The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පස්වැනි හා අවසාන ඔලිම්පික් උළෙලට සැරසෙන ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූරිය

T

The Leader Desk

February 17, 2024 • 3:00 PM

පස්වැනි හා අවසාන ඔලිම්පික් උළෙලට සැරසෙන ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2008 වසරේ පැවති ජැමෙයිකානු ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදී ෂෙලී-ඈන් ෆ්‍රේස ප්‍රයිස්
  • ඊට සති කිහිපයකට පසුව ඇය බෙයිජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ඉසව්වේ ජැමෙයිකානු ආක්‍රමණය මෙහෙයවමින් රන් පදක්කම දිනා ගත්තා.
  • මේ වසරේ පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල තමන්ගේ පස්වැනි හා අවසාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල බව මේ ශ්‍රේෂ්ඨ ජැමෙයිකානු මලල ක්‍රීඩිකාව ප්‍රකාශ කර තිබෙනවා.
  • මීටර් 100 ඉසව්වේ රන් පදක්කම් දෙකක් හා මීටර් 4x100 සහාය දිවීමේ ඉසව්වෙන් තවත් රන් පදක්කමක් දිනා ගත් 37 හැවිරිදි ෆ්‍රේස ප්‍රයිස් පවසන්නේ තමා තවමත් ක්‍රීඩාවට ආදරය කළ ද පැරිසියෙන් පසුව විශ්‍රාම ගන්නා බව.
අකුරු ප්‍රමාණය (Font Size):

(Shelly-Ann Fraser-Pryce) දෙවැනියට තරගය අවසන් කළේ නන්නාඳුනන ක්‍රීඩිකාවක ලෙසින්.

2008
ඊට සති කිහිපයකට පසුව ඇය බෙයිජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ඉසව්වේ ජැමෙයිකානු ආක්‍රමණය මෙහෙයවමින් රන් පදක්කම දිනා ගත්තා. එය ඇය හිමිකර ගත් ඔලිම්පික් පදක්කම් අටෙන් පළමුවැන්න.

මේ වසරේ පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල තමන්ගේ පස්වැනි හා අවසාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල බව මේ ශ්‍රේෂ්ඨ ජැමෙයිකානු මලල ක්‍රීඩිකාව ප්‍රකාශ කර තිබෙනවා.

මීටර් 100 ඉසව්වේ රන් පදක්කම් දෙකක් හා මීටර් 4x100 සහාය දිවීමේ ඉසව්වෙන් තවත් රන් පදක්කමක් දිනා ගත් 37 හැවිරිදි ෆ්‍රේස ප්‍රයිස් පවසන්නේ තමා තවමත් ක්‍රීඩාවට ආදරය කළ ද පැරිසියෙන් පසුව විශ්‍රාම ගන්නා බව. තම සැමියා සහ හය හැවිරිදි පුතා සමග වැඩි කාලයක් ගත කිරීම පිණිස තමා මේ තීරණය ගත් බව ඇය කියනවා.


Shelly Ann family
“මගේ පුතාට මාව අවශ්‍යයි. මම 2008දී දිනන්නත් ඉස්සර ඉඳන් මමත් ම‌ගේ සැමියාත් එකට හිටියා. ඔහු මා වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කර තියෙනවා. අපි හොඳ සබඳතාවක්. හොඳ කණ්ඩායමක්. එහෙම වෙන්නේ මේ අවුරුදු සියල්ලේම මා කළ දේවල්වලට එයා දුන් සහයෝගය නිසා.”


රිදී පදක්කම් හතරක් හා ලෝකඩ පදක්කමක් ද ඇය දිනාගෙන තිබෙනවා.


“මම බෙයිජිං ගියේ මාව අවතක්සේරු කරගෙන. මට ඕන වුනේ අවසන් තරගයට සුදුසුකම් ලබන්න විතරයි. නමුත් මම අවසාන රේඛාව පළමුවෙන් පසු කළ විට, ඒ මොහොතේ ඉඳන්, මම කවදාවත් මාව අවතක්සේරු කරලා නැහැ. මම එන්නේ සහභාගි වෙන්න විතරක් නෙවෙයි. මම එන්නේ දිනන්නයි” ඇය පවසනවා.

dser3


මේ ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූරිය ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියන්හිදීත් රන් පදක්කම් 10ක් දිනා ගැනීමට සමත් වුනා. මීටර් 100 ඉසව්වේ පදක්කම් පහක් හා මීටර් 200 ඉසව්වේ පදක්කමක් ඇතුළුව තනි ශූරතා හයක් මීට ඇතුළත්.

2019 වසරේදී ප්‍රයිස් ඇගේ පුතාගේ උපතින් පසුව නැවත තරග බිමට පිවිස ලෝක කිරුළ හිමිකර ගත්තේ එම ශූරතාව දිනා ගත් වයසින් වැඩිම කාන්තාව බවට ඉතිහාසගත වෙමින්. ඇය යළිත් වතාවක් එම ශූරතාව 2022 වසරේ දිනා ගත්තේ 35 වැනි වියේ පසුවෙමින් සිටියදී වීම විශේෂත්වයක්. ‌මේ ජයග්‍රහණයත් සමග ඇය තනි ධාවන ඉසව්වක ශූරතා පහක් හිමිකර ගත් පළමු මලල ක්‍රීඩිකාව බවට පත්වුනා.

zdfsd4
පසුගිය වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී තෙවැනි ස්ථානයට පත්වූ ෆ්‍රේස-ප්‍රයිස් පැරිසියේදී තියුණු සටනක් දෙන තරගකාරියක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

තමාගේ ම කොන්දේසිවලට අනුව ක්‍රීඩාවෙන් සමුගැනීම වැදගත් බවත් ඒ තීරණය ගැනීමේදී තමාට මලල ක්‍රීඩාවේ උසස් ම තලයේ තවමත් තරග කළ හැකි ද යන කාරණය අදාළ නොවන බවත් ඇය ප්‍රකාශ කරනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පස්වැනි හා අවසාන ඔලිම්පික් උළෙලට සැරසෙන ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූරිය | The Leader