The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික් ආජන්ටිනා කණ්ඩායමට ක්‍රීඩා කරන්නැයි ලිඔනල් මෙසීට ආරාධනා

T

The Leader Desk

February 15, 2024 • 11:16 AM

පැරිස් ඔලිම්පික් ආජන්ටිනා කණ්ඩායමට ක්‍රීඩා කරන්නැයි ලිඔනල් මෙසීට ආරාධනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ආජන්ටිනා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරන ලෙසට ලිඔනල් මෙසී ට ආරාධනය කර තිබෙනවා.
  • වැඩිමහළු ක්‍රීඩකයෙකු ලෙසින් කණ්ඩායමට එක්වන ලෙසට ඔහු මෙසී ට මේ ආරාධනාව කර තිබෙන්නේ ආජන්ටිනාව වර්තමාන ඔලිම්පික් පාපන්දු රන් පදක්කම්ලාභීන් වන බ්‍රසීලය 1-0කින් පරදවා මේ වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව.
  • ඒ, ඔහු වයස අවුරුදු 21ක්ව සිටියදී 2008 වසරේ  බෙයිජිං හි දී ආජන්ටිනාව ඔලිම්පික් කීර්තිය කරා මෙහෙයවූ අවස්ථාවේදී හිමිකර ගත් පදක්කම.
  • ඒ වසරේ ඔලිම්පික් අවසාන තරගයේ නයිජීරියාව පරාජය කිරීමෙන් පසුව මෙසී ප්‍රකාශ කළේ රන් පදක්කමක් දිනා ගැනීම තමා වැඩියෙන්ම ආදරය කරන ත්‍යාගය බව.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නැවත වතාවක් ඔලිම්පික් උළෙලක ආජන්ටිනාව නියෝජනය කිරීම පිණිස මෙසී ට මං විවර කර දී තිබෙන්නේ එරට අවුරුදු 23න් පහළ පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හැවීඒ මැෂරානෝ (Javier Mascherano). වැඩිමහළු ක්‍රීඩකයෙකු ලෙසින් කණ්ඩායමට එක්වන ලෙසට ඔහු මෙසී ට මේ ආරාධනාව කර තිබෙන්නේ ආජන්ටිනාව වර්තමාන ඔලිම්පික් පාපන්දු රන් පදක්කම්ලාභීන් වන බ්‍රසීලය 1-0කින් පරදවා මේ වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව.

මෙසී හා මැෂරානෝ අතර සමීප සබඳතාවක් තිබෙන්නේ දෙදෙනා ම ඔවුනොවුන්ගේ ක්‍රීඩා ජීවිත තුළ බාසිලෝනා සමාජ කණ්ඩායමට හා ආජන්ටිනා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට එකට ක්‍රීඩා කර තිබීම නිසා. 

 

mes
ආජන්ටිනා ඔලිම්පික් පාපන්දු සංචිතයට පැමිණෙන ලෙසට සිය හිටපු කණ්ඩායම් සගයා කරන ආරාධනාව මෙසී පිළිගතහොත් දෙදෙනා ට නැවත වරක් එක්වීමට අවස්ථාව උදා වී තිබෙනවා.

“මෙසී වැනි ක්‍රීඩකයෙකුට අපත් සමග ඔලිම්පික් යාමේ දොරටු විවෘත වී තියෙනවා. එහෙත් එය පැහැදිලිවම රඳා පවතින්නේ ඔහු සහ ඔහුගේ කැපවීම මත” යනුවෙන් මැෂරානෝ පවසනවා.

වාර්තාගත අටවැනි වතාවටත් 'බෙලීන් ඩෝ' සම්මානය ලයනල් මෙසී ට

 

‘බැලන් ඩි ඔ්ර්’ සම්මානය අට වතාවක් දිනා ගත් ලිඔනල් මෙසී පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ආජන්ටිනාවේ තරුණයන් සමග එක්වනවාද යන්න පිළිබඳව තවමත් අනාවරණය කර නැහැ. නමුත් බ්‍රසීලයට එරෙහිව ආජන්ටිනාව ඉරිදා ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙසී VAMOS!!! යනුවෙන් සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් තබා තිබුනා.  

Argentinian forward Lionel Messi kisses his gold medal as he leaves the pitch after attending the men's Olympic football tournament medal ceremony at the national stadium in Beijing during the 2008 Beijing Olympic games on August 23, 2008. Argentina won gold ahead of Nigeria and Brazil.       AFP PHOTO / FRANCK FIFE (Photo credit should read FRANCK FIFE/AFP via Getty Images)මෙසීගේ මිල අධික කුසලාන කැබිනෙට්ටුවේ ඔලිම්පික් රන් පදක්කමක් දැනටමත් තිබෙනවා. ඒ, ඔහු වයස අවුරුදු 21ක්ව සිටියදී 2008 වසරේ  බෙයිජිං හි දී ආජන්ටිනාව ඔලිම්පික් කීර්තිය කරා මෙහෙයවූ අවස්ථාවේදී හිමිකර ගත් පදක්කම.

ඒ වසරේ ඔලිම්පික් අවසාන තරගයේ නයිජීරියාව පරාජය කිරීමෙන් පසුව මෙසී ප්‍රකාශ කළේ රන් පදක්කමක් දිනා ගැනීම තමා වැඩියෙන්ම ආදරය කරන ත්‍යාගය බව. ඔහු එදා එසේ කීවේ ආජන්ටිනාව සමග 2022 ලෝක පාපන්දු කුසලානය දිනා ගැනීමට පෙර.

මෙසී ක්‍රීඩා කිරීමට එකඟ වුවහොත් එය ආජන්ටිනාවේ තරුණ පාපන්දු ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඔලිම්පික් කණ්ඩායමට සිහිනයක් වනු ඇත්තේ ඔහුගේ පළපුරුද්ද හා නිර්මානාත්මක ක්‍රීඩාව ආජන්ටිනාව නැවත වතාවක් ඔලිම්පික් රන් පදක්කම කරා ගෙන යනු නොඅනුමාන බැවින්.

NINTCHDBPICT000496744760ජෙරොම් වොතෙන්

 

මේ අතර, හිටපු Paris Saint-Germain (PSG) ක්‍රීඩා සමාජයේ හා ප්‍රංශ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක ජෙරොම් වොතෙන් (Jerome Rothen) ඔහු ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා තිබෙන්නේ තම රටේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ආජන්ටිනාව නියෝජනය කිරීමට මෙසී පැමිණියහොත් ඔහුට “හූ...” කියන ලෙසට.

මේ වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ලිඔනල් මෙසී ට හුරුපුරුදු වටපිටාවක. ඒ, ඔහු 2021 සිට 2023 දක්වා කාලය තුළ PSG ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් පැරිසියේ කල් ගෙවූ බැවින්. එහෙත් වොතෙන් කියන්නේ ඒ කාලය තුළ මෙසී ප්‍රංශයටවත් පැරිසියටවත් ගරු නොකළ බව. ඔහුගේ මේ ප්‍රකාශය නිසා මෙසී ට නැවත පැරිසියේදී හොඳ පිළිගැනීමක් ලැබීම සැකසහිත යි.

 

“මෙසී අපට ආපසු නොදුන් දේ ගැන අපි අමතක නොකළ යුතුයි. පැරිසියේ ජීවත් වීම මහත් දුර්භාග්‍යයක් බව ඔහු ප්‍රකාශ කළා. තමන්ට අයිති යැයි සිතන සාදර පිළිගැනීම තමන්ට නොලැබුනු බව ඔහු කීවා. එය විකාර කියමනක්” යැයි වොතෙන් කියා සිටියා.

“ඔහු Neymar වගේ අයිෆල් කුළුණටත් උඩින් සැළකුම් ලැබුවා. ඔහු පැමිණි සෑම අවස්ථාවකම හැම ප්‍රංශ ජාතිකයෙක්ම ඔහුට ගෞරව කළා. ඊට ගෞරවයක් ඔබ ආපසු බලාපොරොත්තු වුනත් ඔහුගෙන් එය කවදාවත් ලැබුනේ නැහැ.”

 

mbappe
මීට අමතරව, කටාර් දේශයේ පැවති පසුගිය ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගයේදී ප්‍රංශයේ පරාජයට වගකිව යුත්තේ මෙසී බවටයි ප්‍රංශ‌ ක්‍රීඩා ලෝලීන්ගේ මතය වී තිබෙන්නේ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...