The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

T

The Leader Desk

February 12, 2024 • 4:49 AM

ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ගනිස්ථානය සමග පැවති දෙවන එක්දින තරගය ලකුණු 155 කින් ජය ගනිමින් එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ( පෙබරවාරි 11 වැනිදා) සමත් විය.
  • තුන්වන එක්දින තරගය ලබන 14 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
  • පැතුම් නිස්සංක ලකුණු 18 කට සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 5 කට දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ.
  • ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 8 යි පන්දු 3 කදී ලකුණු 36 කට කඩුලු දෙකක් ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

තුන්වන එක්දින තරගය ලබන 14 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

 

 

කාසියේ වාසිය සහ වෙනස්කම

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

පළමු තරගයේදී ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර වෙනුවට එක්දින සංචිතයට අසිත ප්‍රනාන්දු කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි.

සාර්ථක නොවූ ආරම්භය

පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දුට ඊයේ තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා දීමට නොහැකි විය.

පැතුම් නිස්සංක ලකුණු 18 කට සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 5 කට දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 8 යි පන්දු 3 කදී ලකුණු 36 කට කඩුලු දෙකක් ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ මැද පෙළ

පළමු කඩුලු දෙක ඉක්මණින් දැවී යාමෙන් පසු පිටියට එක්වුණු නායක කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිමේ 3 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

ලකුණු 52ක් ලබා සිටියදී සදීර සමරවික්‍රම සහ ලකුණු 61ක් ලබා සිටි නායක කුසල් මෙන්ඩිස් දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ.

ඉන් පසුව පිටියට එක්වූ චරිත් අසලංක සහ ජනිත් ලියනගේ ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරමින් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක් එක් කිරීමට සමත් විය.

ජනිත් ලියනගේ ලකුණු 50ක් රැස් කළ අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක විසින් නොදැවී ලකුණු 97ක් රැස් කරනු ලැබීය.

ඒ අනුව නියමිත පන්දු වාර 50 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 308ක් රැස් කරනු ලැබීය.

btf 35
ඇෆ්ගනිස්ථාන ඉනිමේ සාර්ථක ආරම්භය


ලකුණු 308ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ඇෆ්ගනිස්ථාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස රමනුල්ලා ගුර්බාස් ලකුණු 08 කට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය.

ගුර්බාස් ගේ දැවී යාමෙන් පසු පිටියේ එක්වූ ඊබ්‍රාහිම් සර්දාන් සහ රෙහෙමත් ෂා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සබඳතාවයක් ගොඩ නගන ලදී.

ලකුණු 54ක් රැස් කර ගෙන සිටී ඊබ්‍රාහිම් සර්දාන් ගේ කඩුල්ල දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර ඉන් පසුව ලකුණු 63ක් රැස් කර ගෙන සිටි රෙහෙමත් ෂා ගේ කඩුල්ල දවා ගැනීමට වනිදු හසරංග සමත් විය.

hasa 7
ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට විනාශය ගෙනා හසරංග


එම කඩුලු දෙක දැවී යන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 29 යි පන්දු 1 කදී ලකුණු 143 කට කඩුලු 03ක් ලෙසයි.

කෙසේ වුවද ඇෆ්ගනිස්ථාන පිතිකරණ ලැයිස්තුවේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් වනිදු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් ප්‍රතිවාදී ඉනිමේ අවසන් කඩුලු 07 ලකුණු 10 කට දවා ගනු ලැබීය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවු වනිදු හසරංග ලකුණු 26 කට කඩුලු 04ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුෂංක කඩුලු 02ක බැගින් දවා ගත්හ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 155ක ජයග්‍රහණයක් හිමි කර ගනු ලැබීය.

(BBC සිංහල සේවය)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...