The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝ අනුශූර පදක්කම සෙනඟ අතරට විසිකරයි

T

The Leader Desk

February 15, 2024 • 9:00 AM

රොනාල්ඩෝ අනුශූර පදක්කම සෙනඟ අතරට විසිකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රියාද් කුසලාන පාපන්දු අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තමා තෝරා නොගැනීමෙන් උරණ වූ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පිටියෙන් ඉවත්ව ගියේ ඔහුගේ අතේ තිබූ අනු ශූර පදක්කම සෙනඟ අතරට විසි කරමින්.
  •     අනතුරුව පැවති තිළිණ ප්‍රදානෝත්සවයේදී අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස Milinkovic-Savic හා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස Aleksandar Mitrovic යන අල්-හිලාල් ක්‍රීඩකයන් තිළිණ ලබා ගනු රොනාල්ඩෝ බලා සිටියේ ඈතක සිට.
  • ‘මෙසී, මෙසී, මෙසී’ යනුවෙන් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා ලෝලීන්ගේ කෑගැසීම ගණන් නොගෙන සිටීමට 39 හැවිරිදි රොනාල්ඩෝ ට නොහැකි වුනා.
  • මෙසී නෙවෙයි” කියා රොනාල්ඩෝ තරහින් ප්‍රතිචාර දක්වන අයුරු සමාජ මාධ්‍ය වීඩියෝවලින් දිස්වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):


රොනාල්ඩෝගේ අල්-නසර් කණ්ඩායම රියාද් කුසලාන පාපන්දු අවසාන තරගයේදී අල්-හිලාල් කණ්ඩායමට ගෝල් 2-0කින් පරාජය වුනා.

 

 

අනතුරුව පැවති තිළිණ ප්‍රදානෝත්සවයේදී අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස Milinkovic-Savic හා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස Aleksandar Mitrovic යන අල්-හිලාල් ක්‍රීඩකයන් තිළිණ ලබා ගනු රොනාල්ඩෝ බලා සිටියේ ඈතක සිට. තරගයේ පරාජයෙන් පසුව දුටු මේ දර්ශනයෙන් කෝපයට පත් රොනාල්ඩෝ පිටියෙන් ඉවතට යන්න පටන් ගත්තා. නමුත් ඊට පෙර ඔහු තරගාවලියේ අනුශූරයින් ලෙස ලැබුනු රිදී පදක්කම අහසට විසිකළේ එය සෙනඟ අතර පතිත වන අයුරින්. 

පෘතුගාලයේ රොනාල්ඩෝ ට මෙය තවත් නීරස පරාජයක් බවට පත්වූයේ මීට පෙර පැවති අරාබි ක්‍රීඩා සමාජ ශූරතා කුසලාන තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා සම්මානය පිරිනැමීමේදීත් ඔහු Milinkovic-Savic සර්බියානු ක්‍රීඩකයා ට ම පරාජය වූ නිසා.

 

GF2QNMbXEAAEm6mMilinkovic-Savic
රියාද් කුසලාන අවසාන තරගයේදීත් එක් ගෝලයක් ලබා ගත්තේ Milinkovic-Savic. අනෙක් ගෝලය Salem Aldawsari ලබා ගත් අතර සෞදි වෘත්තීය ලීගයේ පෙරමුණේ සිටින අල්-හිලාල් කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් හිමිවුනා. 

එය රොනාල්ඩෝ විසින් අමතක කර දැමිය යුතු රාත්‍රියක් වන්නේ තරහෙන් පිපිරෙමින් සිටි ඔහු වැරදි හේතුන් මත සිරස්තල නිර්මාණය කළ බැවින්.

‘මෙසී, මෙසී, මෙසී’ යනුවෙන් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා ලෝලීන්ගේ කෑගැසීම ගණන් නොගෙන සිටීමට 39 හැවිරිදි රොනාල්ඩෝ ට නොහැකි වුනා.

 


“මෙතන ඉන්නේ මම යි. මෙසී නෙවෙයි” කියා රොනාල්ඩෝ තරහින් ප්‍රතිචාර දක්වන අයුරු සමාජ මාධ්‍ය වීඩියෝවලින් දිස්වුනා.

අල්-නසර් නායකයාගේ කෝපය ඇවිස්සුනු තවත් අවස්ථාවක් වූයේ ක්‍රීඩා ලෝලීන් සිටින මණ්ඩපය තුළට ඔහු පන්දුව වේගයෙන් දමා ගැසීම නිසා තරග විනිසුරු විසින් ඔහුට ‘කහ කාඩ්පත’ පෙන්වූ මොහොත. ප්‍රතිවාදී පිලට නිදහස් පහරක් ලබා දීමට ගත් තීරණය පිළිබඳව අප්‍රසාදය පළ කිරීම සඳහායි ඔහු පන්දුව එසේ ක්‍රීඩා මණ්ඩපයට දමා ගැසුවේ.

 

රොනාල්ඩෝගේ මේ නොමනා හැසිරීම ඉන් නැවතුනේ නැහැ. ඔහු ක්‍රීඩාංගණයේ උමඟ දිගේ යාමට පෙර ක්‍රීඩා ලෝලියෙක් අල්-හිලාල් කමිසයක් ඔහු වෙත විසි කළ අතර රොනාල්ඩෝ එය අහුලා ගෙන නැවත සෙනඟ දෙසට විසිකළේ ඒ කමිසය ඔහුගේ කලිසම් කරුවේ ඇතිල්ලීමෙන් පසුව.

රොනාල්ඩෝව කෝපයට පත් කිරීමේ අරමුණින් ඒ රාත්‍රියේ ඔහු වෙත දමා ගසනු ලැබුවේ ප්‍රතිවාදී කණ්ඩායමේ කමිස පමණක් බව වීඩියෝවේ පෙනෙන්නට තිබුනා.

 



WWE මල්ලවපොර ජනප්‍රිය තරුවක් වන The Undertaker නමින් හැඳින්වෙන මාක් විලියම් කැලවේ (Mark William Calaway) ඔහුගේ සම්පූර්ණ WWE ඇඳුම් ආයිත්තමින් සැරසී අනපේක්ෂිත ලෙසින් Kingdom Arena ක්‍රීඩාංගණයේ පෙනී සිට තරගාවලියේ ප්‍රධාන කුසලානය පිරිනැමීම විශේෂ සිදුවීම්වලින් පිරුණු මේ රාත්‍රියට එක්වුනු තවත් විශේෂත්වයක්. 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රොනාල්ඩෝ අනුශූර පදක්කම සෙනඟ අතරට විසිකරයි | The Leader