The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික් පදක්කම් නිපදවන්නේ අයිෆල් කුළුණේ කැබලිවලින්

T

The Leader Desk

February 10, 2024 • 3:01 PM

පැරිස් ඔලිම්පික් පදක්කම් නිපදවන්නේ අයිෆල් කුළුණේ කැබලිවලින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් උළෙලේ පදක්කම් සදන්නේ ප්‍රංශයේ ප්‍රතිමාමය සලකුණක් වන අයිෆල් කුළුණේ කැබලිවලින්.
  • 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ජයග්‍රහණ ලබමින් ඉතිහාසය නිර්මාණය කරන අතරතුර ප්‍රංශය හා එහි ඉතිහාසයේ කොටසක් ද පැරිස් පදක්කම්ලාභීන් ඔවුන්ගේ නිවෙස්වලට ගෙන යනු ඇත්තේ මේ පදක්කම්වල අලුත් මෝස්තරයේ නිමැවුම නිසා.
  • මීටර් 330 (අඩි 1,083)ක් උස අයිෆල් කුළුණ තනා තිබෙන්නේ යකඩ කොටස් 18,038කින්.
  • ප්‍රංශ විප්ලවයේ 100 වැනි සංවත්සරය සමරමින් පැවති 1889 ලෝක ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිකෙරුනු Gustave Eiffel ඉංජිනේරුවාගේ මේ කුළුණේ පැවැත්ම අවුරුදු 20ක් පමණක් ලෙසටයි අපේක්ෂා කෙරුනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අයිෆල් කුළුණෙන් (Eiffel Tower) ලබා ගත් ඔප දමන ලද සයකොන් යකඩ කැබැල්ලක් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හා ඉන්පසුව පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගෙලේ එල්ලන රන්, රිදී හා ලෝකඩ සෑම පදක්කමක් ම ඇතුළට ගිල්වා තිබෙන බව පැරිස් ඔලිම්පික් සංවිධායකයන් පවසන්නේ මේ විප්ලවීය මෝස්තරය පිළිබඳව කරුණු අනාවරණය කරමින්.

xcverrwer

වසර 1896 දක්වා අතීතයට දිවෙන කළින් පැවති ඔලිම්පික් උළෙල විසිනවයේ 36,600ක් පමණ වන පදක්කම්ලාභීන් කිසිම කෙනෙක් කිසිවිටෙක මෙවැනි පදක්කමක් අයිති කරගෙන නැහැ.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ජයග්‍රහණ ලබමින් ඉතිහාසය නිර්මාණය කරන අතරතුර ප්‍රංශය හා එහි ඉතිහාසයේ කොටසක් ද පැරිස් පදක්කම්ලාභීන් ඔවුන්ගේ නිවෙස්වලට ගෙන යනු ඇත්තේ මේ පදක්කම්වල අලුත් මෝස්තරයේ නිමැවුම නිසා.


මීටර් 330 (අඩි 1,083)ක් උස අයිෆල් කුළුණ තනා තිබෙන්නේ යකඩ කොටස් 18,038කින්. නමුත් එය දැන් වයසට යමින් තිබෙනවා. ප්‍රංශ විප්ලවයේ 100 වැනි සංවත්සරය සමරමින් පැවති 1889 ලෝක ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිකෙරුනු Gustave Eiffel ඉංජිනේරුවාගේ මේ කුළුණේ පැවැත්ම අවුරුදු 20ක් පමණක් ලෙසටයි අපේක්ෂා කෙරුනේ.

එහෙත් මේ ලෝක ප්‍රසිද්ධ කුළුණ තවමත් නැගිට සිටින්නේ විටින් විට එයට කෙරෙන අළුත්වැඩියාවන් හා නිරතුරු සැලකිල්ල නිසාවෙන්. වසර 135ක් පැරණි අයිෆල් කුළුන මීට පෙර පැවති ඔලිම්පික් උළෙල දෙකක සාක්කිකරුවෙක්. ඒ, 1900 සහ 1924 වසරවල පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල.

 

ඔලිම්පික් පදක්කම මැදට කාවද්දන යකඩ කෑල්ලක බර ග්‍රෑම්ස් 18ක් (අවුන්සයෙන් තුනෙන් දෙකක් පමණ). මේවා කපාගෙන තිබෙන්නේ අයිෆල් කුළුණේ සිදුකෙරුනු අළුත්වැඩියා කිරීම්වලදී එහි බාල්ක හා අනෙකුත් කොටස්වලින්. මේවා ප්‍රංශය සුරක්ෂිතව ගබඩා කරගෙන තිබුනා.

යකඩ කැබලිවල හය පැති හැඩය නියෝජනය කරන්නේ ප්‍රංශය යි. රටේ හැඩය නිසා ප්‍රංශ  ජාතීන් සමහර අවස්ථාවන්හිදී ඔවුන්ගේ රට ගැන සඳහන් කරන්නේ L’Hexagone - ෂඩස්‍රය - ලෙසින්.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් පදක්කම් 2,600ක් පමණ සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පදක්කම් 2,400ක් වශයෙන් පදක්කම් 5,084ක් නිපදවෙමින් තිබෙනවා.

රන් පදක්කමක බර ග්‍රෑම්ස් 529ක්. ඒවා තනි රත්තරං නෙවෙයි. රිදියෙන් තනා ඇති ඒ පදක්කම්වලට රන් ආලේප කර තිබෙනවා.

රිදී පදක්කමක බර ග්‍රෑම්ස් 525ක්.

ලෝකඩ පදක්කමක බර ග්‍රෑම්ස් 455ක් වන අතර ඒවා තඹ, බෙලෙක් හා සින්ක් මිශ්‍රණයක්.

හරස් අතට මිලිමීටර් 85ක දිගකින් හා මිලිමීටර් 9.2ක මහතකින් යුත් පදක්කම් පැමිණෙන්නේ තද නිල් පාට පෙට්ටියකින්. යකඩ කොටස් අයිෆල් කුළුණෙන් ම ලබා ගත් ඒවා බවට වන සහතිකයක් ද පෙට්ටියේ අඩංගුව තිබෙනවා. මේ පදක්කම්වලට මූල්‍යමය වටිනාකමක් පැරිස් සංවිධායකයින් විසින් ලබා දී නැහැ. 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...