The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පරාද වී යළි නැගිටිමින් අයිවරි කෝස්ට් තෙවැනි අප්‍රිකානු කුසලානය දිනා ගනී

T

The Leader Desk

February 12, 2024 • 1:40 PM

පරාද වී යළි නැගිටිමින් අයිවරි කෝස්ට් තෙවැනි අප්‍රිකානු කුසලානය දිනා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයිවරි කෝස්ට් කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ නැවත නැගී සිටිමින් අප්‍රිකානු පාපන්දු කුසලානය
  • නමුත් තරගය අවසන් වීමට මිනිත්තු නවයක් තිබියදී සෙබැස්චින් ගෝලයක් ලබා ගත්තේ අයිවරි කෝස්ට් කණ්ඩායමට 2-1ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්.
  • 29 හැවිරිදි සෙබැස්චින් හෝලගේ ක්‍රීඩා දිවිය පිළිකාවක් නිසා නැවතී තිබුනා.
  • හෝල ට වෘෂණ පිළිකාවක් තිබෙන බවට හඳුනා ගැනෙන විට ඔහු ජර්මනියේ බුන්ඩස්ලිගා තරගාවලියේ Borussia Dortmund පාපන්දු සමාජය සමග 2022 වසරේ කොන්ත්‍රාත්තුව අත්සන් කර ගතව තිබුනේ සති දෙකක් පමණ යි.
අකුරු ප්‍රමාණය (Font Size):

දිනා ගැනීමේදී ඔවුන්ගේ වීරයා වුනේ සෙබැස්චින් හෝල (Sebastien Haller).

ඉරිදා රාත්‍රියේ තියුණු මුහුණුවරකින් පැවති AFCON අවසාන මහා තරගයේදී පළමුව ගෝලයක් ලබා ගත්තේ නයිජීරියාව. නමුත් තරගය අවසන් වීමට මිනිත්තු නවයක් තිබියදී සෙබැස්චින් ගෝලයක් ලබා ගත්තේ අයිවරි කෝස්ට් කණ්ඩායමට 2-1ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

Sebastien Haller
29 හැවිරිදි සෙබැස්චින් හෝලගේ ක්‍රීඩා දිවිය පිළිකාවක් නිසා නැවතී තිබුනා. නමුත් ඔහු ජයග්‍රාහීව නැවත පැමිණියේ අප්‍රිකානු මහාද්වීපයේ ලොකුම පාපන්දු වේදිකාවට. පිළිකාව පැරදවූ මේ දිරිය ක්‍රීඩකයා ඉන්පසු නයිජීරියාව ද පරදවමින් අයිවරි කෝස්ට් කණ්ඩායමට හිමිකර දුන්නේ ඔවුන්ගේ තෙවැනි අප්‍රිකානු පාපන්දු කුසලානය.

හෝල ට වෘෂණ පිළිකාවක් තිබෙන බවට හඳුනා ගැනෙන විට ඔහු ජර්මනියේ බුන්ඩස්ලිගා තරගාවලියේ Borussia Dortmund පාපන්දු සමාජය සමග 2022 වසරේ කොන්ත්‍රාත්තුව අත්සන් කර ගතව තිබුනේ සති දෙකක් පමණ යි. කෙසේ වෙතත්, පසුගිය වසරේ ජනවාරි වන විට ඔහු සුවය ලබා ඇති බවට වෛද්‍යවරු නිගමනය කිරීමෙන් පසුව සෙබැස්චින් හෝල ඔහුගේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග බිමට පිවිසියේ තමාගේ  ‘පූමා’ සපත්තුවල සඳහන් කර තිබූ ඉතාමත් පෞද්ගලික පණිවුඩයක් ද සමග.

පිළිකාවට අභියෝග කරමින් ඒ සපත්තුවල F*** CANCER යනුවෙන් මුද්‍රණය කර තිබුනේ u අකුර වෙනුවට අකුණ ලකුණ යොදමින්.

fck cancer


මීට පෙර 1992 හා 2015 වසරවලදී අයිවරි කෝස්ට් අප්‍රිකානු පාපන්දු කුසලානය දිනා ගත්ත ද ඒ අවස්ථා දෙකේදීම ඔවුන්ගේ ජයග්‍රහණ වාර්තා වුනේ පෙනල්ටිවලින්.

අයිවරි කෝස්ට් කණ්ඩායම තරගයේ පසුපසින් සිට නැවත සටනට අවතීර්ණව නයිජීරියාව පරදා අත්කර ගත්තේ ඔවුන්ගේ සිහින AFCON කුසලානයක්. මේ ජයග්‍රහණයට පළිගැනීමේ වින්දනයක්ද ඇතුළත්ව තිබුනේ තරගාවලියේ මූලික වටයේ මේ කණ්ඩායම් දෙක මුණගැසුනු අවස්ථාවේදී අයිවරි කෝස්ට් කණ්ඩායම 1-0ක පරාජයක් ලැබ තිබීම නිසා.
kjdbksdf

Elephants ලෙසින් හැඳින්වෙන අයිවරි කෝසට් ජාතික පාපන්දු  කණ්ඩායම මෙවර අප්‍රිකානු කුසලාන අවසාන තරගයට පිවිසීම පිටුපස තිබුනේ සුරංගනා කතාවක්. තරගාවලියේ කළින් පැවති තරගවලදී දෙවතාවක් පරාජයේ නීරස විඳි අයිවරි කෝස්ට් ඒ පරාජයන් හේතුවෙන් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු පවා තනතුරෙන් නෙරපා දැමුවා.

අවසාන තරගයේ පළමු ගෝලය 38 වැනි මිනිත්තුවේදී ලබා ගත්තේ නයිජීරියා නායක William Troost-Ekong. දෙපිල අතර පැවති මූලික තරගයේදී ද නයිජීරියාවේ ජයග්‍රාහී එක ම ගෝලය ලබා ගත්තේ Troost-Ekong.

ඉරිදා තරගයේදී Franck Kessie 62 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් Elephants 1-1 සමතත්ත්වයට ගෙන ඒමෙන් පසුව සෙබැස්චින් හෝල 81 වැනි මිනිත්තුවේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.

ඒ ගෝලයත් සමග ඇබජාන් නගරයේ හා මිලියන 27.5ක ජනතාවක් වෙසෙන අයිවරි කෝස්ට් රටේ සෙසු පළාත්වල ආරම්භ වූ ප්‍රීති උත්සව රැය පහන් වනතුරු ම නොනැවතී පැවතුනා.

අයිවරි කෝස්ට් කණ්ඩායම අප්‍රිකානු පාපන්දු කීර්තිය අත්කර ගන්නා අයුරු එරට වෙනුවෙන් ගෝල් 65ක් ලබා ගත් පාපන්දු පුරාවෘත්තය වන Didier Drogba ද ක්‍රීඩා මණ්ඩපයේ සිට නරඹමින් සිටියා. කෙසේ වෙතත් 45 හැවිරිදි Drogba ට වඩා තරගය පුරා රූපවාහිනී කැමරාවන් යොමුව තිබුනේ ඔහු අසලින් අසුන් ගෙන තරගය නරඹමින් සිටි සුරූපී පෙම්වතිය Gabrielle Lemaire වෙත.

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...