The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැතුම් නිස්සංක විස්මිත පිතිහරඹයක

T

The Leader Desk

February 9, 2024 • 4:18 PM

පැතුම් නිස්සංක විස්මිත පිතිහරඹයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකික පිතිකරුවකු විසින් එක්දින තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව,
  • පැමිණ සිටි සීමිත නරඹන්නන් පිරිස අමන්දානන්දයට පත්කළ නිස්සංකගේ පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී නියමිත ඕවර 50 ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 381 ක් ලබාගත්තේය.
  • පන්දු යවන්නන් හය දෙනකු යොදාගත් නමුත් ඒ අතරවාරයේදී ඇෆ්ඝනිස්ථානුවන්ට දවාගත හැකිවූයේ කඩුලු 3 ක් පමණි.
  • ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගයකදී කණ්ඩායමක් රැස්කළ ලකුණු සංඛ්‍යාවන් අතුරින් මෙම ලකුණු 381 දෙවැනි වන්නේ 1996 දී ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, කෙන්යානු පිලට එරෙහිව මහනුවරදී ලබාගත් ලකුණු 398 ට පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි පැරණි හිමිකරුවා වූ සනත් ජයසූරියගේ (වසර 200දී, ඉන්දියාවට එරෙහිව සාජාහිදී 189 යි) දෑස් අබියසදීම බිඳ දැමූ පැතුම් නිස්සංක, එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් අද (09 වැනිදා) ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

පැමිණ සිටි සීමිත නරඹන්නන් පිරිස අමන්දානන්දයට පත්කළ නිස්සංකගේ පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී නියමිත ඕවර 50 ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 381 ක් ලබාගත්තේය.

පන්දු යවන්නන් හය දෙනකු යොදාගත් නමුත් ඒ අතරවාරයේදී ඇෆ්ඝනිස්ථානුවන්ට දවාගත හැකිවූයේ කඩුලු 3 ක් පමණි.

ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගයකදී කණ්ඩායමක් රැස්කළ ලකුණු සංඛ්‍යාවන් අතුරින් මෙම ලකුණු 381 දෙවැනි වන්නේ 1996 දී ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, කෙන්යානු පිලට එරෙහිව මහනුවරදී ලබාගත් ලකුණු 398 ට පමණි.

 

xfgey456
පැතුම්ගේ මෙම ලකුණු 210, වසර 53 ක ලෝක එක්දින තරග ඉතිහාසයේ පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවන් අතර පස්වැනි තැනට පිවිසෙයි. විනාඩි 230 ක් පුරා පිතිහරඹයේ යෙදුණු පැතුම්, එක්දින තරගයකදී ඕවර 50 පුරාම නොදැවී සිටි පිතිකරුවන් පස්දෙනා අතරට ද එක්විය. පන්දු 139 කට පමණක් මුහුණ දුන් පැතුම්ගේ ඉනිම හතරේ පහර 20 කින් සහ දැවැන්ත හයේ පහර 8 කින් සමන්විත විය.


කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානු නායක හෂ්මතුල්ලා ශහිදි ඇදහිය නොහැකි තීරණයක් ගනිමින්, ඉහ මොළ දවන දාහයෙන් දැවෙන අවස්ථාවක, පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

කල්වේලා නොයාම තම තීරණයේ විපාක විඳීමට ඇෆ්ඝනිස්ථානු නායකයාට සිදුවිය.

පළමු ඕවර 5 දී (ලකුණු 22) තරමක් තැන්පත්ව සිටි නිස්සංක සහ අවිශ්ක දෙදෙනා, වැඩ ඇල්ලූයේ අස්මතුල්ලා ඔමර්සායිගේ තුන්වැනි ඕවරයෙන් ලකුණු 10 ක් උදුරා ගනිමිනි. එතැන් සිට ලකුණු වේගය වැඩිකළ පිතිකරුවෝ දෙදෙනා, ප්‍රහාරාත්මක ඕවර 10 නිමා වන විට ලකුණු 90 ක් පුවරුවට එක්කළහ.

දෙදෙනාගෙන් වඩාත් ප්‍රචණ්ඩ ආක්‍රමණිකයා නිස්සංක වූ නමුත් ඔහුගේ සෑම පහරකම තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මත පිතිහරඹයයි. ලකුණු 167 ක් ලබා සිටියදී ගැසීමට උත්සාහ කළ රිවර්ස් ස්වීප් පහර වැරදී ගියේ නිස්සංක ඒ වන විට දැඩිව වෙහෙසට පත්ව සිටි බැවිනි. එහෙත් අනෙක් සියලුම පහර, මැනවින් කාලය මනිමින් ගැසූ අලංකාර පහර විය.

නිස්සංකට කදිම සහයෝගයක් දුන් අවිශ්ක පන්දු 88 කදී ලකුණු 88 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් සහ හයේ පහර 3 කින් තම ඉනිම අලංකාර කරමිනි.

සධීර සමරවික්‍රම සහ පැතුම් නිස්සංක එක්ව, පන්දු 71 කින්, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාව 120 කි.

(kelimandala.lk -දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට) 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පැතුම් නිස්සංක විස්මිත පිතිහරඹයක | The Leader