The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා නාමය හෑල්ලුවට ලක්කල මුආතයි තරඟාවලිය

T

The Leader Desk

February 15, 2024 • 5:38 PM

ශ්‍රී ලංකා නාමය හෑල්ලුවට ලක්කල මුආතයි තරඟාවලිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දක්ෂයන්ට නිසි තැන නොලැබීම කලක පටන් මෙරට ක්‍රීඩාව අරක්ගත් පිළිලයක්.
  • ජාත්‍යන්තරය ශ්‍රී ලංකා නාමය නියෝජනය කරන සටන් තරඟාවලියක් අවම වශයෙන් සටන්කරුවෙකුට තිබිය යුතු ශරීර යෝග්‍යතාවයවත් මොවුන්ට තිබේද යන්න ප්‍රශ්නයක්.
  • මූල්‍යමය දුෂ්කරතා ඇතුළු අනේකවිද දුෂ්කරතා මධ්‍යයේ ක්‍රීඩාව වෙනුවෙන් තම දහඩිය හෙලමින් ජත්‍යන්තරයේ ශ්‍රී ලංකා නාමය බබළවන බොහෝ ක්‍රීඩකයන්ට බලධාරීන්ගේ පිළිගැනීමක් තියා නිසි වටිනාකමක්වත් නොලැබෙන පසුබිමක මෙරට ක්‍රීඩාවේ අනාගතයට කාගේ පිහිටක් ද?
  • එබැවින් ඕනෑම ක්‍රීඩාවක පුද්ගලික වාසි නොබලා දක්ෂයන්ට නිසි තැන ලැබුණහොත් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීම පවා සිහිනයක් නොවනු ඇති බව  ක්‍රීඩාව කරවන බලධාරින් තරයේ සිහිය තබාගත යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම නිසාම කෙතරම් දක්ෂයන් මෙරට ක්‍රීඩාව තුළ සිටියත් ක්‍රීඩාව කරවන බලධාරින් සිය හුදු වාසි වෙනුවෙන් දක්ෂයන්ව නොසලකා හැරීමෙන් මෙරට ක්‍රීඩාවද ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වෙනවා.

එවැනි සිද්ධියක් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පැවති මුආතයි තරඟාවලියකදී වාර්තා වුණා.

මෙම තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා මුආතයි සංගමය මගින් සහභාගි කරවා තිබුණා

කෙසේ වෙතත් මුආතයි සංගමය මගින් ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන සටන් තරඟාවලියකට අදාළ ක්‍රීඩකයන් තෝරා ගත්තේ කුමන පදනමක් මත ද යන්න ප්‍රශ්නකාරීයි.

එය තවදුරටත් තහවුරු වන්නේ එම ක්‍රීඩකයන් සටන් වළල්ල තුළ පෙන්නුම් කළ අතිශය දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන්.

අදාළ තරඟය බැලූ ඕනෑම කෙනෙක්ට අසන්නට සිටින්නේ ජත්‍යන්තරයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට මීට වඩා දක්ෂයන් අප රට තුළ නැද්ද යන්නයි.

ජාත්‍යන්තරය ශ්‍රී ලංකා නාමය නියෝජනය කරන සටන් තරඟාවලියක් අවම වශයෙන් සටන්කරුවෙකුට තිබිය යුතු ශරීර යෝග්‍යතාවයවත් මොවුන්ට තිබේද යන්න ප්‍රශ්නයක්.

ඒ තුළින් ම හෑල්ලුවට ලක්වන්නේ මෙරට ක්‍රීඩාව පමණක් නොව ශ්‍රී ලංකා නාමයයි.

තත්ත්වය එසේ වුවත් ‍ක්‍රීඩා රාජ්‍ය ඇමතිවරයා පවා කඩිමුඩියේ ඔවුන්ව පිළිගන්නට බණ්ඩාරනායක ගුවන් තොටුපළට එක්වන්නේ කුමන පදනමක් මත ද යන්න ප්‍රශ්නකාරීයි.

මූල්‍යමය දුෂ්කරතා ඇතුළු අනේකවිද දුෂ්කරතා මධ්‍යයේ ක්‍රීඩාව වෙනුවෙන් තම දහඩිය හෙලමින් ජත්‍යන්තරයේ ශ්‍රී ලංකා නාමය බබළවන බොහෝ ක්‍රීඩකයන්ට බලධාරීන්ගේ පිළිගැනීමක් තියා නිසි වටිනාකමක්වත් නොලැබෙන පසුබිමක මෙරට ක්‍රීඩාවේ අනාගතයට කාගේ පිහිටක් ද?

එබැවින් ඕනෑම ක්‍රීඩාවක පුද්ගලික වාසි නොබලා දක්ෂයන්ට නිසි තැන ලැබුණහොත් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීම පවා සිහිනයක් නොවනු ඇති බව  ක්‍රීඩාව කරවන බලධාරින් තරයේ සිහිය තබාගත යුතුයි.
Muthai

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...