The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සුලෝහිත සංග්‍රාමයේ අසිරිය විඳින්න ස්ටැන්ලි ජයසිංහට ආරාධනා !

T

The Leader Desk

February 8, 2024 • 9:55 AM

සුලෝහිත සංග්‍රාමයේ අසිරිය විඳින්න ස්ටැන්ලි ජයසිංහට ආරාධනා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුලෝහිත සංග්‍රාමයට ක්‍රීඩා කළ මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයාවන ස්ටැන්ලි ජයසිංහට
  • 1949 වර්ෂයේදී සුලෝහිත සංග්‍රාමයට සහභාගී වූ නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ස්ටැන්ලි ජයසිංහ 1951 වර්ෂයේදී නාලන්දා කණ්ඩායමේ නායකත්වය දරා ඇත.
  •   නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් සිටියදීම, 18 වැනි වියේදී ජාතික කණ්ඩායම (එවකට සිලෝන් කණ්ඩායම) නියෝජනය කළ ස්ටැන්ලි ජයසිංහ එංගලන්තයේ 'පළමු පෙළ' ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ මුල්ම ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙන් අයකුද වෙයි.
  • සිය ක්‍රීඩා දිවිය තුළ පළමු පෙළ තරග 144කට ක්‍රීඩා කළ ස්ටැන්ලි ජයසිංහ ලකුණු 6811ක් ලබාගත්තේ ශතක 10 ක් වාර්තා කරමින්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

94වැනි ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් නිල ආරාධනාව ලබා දීම 94 වැනි සුලෝහිත සංග්‍රාමයේ ඒකාබද්ධ සංවිධායක කමිටුව විසින් පසුගිය 6 වැනිදා සිදුකරන ලදී. 

එම අවස්ථාවට 94 වැනි සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ සංවිධායක කමිටුවේ සම සභාපතිවරුන්වන් වන එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල සහ උපාලි ධර්මදාස සහභාගී වුහ.

 


1931 වසරේ ජනවාරි මස 19 වැනිදා බදුල්ලේදී උපත ලද ස්ටැන්ලි ජයසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසියේය. 1949 වර්ෂයේදී සුලෝහිත සංග්‍රාමයට සහභාගී වූ නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ස්ටැන්ලි ජයසිංහ 1951 වර්ෂයේදී නාලන්දා කණ්ඩායමේ නායකත්වය දරා ඇත.

 

Leicestershire county cricket team, circa May 1965. Back row (left-right): Graham Cross, Jack Birkenshaw, Roy Barratt, Stanley Jayasinghe, Brian Booth, Peter Marner, John Cotton. Front row: Terry Spencer, John Savage, Maurice Hallam, Clive Inman, Ray Julian. (Photo by Bill Smith/Popperfoto via Getty Images)

නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් සිටියදීම, 18 වැනි වියේදී ජාතික කණ්ඩායම (එවකට සිලෝන් කණ්ඩායම) නියෝජනය කළ ස්ටැන්ලි ජයසිංහ එංගලන්තයේ 'පළමු පෙළ' ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ මුල්ම ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙන් අයකුද වෙයි. ස්ටැන්ලි ජයසිංහ එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරගවලට සහභාගි වූයේය.

09සිය ක්‍රීඩා දිවිය තුළ පළමු පෙළ තරග 144කට ක්‍රීඩා කළ ස්ටැන්ලි ජයසිංහ ලකුණු 6811ක් ලබාගත්තේ ශතක 10 ක් වාර්තා කරමින්ය. එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් පසුව මෙරටට පැමිණි ජයසිංහ ක්‍රිකට් පුහුණුකරුවකු මෙන්ම තණතීරු සකස් කරන්නකු ලෙසද කටයුතු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමණාකරුවකු (1991 දී) වූ ස්ටැන්ලි ජයසිංහ ගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයට සිදුවූ මෙහෙවර අතිමහත්ය.

එවන් කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සුලෝහිත සංග්‍රාමයේ අසිරිය විඳින්නට සහභාගී වීම සුලෝහිත සංග්‍රාමයට මහත් අභිමානයකි. 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුලෝහිත සංග්‍රාමයේ අසිරිය විඳින්න ස්ටැන්ලි ජයසිංහට ආරාධනා ! | The Leader