The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හෙන්රි රෝනෝ: තවත් කෙන්යානු දුර ධාවකයෙක් මිය යයි

T

The Leader Desk

February 16, 2024 • 3:29 PM

හෙන්රි රෝනෝ: තවත් කෙන්යානු දුර ධාවකයෙක් මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැරතන් ලෝක වාර්තාව උසුලමින් සිටි කෙල්වින් කිප්ටම් මිය යාමෙන් පසුව දැන් තවත් කෙන්යානු දුර දිවීමේ ධාවකයෙකුගේ
  • දුර දිවීමේ ලෝක වාර්තා විනාශ කරන්නෙකු වූ මේ ධාවකයා 1978 වසරේ දින 81ක් ඇතුළත ලෝක වාර්තා හතරක් බිඳ දැමීමට සමත් වුනා.
  • නමුත් ඒ අවධියේ 1978 අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ ඔහු මීටර් 3000, මීටර් 5000, මීටර් 10,000 සහ මීටර් 3000 බාධක දිවීම ඉසව්වල ලෝක වාර්තා පිහිටුවූවා.
  • කෙසේ වෙතත්, ඔහුට කිසිදිනෙක ඔලිම්පික් යාමට වරම් නොලැබුනේ කෙන්යානුවන් 1976 හා 1980 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්ජනය කළ බැවින්.
අකුරු ප්‍රමාණය (Font Size):

මරණයක් වාර්තා වෙනවා. 72 වැනි වියේ පසුවෙමින් සිටියදී මිය ගොස් තිබෙන්නේ හෙන්රි රෝනෝ (Henry Rono).

දුර දිවීමේ ලෝක වාර්තා විනාශ කරන්නෙකු වූ මේ ධාවකයා 1978 වසරේ දින 81ක් ඇතුළත ලෝක වාර්තා හතරක් බිඳ දැමීමට සමත් වුනා.

Henry Rono 1
අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්ත සරසවියේ ශිෂ්‍යයෙකුව සිටියදී රෝනෝ පිළිබඳව ජාත්‍යන්තර වේදිකාවේ කතාබහක් තිබුනේ නැහැ. නමුත් ඒ අවධියේ 1978 අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ ඔහු මීටර් 3000, මීටර් 5000, මීටර් 10,000 සහ මීටර් 3000 බාධක දිවීම ඉසව්වල ලෝක වාර්තා පිහිටුවූවා.

කෙසේ වෙතත්, ඔහුට කිසිදිනෙක ඔලිම්පික් යාමට වරම් නොලැබුනේ කෙන්යානුවන් 1976 හා 1980 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්ජනය කළ බැවින්. පසුව, බේබදුකම විසින් ඔහුගේ ක්‍රීඩා දිවිය දියකර හැරියා.

රෝනෝ මිය ගියේ කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි පසුගිය දින දහය තුළ රෝහල්ගතව සිටීමෙන් පසුව.

රෝනෝගේ මරණය පැමිණෙන්නේ මැරතන් ලෝක වාර්තාලාභී 24 හැවිරිදි කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් මිය යාමේ ශෝකයෙන් කෙන්යාව මිදෙමින් සිටින අවස්ථාවක.

Kipwambok Rono ලෙසින් ඔහුගේ උපත සිදුවූයේ සුපිරි දුර ධාවකයන් බිහිකිරීමේ ප්‍රසිද්ධියක් උසුලන පළාතක් වන කෙන්යාවේ රිෆ්ට් මිටියාවතේ. බයිසිකල් අනතුරක් නිසා ඔහුට වයස අවුරුදු හය වනතුරු ඇවිදීමට නොහැකි වුනා.

රෝනෝ ඔහුගේ දුර දිවීමේ හැකියාවන් ප්‍රගුණ කර ගත්තේ කෙන්යානු යුද හමුදාවට සේවය කරන අතරතුර. කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති 1976 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 3000 බාධක දිවීම හා මීටර් 5000 දුර දිවීම ඉසව්වල කෙන්යාව නියෝජනය කිරීම පිණිස ඔහුව තෝරා ගෙන තිබුනා.

කෙන්යාව ඒ ඔලිම්පික් උළෙල වර්ජනය කළේ වර්ණභේදවාදී දකුණු අප්‍රිකාව සමග ක්‍රීඩා සබඳතා තිබූ නවසිලන්තයේ ඔලිම්පික් සහභාගිත්වයට විරෝධය පළ කිරීමක් ලෙසින්. මේ හේතුව මත අප්‍රිකානු හා අරාබි රටවල් 20කට වැඩි ප්‍රමාණයක් එදා ඒ ඔලිම්පික් උළෙල වර්ජනය කළා.

Henry Rono 2
නැවත වතාවක් කෙන්යාව 1980දී වර්ජනය කළ රුසියාවේ මොස්කව් ඔලිම්පික් උළෙල ඉතිහාසයේ විශාලතම ඔලිම්පික් වර්ජනය ලෙස සටහන්ව තිබෙනවා. 1979 දෙසැම්බර් මාසයේ රුසියාව විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීම මේ වර්ජනයට හේතු වූ අතර අමෙරිකාව කැඳවූ මේ වර්ජනයට රටවල් 60ක් පමණ සහභාගි වුනා.

රෝනෝගේ අසාමාන්‍ය දිවීමේ ශෛලිය සහ කෙටි කෑම සමග මද්‍යසාරයෙන් සමන්විත ආහාරය පිළිබදව කවුරුත් දැන සිටියා.

අමෙරකාවේ කල් ගත කිරීමෙන් පසුව හෙන්රි රෝනෝ මීට වසර කිහිපයකට ඉහත යළි කෙන්යාවට පැමිණියේ තරුණ ක්‍රීඩකයන් පුහුණු කිරීමේ අරමුණින්. 


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...