී නැහැ.
 
CGHFGH
පාපන්දු පාදඩයන් ක්‍රීඩාංගණවලට ඇතුළු වීම තහනම් කරමින් ඉතාලිය 1989 වසරේදී පැනවූ Daspo නමැති නියෝගය ක්‍රීඩා සමාජවල ආධාරකරුවන්ගේ ජාතිවාදය වැළැක්වීමට තවදුරටත් ප්‍රමාණවත් වී නැති අතර මේ ගැටළුව සමග කටයුතු කිරීම පිණිස මීට වඩා නිර්භීත හා ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍යව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉතාලි දේශපාලනඥයින් බිය වී සිටින බවක් පෙන්නුම් කරනවා. නමුත් මේ පිළිකුල් උපදවන කාරණය ගැන අවධානය යොමු කිරීම නිරන්තරයෙන්ම ප්‍රතික්ෂේප කරන සහ මේ ප්‍රශ්නය නොසලකා හරින රටක් වන ඉතාලිය මේ සම්බන්ධයෙන් වහාම දැඩි පියවර ගත යුතු කාලය දැන් එළඹ තිබෙනවා.
 
CXFGDR
මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ තර්ජනය කිරීම හා බියවැද්දවීමෙන් වෘත්තීය සහ ආධුනික ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 121 දෙනෙකු පීඩා විඳින බව.

ඉතාලියේ දේශපාලනඥයින් අවධානය යොමු කර නැගී සිටිය යුතු වර්ගවාදයේ සාධක මේ පීඩාවේ අන්තර්ඝතව තිබෙනවා.
 
මේ තර්ජන හා අසභ්‍ය ලෙස බැණ වැදීම්වලට වැඩියෙන්ම ලක්ව සිටින්නේ ඉතාලි පාපන්දු ලීග් ක්‍රමවේදයේ ඉහළින්ම සිටින පාපන්දු ක්‍රීඩා සමාජ සඳහා වන වෘත්තීය ලීගයේ - Serie A - ක්‍රීඩකයන්. සමාජ මාධ්‍ය අපහාස, වර්ගවාදී කෑගැසීම් හා පෞද්ගලික තර්ජන විශාල ලෙස පැතිර ගොස් තිබෙනවා.


අධ්‍යයනයේ දත්තවලට අනුව, සිද්ධීන් 121න් සියයට 31ක් සමන්විත වන්නේ වර්ගවාදී කෑගැසීම්වලින්. සියයට 22ක් වාග්මය නින්දා කිරීම්.

ජාතිවාදී සිදුවීම්වලට වැඩියෙන්ම ලක්වී තිබෙන්නේ කළු ජාතික පාපන්දු ක්‍රීඩකයන්.  නමුත් බෝල්කන් අග්නිදිග යුරෝපයේ කොටසෙන් එන ක්‍රීඩකයන් (සියයට 11) හා ලතින් අමෙරිකාවෙන් එන ක්‍රීඩකයන් (සියයට 8) ද ජාතිවාදයේ ගොදුරු බවට පත්ව තිබෙන්නේ ඉතාලි පාපන්දුව ලජ්ජාවට පත්කරමින්.

දේශපාලනඥයින්ගේ ප්‍රධානතම කාර්යභාරය විය යුතුව තිබෙන්නේ ඒකීකරණය, මිනිසුන් නිදහසේ හැසිරීම හා විවිධ සංස්කෘතීන්වල පුද්ගලයන් මුණගැසීමෙන් එකිනෙකා හරවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම. නමුත් ‌මේ සඳහා උනන්දු කරවීමක් ඉතාලියෙන් පෙනෙන්නට නැහැ.

ඒ වෙනුවට, දේශාභිමාන හැඟීම සහ විදෙස් භාෂාවකින් කතා කරන වචන කෙරෙහි සෘණාත්මක ආකල්පයක් මතුවී තිබෙනවා.
 
ඉතාලිය හොඳින් ඇස් ඇර අවට බැලුවොත්, බහුසංස්කෘතිකව පිරී තිබෙන ජාතික කණ්ඩායම් වැඩි සාර්ථකත්වයක් අත්කර තිබෙන බව පෙනේවි. මීට හොඳම සාක්ෂිය වන්නේ පසුගිය ලෝක පාපන්දු කුසලාන දිනා ගත් කණ්ඩායම් වන ජර්මනිය, ප්‍රංශය සහ ආජන්ටිනාව.

මේ එක් එක් රටවල පාපන්දු සංචිත සමන්විතව තිබෙන්නේ වෙනස් රටවල පසුබිමක් තිබෙන ක්‍රීඩකයන්ගෙන් හෝ දෙවැනි හෝ තෙවැනි පරම්පරාවේ සංක්‍රමණිකයන්ගෙන්.

ඉතාලි පාපන්දු ප්‍රධාන ධාරාවේ ක්‍රීඩා සමාජයක් වන Udinese කණ්ඩායම පසුගිය මාසයේ සත්කාරකත්වය දැරූ තරගයකදී ප්‍රතිවාදී AC Milan කණ්ඩායමේ ගෝල්රකින්නා වන Mike Maignan ට ජාතිවාදී අපහාස සිදුකිරීම හේතුවෙන් එම කණ්ඩායමට ක්‍රීඩා ලෝලීන් නැතිව දොර වසාගත් ක්‍රීඩාංගණයක සත්කාරක තරගයක් ක්‍රීඩා කිරීමේ දඬුවමකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ජාතිවාදය සමග සටන් කිරීමේ ඉතාලි පාපන්දුවේ නොහැකියාවේ අප්‍රසන්න හිස නැවත වතාවක් පසුගිය අප්‍රේල් මාසයේදී එසවුනේ ඉතාලියේ ප්‍රධානතම කණ්ඩායම් දෙකක් අතර පැවති තරගයේදී.
 
FGHDFTY
Coppa Italia තරගාවලියේ අවසන් පූර්ව තරගයේ අතිරේක කාලයේදී තරගය සමතත්ත්වයට ගෙන එමින් Inter Milan කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩක Romelu Lukaku ගෝලයක් ලබා ගැනීමෙන් කුපිත වූ Juventus ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙක් ඔහුට වර්ගවාදී බැණ වැදීමක නිරත වෙමින් නින්දා අපහාස කළා. මේ බෙල්ජියන් ක්‍රීඩකයා ඉලක්ක වුනේ ආධාරකරුවන් කිහිප දෙනෙක් නැගූ වඳුරන් කෑගසන හඬට. වර්ගවාදී ලෙස අමතමින් ඔහුට කුණුහරුපෙන් බැණ වදින අයුරු වීඩියෝවලින් දිස්වුනා.


Lukaku ට පෙර ඉතාලි වර්ගවාදයේ වඩාත් ප්‍රසිද්ධ සිද්ධියක් වාර්තා වුනේ Lazio සහ Roma යන කණ්ඩායම් අතර පසුගිය වසරේ මාර්තුවේදී පැවති තියුණු තරගයේදී. ගෝල් 1-0කින් යාන්තමින් ජයග්‍රාහකයන් වුනේ Lazio කණ්ඩායම.

එම තරගයේදී Hitlerson යන නම සහ 88 යන නින්දා සහගත අංකය පසුපසින් දිස්වන කමිසයක් පැළඳ සිටි Lazio ක්‍රීඩා ලෝලියෙකුගේ ලජ්ජාසහගත ඡායාරූපයක් පළවී තිබුනේ බොහෝ දෙනා තුළ කලකිරීමක් ඇති කරමින්.

අංකය යොමුව තිබුනේ ඉංග්‍රීසි ශබ්දකෝෂයේ 8 වැනි අකුර වන H ට. එය දෙවතාවක් සඳහන් කර තිබුනේ ‘හයිල් හිට්ල’ - Heil Hitler - නමැති ඇඩොල්ෆ් හිට්ලර් යටතේ තිබූ නාසි සැලියුට් කිරීම වෙනුවෙන්.

මෙය තවත් නින්දිත සිදුවීමක් වූ අතර එයින් කැපී පෙනුනේ ඉතාලි පාපන්දු ක්‍රීඩාංගණවල තිබෙන ජාතිවාදයේ ප්‍රශ්නය.

Hitlerson 88 ලෙසින් සඳහන් හිට්ලර් හිතවාදී කමිසය තරගය පැවති රෝමයේ ඔලිම්පිකෝ ක්‍රීඩාංගණයේ පැළඳ සිටියේ ජර්මන් ජාතික Lazio ආධාරකරුවෙක්.
 
CGRT
රෝම බලධාරීන් විසින් ඔහුට ක්‍රීඩාංගණවලට ඇතුළු වීමේ තහනමක් පැනවීමෙන් පසුව ෆැසිස්ට්වාදය යටතේ චෝදනා ගොනු කර තිබෙන අතර වැරදිකරු වුවහොත් ඔහු මාස 18ක සිරදඬුවමක් සහ පවුම් 5,000කට වැඩි දඩයකට ලක්වීමට ඉඩ තිබෙනවා. මේ පුද්ගලයා රස්තියාදුකාරයෙක් වශයෙන් ඉතිහාසයක් තිබෙන කෙනෙක්.


කෙසේ වෙතත්, ඔහු එවැනි කමිසයක් පැළඳ ක්‍රීඩාංගණයට ඇතුළු වූයේ කෙසේද හා ඒ වන විටත් පාදඩකමේ ඉතිහාසයක් තිබුනු ඔහුට මීට කළින් තහනමක් නොපැනවූයේ ඇයි ද යන බරපතළ ප්‍රශ්න මේ සිද්ධියෙන් පසුව පැන නැගුනා.

ඉතාලිය සිසාරා යන ජාතිවාදය කළු ජාතික ක්‍රීඩකයන්ට පමණක් සීමා වී නැහැ.

Lorenzo Insigne වැනි ඉතාලියේ දකුණු දෙසින් එන ක්‍රීඩකයන් පවා ජාතිවාදයේ ඉලක්ක බවට පත්ව තිබෙනවා. හිටපු Napoli සමාජ ක්‍රීඩකයෙකු වන Lorenzo පැවත එන්නේ Naples නගරයෙන්. 1970 ගණන්වලදී බොහෝ දෙනා අන්දමන්ද කරවූ පෝස්ටර ඉතාලි නගරවල ඇති ගොඩනැගිලිවල අලවා තිබුනේ මෙසේ සඳහන් වෙමින්: “අපි දකුණේ මිනිසුන්ට කාමර කුලියට දෙන්නේ නැහැ!”

කෙසේ වෙතත්, ඉතාලි සමාජය නිරතුරුව මේ ජාතිවාදය වසා දමමින් සිටින්නේ 1922-43 වකවානුවේ ෆැසිස්ට් පාලකයා වූ බෙනිටෝ මුසෝලිනි යටතේ තිබුනු අවුරුදු 21ක කාලය ඇතුළු ජාතිවාදී වෙනස්කම් කිරීමේ ඉතිහාසයක් එරට සතුව තිබියදී.
 
XCGBRSD
 
ෆැසිස්ට්වාදය තවදුරටත් නැතත් වර්ගවාදය එලෙස ම තිබෙනවා. මේ සම්බන්ධයෙන් මීට වඩා දැඩි දඬුවම් පැනවිය යුතුව තිබුනත් අවාසනාවකට ඉතාලි වැසියන් මේ ප්‍රශ්නය සමග කටයුතු කිරීමට බියක් දක්වන බවක් පේනවා.

මේ අතර, මහජන රැලිවලදී සාමයට තර්ජනයක් නොවන්නේ නම් හෝ රටේ තහනම් කර ඇති ෆැසිස්ට් පක්ෂය යළි ප්‍රාණවත් වීමේ අවදානමක් නැත්නම් ෆැසිස්ට් සැලියුට් කිරීම නිත්‍යානුකූල වන බවට ඉතාලි මහාධිකරණයක් මේ වසරේ ජනවාරි මස මුලදී තීන්දු කළා.

ඉතාලි විරුද්ධ පක්ෂවල සාමාජිකයන් කිහිප දෙනෙක් හා යුදෙව් ප්‍රජා නායකයින් මේ තීන්දුව විවේචනය කර තිබෙන අතර ඊට විරුද්ධව නැගී සිටීමට තීරණය කර තිබෙනවා.

මේ මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ දැඩි දක්ෂිණාංශික මතධාරි තරුණ කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකු 1978 වසරේ ජනවාරි 7 වැනිදා රෝමයේ ඝාතනය කිරීමේ 46 වැනි සංවත්සරය නිමිත්තෙන් මධ්‍යම රෝමයේ පැවති රැස්වීමකදී පුද්ගලයන් 150කට වැඩි පිරිසක් විසින් සිදුකළ ‘රෝමානු සැලියුට් කිරීම’ ලෙසින් ද සමහර අවස්ථාවලදී හැඳින්වෙන නාසි සැලියුට් කිරීමේ වීඩියෝවක් ප්‍රසිද්ධ වී සති දෙකකට පසුව.

මේ තරුණයන් දෙදෙනා Italian Social Movement (MSI) සාමාජිකයන් වූ අතර MSI පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ ඝාතනය සිදු කළේ වාමාංශික ක්‍රියාකාරීන් විසින් බවට සැක කෙරෙනවා. ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුටත් චෝදනා ගොනු කෙරුනේ නැහැ.

MSI පක්ෂය ඇරඹුනේ බෙනීටෝ මුසලීනි (Benito Mussolini)ගේ ජාතික ෆැසිස්ට් පක්ෂයේ අළුවලින්. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ මේ ඉතාලි ආඥාදායකයා මරා දැමීමෙන් පසුව එම පක්ෂය කඩා වැටුනා.

කළු ඇඳගත් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් ඔවුන්ගේ දකුණු අත් ඔසවමින් රෝමයේ සිදුකළ ෆැසිස්ට් ආචාරයේ වීඩියෝව සමාජ මාධ්‍ය පුරා පැතිර යාමෙන් ඉතාලිය කම්පනයට පත්වූවත් Giorgia Meloni අගමැතිනියගේ කාර්යාලය පමණක් එයින් සැලුනේ නැහැ. Meloni ප්‍රථම වතාවට දේශපාලනයට පා තැබුවේ MSI පක්ෂයෙන්.
 
 
 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...