The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'අපි කොතනද ඉන්නේ කියලා බලන්න මේක හොඳ අවස්ථාවක්'

T

The Leader Desk

February 10, 2024 • 5:23 AM

 'අපි කොතනද ඉන්නේ කියලා බලන්න මේක හොඳ අවස්ථාවක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරගය ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ( පෙබරවාරි 09 වෙනිදා) සමත් විය.
  • ඇෆ්ගන් නායකයට වැරදුණු තීරණය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුකළ ආරාධනය ඔහුට පාරාවළල්ලක් බවට පත්විය.
  • ඔවුන් දෙදෙනා තරගයේ පළමු පන්දුවාර 10 තුළ දී ලකුණු 90ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය.
  • එතැනින් නොනැවතුණු පැතුම් සහ අවිශ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 182ක් එක් කිරීමට සමත් වුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරගය ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ( පෙබරවාරි 09 වෙනිදා) සමත් විය.

තරගය පැවැත්වුනේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක හෂ්මතුල්ලා ෂාහිඩි ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කෙරුණි.


ඇෆ්ගන් නායකයට වැරදුණු තීරණය


ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුකළ ආරාධනය ඔහුට පාරාවළල්ලක් බවට පත්විය.

දිර්ඝ කලකට පසුව එක්දින තරගයකදී පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ගුණවර්ධන සමත් විය.

ඔවුන් දෙදෙනා තරගයේ පළමු පන්දුවාර 10 තුළ දී ලකුණු 90ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය.

එතැනින් නොනැවතුණු පැතුම් සහ අවිශ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 182ක් එක් කිරීමට සමත් වුණි.

පන්දු 88 කදී ලකුණු 88ක් රැස් කරමින් සිටියදී අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ෆරීඩ් අහමඩ් ගේ පන්දුවක් හමුවේයි.

අවිශ්කගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස් ලකුණු 16 කට දවා ගැනීමට මොහොමඩ් නබී සමත් විය.


පැතුම් සහ සදීරගේ සබඳතාවය



කුසල් මෙන්ඩිස් ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි සදීර සමරවික්‍රම පැතුම් නිස්සංක සමග එක් වී අගනා ඉනිමක් ගොඩනගන ලදී.

ඔවුන් දෙදෙනා විසින් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නට ස්ථාවර වීමට ඉඩ ලබා නොදෙමින් පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් ලකුණු රැස් කිරීමට සමත් විය.

පැතුම් සහ සදීර ශ්‍රී ලංකා ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු සංඛ්‍යාව 120 කි.

ශ්‍රී ලංකා ඉනිමේ 03 වන කඩුල්ල ලෙස ලකුණු 45ක් රැස් කළ සදීර සමරවික්‍රම ෆරීඩ් අහමඩ් ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

801cc9b0 c777 11ee 896d 39d9bd3cadbbඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රියාත්මක කළ පැතුම් නිස්සංක පන්දු 138 ක් තුළදී නොදැවී ලකුණු 210ක් රැස් කළේ හතරේ පහරවල් 20ක් සහ හයේ පහරවල් 08ක් ද සමගිනි.


පැතුම් නිස්සංක ගේ වාර්තාගත පිතිහරඹය


ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රියාත්මක කළ පැතුම් නිස්සංක පන්දු 138 ක් තුළදී නොදැවී ලකුණු 210ක් රැස් කළේ හතරේ පහරවල් 20ක් සහ හයේ පහරවල් 08ක් ද සමගිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා බවට වාර්තා පොත් අතරට එක්වීමට පැතුම් නිස්සංක සමත් විය.

පැතුම් ගේ ඉනිමත් සමග ශක්තිමත් වූ ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 50ක් අවසානයේ දී කඩුලු 03 කට ලකුණු 381ක් ලෙස සටහන් විය.


ඇෆ්ගන් පළමු පෙළ සුනු විසුණු කළ පන්දු යැවීම


ලකුණු 382ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ප්‍රබල තර්ජනයක් ගෙන දීමට සමත් විය.

ප්‍රමෝද් මධුෂාන් සහ දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථාන ඉනිමේ පළමු පිතිකරුවන් පස් දෙනා නැවත ක්‍රීඩාගාරයට හරවා යවන විට ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 8 යි පන්දු 3 කදී ලකුණු 55ක් ලෙසයි.

44f986d0 c70d 11ee 896d 39d9bd3cadbb
ශ්‍රී ලංකාවට තර්ජනයක් වූ සබඳතාවය


ලකුණු 55 කට කඩුලු 05ක් දැවී ගොස් තිබියදී පිටියට එක් වූ මොහොමඩ් නබී සහ හස්මතුල්ලා ඕමර්සායි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් ගෙන ඒමට සමත් විය.

මොහොමඩ් නබී සහ හස්මතුල්ලා ඕමර්සායි එක්ව ඇෆ්ගනිස්ථාන ඉනිමේ 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 242ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

ඔවුන් දෙදෙනා ගේ සබඳතාවය බිද වැටුණේ ප්‍රමෝද් මධුෂාන් ගේ පන්දුවක් හමුවේ පන්දු 130 කදී ලකුණු 136ක් රැස් කර ගෙන සිටි මොහොමඩ් නබී දැවී යාමත් සමගයි.

මොහොමඩ් නබී සමග 06 වන කඩුල්ල වෙනුවෙන් අගනා සබඳතාවයක් එක් කළ හස්මතුල්ලා ඕමර්සායි සිය මංගල එක්දින ශතකය අද වාර්තා කළේය.

ඔහු ඇෆ්ගනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුයේ පන්දු 115 කදී නොදැවී ලකුණු 149ක් රැස් කරමිනි.

ඒ අනුව නියමිත පන්දු වාර 50 අවසානයේ දී ඇෆ්ගනිස්ථානය කඩුලු 06ක් දැවී ලකුණු 339ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග මාලාව තරග 03 කින් සමන්විත වේ.

ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව 07 වන ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්ථානය 09 වන ස්ථානයේ පසුවේ.


කණ්ඩායම් දෙක අතර ඉතිහාසය


ඉකුත් වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 07ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් ව ඇත.

මේ දක්වා එක්දින තරග 12කදි ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය මුණ ගැසී ඇත.

එහිදී තරග 07ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතුවන විට ඇෆ්ගනිස්ථානය තරග 04ක් ජයග්‍රහණය කිරීමට සමත්විය. එක් තරගයක් ප්‍රතිඵලයක් නොමැතිව අතහැර දමා ඇත.


21daefd0 c70e 11ee 8685 316409d66f25ඉකුත් වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 07ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් ව ඇත.


'මේක හොඳ අවස්ථාවක්'


ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය පෙබරවාරි 08 වෙනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, දිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්, සහන් ආරච්චිගේ, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරන්ත සහ ශෙවෝන් ඩැනියෙල් යන ක්‍රීඩකයින් 16 දෙනා ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇතුළත් ය.

ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ නම් කර ඇති සංචිතය පිළිබඳ සතුටුවිය හැකි බව යි.

"සංචිතය හොඳයි. ඔක්කොම වගේ දක්ෂ ක්‍රීඩකයින් ඉන්නේ."

"පසුගිය ලෝක කුසලාන තරගාවලිය එක්ක බලද්දී දැන් ඉන්න සංචිතය ශක්තිමත්. මොකද ඒ තරගාවලියේ අපේ ගොඩක් අය ආබාධ වලට ලක්වෙලා හිටියේ."

"ඇෆ්ගනිස්ථානය කියන්නේ අද වෙද්දී ලෝකයේ ඕනෑම කණ්ඩායමකට එක්දින සහ විස්සයි 20 තරගවලදී කරට කර සටනක් දෙන කණ්ඩායමක්."

"ඉදිරියේදී තියෙන ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් ඉන්නේ කොතැනද කියලා බලන්න හැකියාව ලැබෙන තරගාවලියක් මේක." ඔහු කියා සිටියේය.

e5272e90 c777 11ee ace0 c35c1b4f6d82ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය ඊයේ (පෙබරවාරි 08 වෙනිදා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.


සංචිතයේ නැති දසුන් ශානක ගැන කුසල් කියූ දේ


මේ අතර හිටපු එක්දින කණ්ඩායමේ නායකයා මෙන්ම තුන් ඉරියවු ක්‍රීඩක දසුන් ශානක මෙවර ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම් කර නොතිබීම පිළිබඳ බොහෝ ක්‍රීඩා ලෝලීන් විමතියට පත් කරවන සිදුවීමක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ දසුන් ශානක ජාතික සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කොට නැවත සිය දස්කම් අතරට පැමිණ ඉදිරියේ දී යළි කණ්ඩායමට එක්වනු ඇති බවයි.

"දසුන් ශානක ඉදිරි තරගාවලි වලට ආපහු එක්වෙයි NSL ටුනර්මන්ට් එකේදී ෆෝම් කරලා හොදට. මම එතන අඩුපාඩුවක් දකින්නේ නෑ." කුසල් මෙන්ඩිස් කියා සිටියේය.

මේ අතර හිටපු නායක දසුන් ශානක ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නොමැති වීම පිළිබඳ ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල සේවයට මෙසේ අදහස් පළ කළේය.

"අපි දකින විදිහට අවාසනාවට වගේ හිටපු නායක දසුන් ශානකට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි දසුන්ගෙන් එක්දින තරගවල ඔහුගේ ‍ලොකු දායකත්වයක් තිබුණේ නෑ. ඒ වෙනුවට සංචිතයට චාමික කරුණාරත්න කැඳවලා තියෙනවා."

8bf86c40 c70d 11ee 8685 316409d66f25ප්‍රබල දඟ පන්දු ක්‍රීඩක රෂිඩ් ඛාන් තවමත් ඔහු මුහුණ දුන් ශල්‍යකර්මයෙන් පුර්ණ සුවය ලබා නොමැති නිසා සංචිතයට එක් නොකරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇත.


ඇෆ්ගනිස්ථානයේ සුපිරි ක්‍රීඩකයාට තරගාවලිය අහිමි වෙයි



ප්‍රබල දඟ පන්දු ක්‍රීඩක රෂිඩ් ඛාන් තවමත් ඔහු මුහුණ දුන් ශල්‍යකර්මයෙන් පුර්ණ සුවය ලබා නොමැති නිසා එක්දින සංචිතයට එක් නොකරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

රෂිඩ් ඛාන් වෙනුවට කායිස් අහමඩ් එක්දින සංචිතයට කැඳවා ඇත.

ඉන්දියාව සමග පැවති විස්සයි 20 තරග මාලාවේදී ලකුණු අතරට පැමිණි ගුලාබ්දීන් නායිබ් නැවත එක්දින සංචිතයට කැඳවා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගයේදී දක්ෂතා දැක්වු වේග පන්දු ක්‍රීඩක නවීඩ් සර්දාන් ද එක්දින සංචිතයට නම් කර ඇත.

( BBC සිංහල සේවය )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අපි කොතනද ඉන්නේ කියලා බලන්න මේක හොඳ අවස්ථාවක්' | The Leader