The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකා පොලිසියට

T

The Leader Desk

February 8, 2024 • 3:46 PM

රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකා පොලිසියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් වුනා.
  • මීට අමතරව C.1 ඛාණ්ඩවල ශූරතාවත් C2 ඛාණ්ඩයේ අනුශූරතාවත් හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම් සමත් වීම විශේෂත්වයක්.
  •   සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com    
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම ශූරයන් වුනේ අවසාන මහා තරගයේදී විශේෂ කාර්ය බලකාය පරදවමින්. මීට අමතරව තවත් ශූරතාවක් හා අනුශූරතාවක් දිනා ගනිමින් මේ තරගාවලියේ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම්වලට හැකිවුනා.

තරගාවලිය පැවැත්වුනේ A,B,C,D,E,F,G,H යන ඛාණ්ඩ යටතේ. ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගත්තේ A ඛාණ්ඩයේ අවසාන තරගයේදී විශේෂ කාර්ය බලකා කණ්ඩායම පරාජය කරමින්. මීට අමතරව C.1 ඛාණ්ඩවල ශූරතාවත් C2 ඛාණ්ඩයේ අනුශූරතාවත් හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම් සමත් වීම විශේෂත්වයක්.

2023 රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනේ රාජ්‍ය අංශයේ ක්‍රිකට් කණ්ඩායම් 80කගේ සහභාගිත්වයෙන්.

තරගාවලියේ එක් එක් ඛාණ්ඩවල ජයග්‍රාහකයන්ට ශූරතා, අනුශූරතා කුසලාන සහ හොඳම පිතිකරු සහ හොඳම පන්දු යවන්නා ට සම්මාන පිරිනැමීම සිදුවුනේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ ජය සංකේත ප්‍රදානෝත්සවයට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ටී.මහේෂන් , සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් ලෝවනී පීරිස්, ශ්‍රී ලංකා ජාතික රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගි වුනා.

sport police

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...