The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාකිස්තාන මහ මැතිවරණය: රජයක් පිහිටුවන්න කාටවත් බෑ

T

The Leader Desk

February 10, 2024 • 8:54 AM

 පාකිස්තාන මහ මැතිවරණය: රජයක් පිහිටුවන්න කාටවත් බෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තාන මහ මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව පැහැදිලි රජයක් පිහිටුවීමට කිසිදු පක්ෂයක හැකියාව ලැබී නැතැයි එරට මාධ්‍ය
  • ඒ හේතුවෙන් මේ වනවිට රජයක් පිහිටුවීම සඳහා සන්ධානගත වීමට සිදුව ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.
  • දැනට පිටවී ඇති ඡන්ද ප්‍රතිපලවලට අනුව පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයන්  ආසන 98 ක් ලබා ගෙන තිබේ.
  • නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) පක්ෂය ආසන 69 ක් මේ දක්වා දිනා ඇති අතර පාකිස්තාන ජනතා පක්ෂය ආසන 51 ක් දිනා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වාර්තා කරයි.

රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය වන ආසන 169 ලබා ගැනීමට කිසිඳු දේශපාලන පක්ෂයකට මේ වන විට අවස්ථාවක් ලැබී නැත.

ඒ හේතුවෙන් මේ වනවිට රජයක් පිහිටුවීම සඳහා සන්ධානගත වීමට සිදුව ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.

දැනට පිටවී ඇති ඡන්ද ප්‍රතිපලවලට අනුව පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයන්  ආසන 98 ක් ලබා ගෙන තිබේ.

නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) පක්ෂය ආසන 69 ක් මේ දක්වා දිනා ඇති අතර පාකිස්තාන ජනතා පක්ෂය ආසන 51 ක් දිනා ඇත.

තවත් ආසන 22 ක ඡන්ද ප්‍රථිපල ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර පාලන පක්ෂ සාකච්ඡා ආරම්භ කර ඇති අතර නවාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් ප්‍රධාන දේශපාලන පක්ෂය තම දේශපාලන පක්ෂය බැවින් පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) පක්ෂය සමග අත්වැල් බැඳ ගන්නා ලෙසයි.

(lankadeepa.lk - විමුක්ති එස් රුද්‍රිගු)

සබැඳි පුවත් :
පාකිස්තාන මහමැතිවරණයේ වැඩි වාසි ඉම්රාන් ඛාන්ට


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාකිස්තාන මහ මැතිවරණය: රජයක් පිහිටුවන්න කාටවත් බෑ | The Leader