The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් සුදුසුකම් ලැබීම අපේක්ෂාවයි - මලල ක්‍රීඩා සභාපති

T

The Leader Desk

February 16, 2024 • 3:02 PM

ඔලිම්පික් සුදුසුකම් ලැබීම අපේක්ෂාවයි - මලල ක්‍රීඩා සභාපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ පසුගිය වසර 10-15 වකවානුව දෙස බලන විට හොඳම වසර බවට
  • කෙසේ වෙතත්, ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් ඒ සඳහා අවශ්‍ය ලකුණු ලබා ගැනීම සහ හැකියාවන් පෙන්නුම් කිරීම කළ යුතුව තිබෙන අතර ඒ සඳහා 2023 ජූලි 1 සිට 2024 ජූනි 30 දක්වා කාලයක් ලබා දී තිබෙනවා.
  • මේ අවස්ථාව ලබා ගැනීම පිණිස විදෙස් තරගාවලියන් කිහිපයකට අයදුම් කරන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහතා THE LEADER සමග පැවති විශේෂ සාකච්ඡාවකදී කියා සිටියා.
  • “පහුගිය අවුරුදු දහයක් පහළොවක් ගත්තම 2023 තමයි අපේ හොඳම වසර කියලා කියන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

2023 පත්ව තිබෙන්නේ ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයේ වැඩි දස්කම් ප්‍රදර්ශනය කළේ ඒ ගෙවී ගිය වර්ෂයේ බැවින්.

මේ දක්ෂතා අඩිතාලමක් කරගෙන මේ වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු කරමින් සිටිනවා.

Palith Fanando 1කෙසේ වෙතත්, ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් ඒ සඳහා අවශ්‍ය ලකුණු ලබා ගැනීම සහ හැකියාවන් පෙන්නුම් කිරීම කළ යුතුව තිබෙන අතර ඒ සඳහා 2023 ජූලි 1 සිට 2024 ජූනි 30 දක්වා කාලයක් ලබා දී තිබෙනවා. මේ අවස්ථාව ලබා ගැනීම පිණිස විදෙස් තරගාවලියන් කිහිපයකට අයදුම් කරන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහතා THE LEADER සමග පැවති විශේෂ සාකච්ඡාවකදී කියා සිටියා.

“පහුගිය අවුරුදු දහයක් පහළොවක් ගත්තම 2023 තමයි අපේ හොඳම වසර කියලා කියන්න පුළුවන්. ඒ අවුරුද්දේ අපි සියළුම ආසියානු තරගාවලියන්ටත් පොදුරාජ්‍ය මණ්ඩල යෞවන ක්‍රීඩා උළෙලටත් සහභාගි වුනා. මේ සියළු තරගවල අපේ සාර්ථකත්වයන් තිබුනා. අපි පදක්කම් දිනා ගැනීමට සමත් වුනා. විශේෂයෙන් අවුරදු 17කට පසුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් හතරක් (රන් 1, රිදී 1, ලෝකඩ 2) දිනා ගත්තා” යනුවෙන් පාලිත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නා. 

 
tharushi nadeesha
චීනයේ හැංෂු නුවර පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේ තරුෂි කරුණාරත්න. නදීෂා ඩිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම හිමිකර ගත්තා. අරුණ දර්ශන, පබසර නිකු, ආර්.එම්.රාජකරුණා හා කාලිංග කුමාරගේ සමන්විත කණ්ඩායම මීටර් 4x400 සහාය දිවීම ලෝකඩ පදක්කම දිනා ගත් අතර එහි කාන්තා ඉසව්වේදී නදීෂා රාමනායක, එම්.එච්.උත්තරා, සයුරි ලක්ෂිමා මෙන්ඩිස් හා තරුෂි කරුණාත්න ඇතුළත් කණ්ඩායම ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.

මෙය ශ්‍රී ලංකාව 2023 වසරේ සහභාගි වූ අවසන් තරගාවලියයි. ඊට පෙර, උස්බෙකිස්තානයේ පැවති 5 වැනි  ආසියානු යෞවන මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී හා ලෝකඩ පදක්කම් 2 බැගින් ශ්‍රී ලංකාව හිමිකර ගත්තා. රිදී දිනුවේ රිටි පැනීමෙන් තුෂේන් සිල්වා හා උස පැනීමෙන් නිලුපුල් පැහැසර තේනුජා. අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු පැනීම ලෝකඩ පදක්කම හිමිකර ගත් අතර අනෙක් ලෝකඩ පදක්කම ලබා ගත්තේ කසුනි නිර්මාලි වික්‍රමසිංහ. ඒ, මීටර් 800 ඉසව්වෙන්.

දකුණු කොරියාවේදී ජූනි මාසයේ පැවති 20 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් වුනා. එහිදී, සුවිශේෂ දස්කම් ප්‍රදර්ශනය කරමින් තරුෂි කරුණාරත්න රන් හා රිදී පදක්කම්වලින් ලක්මෑණියගේ ගෙල සැරසුවේ මීටර් 800 පළමු ස්ථානයත්, මීටර් 400 දෙවැනි ස්ථානයත් දිනාගෙන. ඇය ද ඇතුළත් මීටර් 4x400 සහාය දිවීමේ කණ්ඩායම මේ ක්‍රීඩා උළෙලේ අනෙක් ශ්‍රී ලංකා රන් පදක්කම දිනා ගත්තා.ලෝකඩ පදක්කම් දෙක හිමිකර ගත්තේ එම්.එස්.ජේ.උත්තරා (මීටර් 400) සහ මලිත් යසිරු (තුන්පිම්ම).

ශ්‍රී ලංකාවෙන් තවත් සුවිශේෂී ක්‍රීඩාවක් දිස්වුනේ ජූලි මාසයේ බැංකොක් නුවර පැවති 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ. එහිදී රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා. රන් පදක්කම්ලාභීන් වුනේ නදීෂා රාමනායක (මීටර් 400), තරුෂි කරුණාරත්න (මීටර් 800) හා මීටර් 4x400 සහාය දිවීමේ කණ්ඩායම.

මෙහිදී තරුෂි කරුණාරත්න වාර්තා කළ මිනිත්තු 2:තත්පර 00.66 කාලය නව ආසියානු ශූරතා වාර්තාවක් වූ අතර අරුණ දර්ශන, ආර්.එම්.රාජකරුණා, පබසර නිකු හා කාලිංග කුමාරගේ ගෙන් සමන්විත සහාය දිවීමේ කණ්ඩායම සටහන් කළ 3:01.56 කාලය ද නව ආසියානු ශුරතා වාර්තාවක්.
 
team
බැංකොක් හි දී රිදී පදක්කම් 2 හිමිකර ගත්තේ තරුෂි කරුණාරත්න, එම්.ඒ.හර්ෂනි ප්‍රනාන්දු, සයුරි ලක්ෂිමා මෙන්ඩිස් හා නදීෂා රාමනායක ඇතුළත් වූ මීටර් 400 සහාය දිවීමේ කාන්තා කණ්ඩායම සහ නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ, තරුෂි කරුණාරත්න හා අරුණ දර්ශනගෙන් යුත් මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම.

ගයන්තිකා අබේරත්න මීටර් 800 හා මීටර් 1500 ඉසව්වල ලෝකඩ පදක්කම් හිමිකර ගත් අතර නදීශා ඩිල්හානි ලේකම්ගේ මීටර් 60.93ක් දුර හෙල්ල විසිකරමින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමින් වීම විශේෂත්වයක්.
 
ayomal
ට්‍රිනිඩෑඩ් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩල යෞවන ක්‍රීඩා උළෙලේදී අයොමාල් අකලංක මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත් අතර නිලුපුල් පැහැසර උස පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ලබා ගත්තා.

“2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අපි කෙසේ හෝ සුදුසුකම් ලබා ගත යුතුයි යන මතයට ආවේ 2023 වසරේ ලැබූ මේ ජයග්‍රහණ නිසායි. මලල ක්‍රීඩාවේ අපි ඉන්නේ කොතනද කියා අපේ තත්ත්වය හරිහැටි හඳුනා ගත්තේ ඒ වසරේදීයි” පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

Palith Fanando3“ඔලිම්පික් යන්න සුදුසුකම් ලබා ගැනීම පිණිස අපි ජාත්‍යන්තර තරග කිහිපයකට ඉල්ලුම් කර තියෙනවා. ඒ තරගවල දක්වන දක්ෂතා අනුවයි අපට ඔලිම්පික්වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් කරන්න වෙන්නේ” මේජර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

පැරිස් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ උත්සාහයක නිරත වීම සඳහා පුරප්පාඩු ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ඉල්ලා තිබෙන තරගාවලියන් වන්නේ ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ ඩෝහා ඩයමන්ඩ් ලීගය, චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා මලල ක්‍රීඩා තරගාවලිය, බහමාස් ලෝක සහාය දිවීමේ තරගාවලිය හා ඩුබායි ග්‍රොන් ප්‍රී තරගාවලිය.

මේ තරගාවලියන් සඳහා මීටර් 400 සහාය දිවීමේ පිරිමි කණ්ඩායම (අරුණ දර්ශන, පබසර නිකු, ආර්.එම්.රාජකරුණා, කාලිංග කුමාරගේ), තරුෂි කරුණාරත්න (මීටර් 800), ගයන්තිකා අබේරත්න (මීටර් 1500), නදීශා ඩිල්හානි ලේකම්ගේ (හෙල්ල විසිකිරීම), යුපුන් අබේකෝන් (මීටර් 100), අරුෂ දර්ශන හා කාලිංග කුමාරගේ (මීටර් 400 ස්ථාන දෙකක් වෙනුවෙන්) සහ නදීශා රාමනායක (මීටර් 400) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අපේක්ෂා කරනවා.

“ඔලිම්පික් සුදුසුකම් ලබන්න මීටර් 400 සහාය දිවීමේ පිරිමි කණ්ඩායම අප්‍රේල් අගදී බහාමාස් තරගාවලියට යවන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ සහාය දිවීමේ කණ්ඩායමේ තිබෙන යෂ්ටි හුවමාරුවේ දුර්වලතාව ගිය අවුරුද්දේ අපි දුටු දෙයක්. ඒක හදා ගත යුතුයි” පාලිත ප්‍රනාන්දු මහතා පවසනවා.

තරුෂි කරුණාරත්න වැනි ඉතා තරුණ ක්‍රීඩිකාවන් රැක ගැනීම පිණිස විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇතැයිද මලල ක්‍රීඩා සභාපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔලිම්පික් සුදුසුකම් ලැබීම අපේක්ෂාවයි - මලල ක්‍රීඩා සභාපති | The Leader