The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝගේ පෙම්වතිය: මගේ නිතඹ මෙතරම් පුංචිද?

T

The Leader Desk

February 19, 2024 • 4:31 PM

රොනාල්ඩෝගේ පෙම්වතිය: මගේ නිතඹ මෙතරම් පුංචිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ කාන්තාවන් ඔවුන්ගේ අත් සහ මුහුණු පමණක් පෙනෙන සේ මුළු ශරීරය ම බුරුල්
  • ‘ඉන්ස්ටග්‍රෑම්’හි රොනාල්ඩෝගේ මිලියන 621ක අනුගාමිකයන් වෙත පළකෙරුනු මේ ඡායාරූපය ඉරානයේ Hamshahri පුවත්පත ද ඇතුළුව ලොව පුරා ප්‍රවෘත්ති ආයතන ඩැහැගත්තේ විදුලි වේගයෙන්.
  • දැඩි මතධාරී ඉරාන රාජ්‍ය පාලනය විසින් මුල් ඡායාරූපයේ තිබූ ඇයගේ නාරිලාලිත්‍යයෙන් යුත් පිරිපුන් නිතඹ ලැජ්ජා නැතිව පරිඝණයකින් සංස්කරණය කර තිබුනේ එය ‘පෑන්කේක්’ එකක් මෙන් සමතලා ලෙස දිස්වන අයුරින්.
  • තම ශරීරයේ වක්‍ර හැඩේට තිබෙන කොටස් පිළිබඳව ඉතාමත් ආඩම්බර වන ජෝජීනා රොඩ්රීගස් ඒ වෙනුවෙන් බොහෝ මහන්සි වී ව්‍යායාම් කරන බව නොරහසක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇඳුමින් හා වේල් එකකින් ආවරණය කරගෙන සිටියේ නැත්නම් අත්වන්නේ වසර දහයක් දක්වා වූ සිරදඬුවමක්.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පාපන්දු තරුවගේ 39 වැනි උපන්දිනය දවසේ ඔහුගේ පෙම්වතිය වන ජෝජීනා රොඩ්රීගස් (Georgina Rodriguez) ඇගේ ශරීරයේ ලස්සන හැඩය පෙනෙන සේ හිරට ඇඳගත් කළු පැහැති ඇඳුමකින් සැරසී දරුවන් සහ කේක් ගෙඩියක් ද සමග සිටින පවුලේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබුනා.

‘ඉන්ස්ටග්‍රෑම්’හි රොනාල්ඩෝගේ මිලියන 621ක අනුගාමිකයන් වෙත පළකෙරුනු මේ ඡායාරූපය ඉරානයේ Hamshahri පුවත්පත ද ඇතුළුව ලොව පුරා ප්‍රවෘත්ති ආයතන ඩැහැගත්තේ විදුලි වේගයෙන්.

Georgina Rodriguez
නමුත් ඒ ඡායාරූපය ඉරාන ආණ්ඩුවේ Hamshahri පුවත්පත පළකරන විට ඇගේ නිතඹේ නෙරා තිබෙන කොටස පෙනෙන්නට තිබුනේ නැහැ. දැඩි මතධාරී ඉරාන රාජ්‍ය පාලනය විසින් මුල් ඡායාරූපයේ තිබූ ඇයගේ නාරිලාලිත්‍යයෙන් යුත් පිරිපුන් නිතඹ ලැජ්ජා නැතිව පරිඝණයකින් සංස්කරණය කර තිබුනේ එය ‘පෑන්කේක්’ එකක් මෙන් සමතලා ලෙස දිස්වන අයුරින්.

තම ශරීරයේ වක්‍ර හැඩේට තිබෙන කොටස් පිළිබඳව ඉතාමත් ආඩම්බර වන ජෝජීනා රොඩ්රීගස් ඒ වෙනුවෙන් බොහෝ මහන්සි වී ව්‍යායාම් කරන බව නොරහසක්. එබැවින් මේ ඡායාරූපය දැකීමෙන් ඇගේ සිත ඉතා ව්‍යාකූල වූ බවට වාර්තා වෙනවා. ලෝකයේ සමහර තැන්වල කාන්තාව දකින්නේ විකෘත මනසකින් බවට මෙයින් පෙන්නුම් කරනවා.

ඡායාරූපයේ මේ ඩිජිටල් ‘එඩිට්’ කිරීම හඳුනාගත් බෙල්ජියමේ පාර්ලිමේන්තු මන්ත්‍රී Darya Safai මෙසේ ප්‍රකාශ කළා: “ඉස්ලාම්වරු කාන්තාවන් දිහා බලන්නේ කොතරම් පිළිකුල් විදියටද කියා මෙයින් පේනවා.”

බ්‍රිතාන්‍ය-ඉරාන නළු Omid Djaliliගේ ප්‍රකාශයයි මේ: “කාන්තාවන්ට මේ ආකාරයෙන් අගෞරව කරමින් ප්‍රසිද්ධියේ ම ඔවුන්ගේ ශරීරය විරූප කිරීමෙන් බොහෝ දේ කියවෙනවා.”

mndfmnd
ඇඟට හිරවෙන ඇඳුම් පැළඳ විශේෂයෙන් නිතඹ ඇතුළු තම ශරීරයේ අනෙකුත් ආකර්ෂණීය ලෙස වක්‍ර වූ කොටස් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට 30 හැවිරිදි මේ නිරූපිකාව බොහොම කැමතියි. එහෙත් අල්-නසර් කණ්ඩායම සමග ක්‍රීඩා කරන රොනාල්ඩෝ සමග සෞදි අරාබියට පැමිණීමෙන් පසුව ජෝජිනා ට මුස්ලිම් සිරිත් අනුගමනය කරමින් ඇගේ ශරීරය වසාගෙන සිටීමට සිදුව තිබෙනවා.

එහෙත් සෞදියෙන් පිටව සිටින අවස්ථාවලදී ඇය නිදහසේ ඇඳුම් පැළඳ ඡායාරූප ගෙන ඒවා මිලියන 57ක අනුගාමිකයන් සිටින ඇගේ ම ‘ඉන්ස්ටග්‍රෑම්’ සමාජ මාධ්‍යයේ පළ කරනවා.

ඉරාන පුවත්පත විසින් තමාගේ ඡායාරූපය සංස්කරණය කිරීමෙන් පසුව නැටුම් පංතියකට සහභාගි වූ ජෝජීනා රොඩ්රීගස් එහිදී තමාගේ ජනප්‍රිය නිතඹ ගස්සන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කර තිබෙනවා. එහිදී ඇය දීප්තිමත් රෝස පාට කොට කලිසමක් පැළඳ නර්තනයේ යෙදුනේ ඇගේ නැටුම් පුහුණුකරු වන Marley y Leo සමග.

lxfklgkdg

dfsdrw3


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...