The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉක්මනට නිවසක් ඉදිකරමින් මැරතන් ලෝක වාර්තාලාභියාට අවසන් ගෞරව

T

The Leader Desk

February 21, 2024 • 8:44 AM

ඉක්මනට නිවසක් ඉදිකරමින් මැරතන් ලෝක වාර්තාලාභියාට අවසන් ගෞරව 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රිය අනතුරකින් මිය ගිය මැරතන් ලෝක වාර්තාලාභී කෙල්වින් කිප්ටම්ගේ සිහිනයක්ව තිබූ නිවාස දෙක වහාම ඉදිකරන ලෙසට කෙන්යාවේ
  • කිප්ටම් ඔහුගේ පුහුණුකරු ද සමග පෙබරවාරි 11 වැනිදා ශෝචනීය අයුරින් මිය යන විට නිවාස දෙකක ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුනා.
  • මෙයින් කිප්ටම්ගේ ගොවිපලේ නිවස ඉදිකිරීම දින කිහිපයක් ඇතුළත අවසන් කිරීමට නියමිතව තිබෙන්නේ කිප්ටම් ට ගෞරවය පුදකිරීමක් ලෙසින්.
  •   කම්කරුවන් විසින් අලුත් නිවසේ ඉදිකිරීම් කටයුතු පෙබරවාරි 16 වැනිදා ආරම්භ කළ අතර එය කිප්ටම්ගේ සිරුර භූමදානය කිරීමට පෙර දින එනම් පෙබරවාරි 22 වැනිදා සම්පූර්ණ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති William Ruto නියෝග කර තිබෙනවා.

කිප්ටම් ඔහුගේ පුහුණුකරු ද සමග පෙබරවාරි 11 වැනිදා ශෝචනීය අයුරින් මිය යන විට නිවාස දෙකක ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුනා. මින් එක් නිවෙසක් ඔහුගේ පියා වන Samson Cheruiyot ට. අනෙක ඔහුගේ ම පවුල වන බිරිඳ Asenath Rotich හා දරු දෙදෙනා ට.

 

kiptumhouse 

බටහිර කෙන්යාවේ Uasin Gishu ප්‍රාන්තයේ Naiberi ප්‍රදේශයේ පිහිටි කිප්ටම්ගේ ගොවිපලේ සහ ඔහුගේ පියා වෙසෙන Chepsamo ගම්මානයේ මේ නිවාස දෙක කෙන්යානු ජනාධිපතිවරයාගේ නියෝගය අනුව දැන් ලහිලහියේ ඉදිවෙමින් තිබෙනවා. මෙයින් කිප්ටම්ගේ ගොවිපලේ නිවස ඉදිකිරීම දින කිහිපයක් ඇතුළත අවසන් කිරීමට නියමිතව තිබෙන්නේ කිප්ටම් ට ගෞරවය පුදකිරීමක් ලෙසින්.

 

කම්කරුවන් විසින් අලුත් නිවසේ ඉදිකිරීම් කටයුතු පෙබරවාරි 16 වැනිදා ආරම්භ කළ අතර එය කිප්ටම්ගේ සිරුර භූමදානය කිරීමට පෙර දින එනම් පෙබරවාරි 22 වැනිදා සම්පූර්ණ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. කෙල්වින් කිප්ටම්ගේ අවසන් කටයුතු පෙබරවාරි 23 වැනි සිකුරාදා සිදුකෙරෙන්නේ ඔහුගේ නව නිවස ඉදිවන ගොවිපලේ. 

නිදන කාමර තුනකින් යුත් කිප්ටම්ගේ ගොවිපලේ නිවස වේගයෙන් ඉදිකිරීම සඳහා පැය විසිහතර පුරා වෙහෙසක් දැරීමට අවශ්‍යව තිබෙන අතර මේ සඳහා එම ස්ථානයට සේවකයන් විශාල ප්‍රමාණයක් යොදවා තිබෙනවා.

බ්‍රහස්පතින්දා සවස වන විට නිවස බාරදෙන බවට කොන්ත්‍රාත්කරු පොරොන්දු වී ඇතැයි කෙන්යාවේ මහජන සේවා ප්‍රධානී Felix Koskei පවසනවා.

 


“කිප්ටම්ගේ සිහිනය ළඟා කර ගැනීම සහතික කිරීම පිණිස සියළුම විශාරදයන් මෙහි එක්ව සිටින්නේ ඔහු විධිමත් පුද්ගලයෙකු වූ නිසා. කිප්ටම් කරමින් සිටි දේවල් ‌දිහා බැලුවොත් එය හොඳින් පේනවා.”

කිප්ටම්ගේ පියාගේ නිවස ඉදිකිරීම මාර්තු වන විට සම්පූර්ණ කිරීමට නියමිතව තිබෙනවා.

 

Samson Cheruiyot - Kelvin's father

 

රටේ නායකයා ද සහභාගි වන අවමංගල්‍ය උත්සවයකදී කිප්ටම්ගේ මෘතදේහය සිකුරාදා භූමදානය කරන බව කෙන්යානු මලල ක්‍රීඩාවේ තරුණ සංවර්ධන අධ්‍යක්ෂ Barnaba Korir ප්‍රකාශ කරනවා.

 

004a497c28a138689da117d994da8d969b7c8a9d 1707722643 2915c95d 1920x1280
2022 Valencia මැරතන් තරගයේදී, මැරතන් තරගයකට ප්‍රථම වතාවට සහභාගි වෙමින් එදා මෙදා තුර ලොව වේගවත්ම කාලය වාර්තා කළ මැරතන් ධාවකයා බවට ඉතිහාසගත වූ කිප්ටම් පැය දෙකකට අඩුවෙන් මැරතන් තරගයක් අවසන් කිරීමේ අපහසු බාධකය බිඳ දැමීමට සිහින මවමින් සිටියා.

 

කිප්ටම් පැය 2යි තත්පර 35කින් මැරතන් ලෝක වාර්තාව අලුත් කළේ පසුගිය ඔක්තෝබරයේදී. ඊටත් වඩා වේගයෙන් දුවමින් තමාගේ පෞද්ගලික දක්ෂතාව අප්‍රේල් මාසයේ පැවැත්වෙන Rotterdam මැරතන් තරගයේදී තවත් වැඩිකර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි කෙල්වින් කිප්ටම් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ද තෝරාගෙන තිබුනා.

සබැඳි ලිපි :
මැරතන් ලෝක වාර්තාලාභියාගේ මරණය ගැන සැකයි: පියා පරීක්ෂණයක් ඉල්ලයි

දුප්පත්කම නිසා මහපාරේ පුහුණු වී මහපාරේම මිය ගිය මැරතන් ලෝක වාර්තාලාභී කෙන්යානුවා

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...