The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලන්ඩන් මැරතන්: ආබාධිත නොවන තරග ත්‍යාග මුදලම ආබාධිත තරගකරුවන්ටත්

T

The Leader Desk

February 22, 2024 • 11:37 AM

ලන්ඩන් මැරතන්: ආබාධිත නොවන තරග ත්‍යාග මුදලම ආබාධිත තරගකරුවන්ටත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආබාධිත නොවන සහ ආබාධිත සියළු ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක සමානව සලකමින් ත්‍යාග මුදල් පිරිනමන ලොව ප්‍රථම මැරතන් ඉසව්ව බවට ලන්ඩන් මැරතන් තරගය පත්ව තිබෙනවා.
  • සියළුම තරගකරුවන්ට සමාන මුදල් ත්‍යාග පිරිනැමීම ප්‍රථම වතාවට සිදුවන්නේ අප්‍රේල් 21 වැනිදා පැවැත්වෙන ලන්ඩන් මැරතන් තරගයේදී.
  • එහිදී රෝදපුටු පිරිමි හා කාන්තා ඉසව්වල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පවුම් 43,600 බැගින් හිමිවනු ඇත්තේ එම ඉසව්වේ ම සුපිරි පිරිමි හා කාන්තා තරගවල පිරිනැමෙන ත්‍යාග මුදලට සමානව.
  • සියළුම තරගවල අනුශූර ශූරියන්ට පවුම් 23,800ක් ලැබෙනු ඇති අතර තෙවැනි ස්ථානය සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල පවුම් 17,800ක්.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අනුව සාමාන්‍ය ක්‍රීඩකයන්ට ප්‍රදානය කෙරෙන ත්‍යාග මුදල ම රෝදපුටු තරගකරුවන්ටත් ලැබෙනවා.

සියළුම තරගකරුවන්ට සමාන මුදල් ත්‍යාග පිරිනැමීම ප්‍රථම වතාවට සිදුවන්නේ අප්‍රේල් 21 වැනිදා පැවැත්වෙන ලන්ඩන් මැරතන් තරගයේදී. එහිදී රෝදපුටු පිරිමි හා කාන්තා ඉසව්වල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පවුම් 43,600 බැගින් හිමිවනු ඇත්තේ එම ඉසව්වේ ම සුපිරි පිරිමි හා කාන්තා තරගවල පිරිනැමෙන ත්‍යාග මුදලට සමානව. සියළුම තරගවල අනුශූර ශූරියන්ට පවුම් 23,800ක් ලැබෙනු ඇති අතර තෙවැනි ස්ථානය සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල පවුම් 17,800ක්.

skysports kinghorn weir wheelchair 6464645

 

මෙය ආබාධිත පුද්ගල ක්‍රීඩාවේ සටහන් වන අතිවිශාල ජයග්‍රාහී සලකුණක්.

ලන්ඩන් මැරතන් රෝදපුටු තරගය වාර්තාගත අයුරින් අට වතාවක් ජයග්‍රහණය කර සිටින බ්‍රිතාන්‍යයේ David Weir මේ ඓතිහාසික පියවර පිළිබඳව මෙසේ ප්‍රකාශ කරනවා:

 

2318770 48274170 2560 1440Weir හැරී කුමරු සහ Madison de Rozario සමඟ

 

“ලන්ඩන් මැරතන් තරගය ඉසව් අංශ හරහා සමානත්වයේ ප්‍රමිතියක් පනවා තිබෙනවා. මෙය ආබාධිත අය වෙනුවෙන් තිබෙන ක්‍රීඩාවේ ඉතා වැදගත් සලකුණක්. අනෙකුත් ක්‍රීඩාවන් හා ක්‍රීඩා පාලක මණ්ඩල මෙය ආදර්ශයක් කර ගනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා.”

මේ බ්‍රිතාන්‍ය පුරාවෘත්ත ක්‍රීඩකයා එළඹෙන අප්‍රේල් මස එංගලන්තයේ අගනුවරදී තරග වදින්නේ පිට පිට 25 වැනි වතාවට.

 



ලෝක ප්‍රසිද්ධ ලන්ඩන් මැරතන් තරගයේ අධ්‍යක්ෂ Hugh Brasher මෙසේ සඳහන් කරනවා: “ආබාධිත නොවන සුපිරි තරගයේ ත්‍යාග ම රෝදපුටු සුපිරි තරගයේ ජයග්‍රාහකයන්ටත් ලබා දීමට ගත් මේ ඉතිහාසගත පියවරෙන් ආබාධිත ක්‍රීඩාවන් වෙනුවෙන් තිබෙන අපේ කැපවීම තවදුරටත් එලෙසින් ම පවත්වා ගෙන යාමට හැකිවීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා.”

ලොව තිබෙන වඩාත්ම වෙනස් වූ හා සාධාරණ මැරතන් ඉසව්ව බවට ලන්ඩන් මැරතන් තරගය පත්කිරීමට එහි බලධාරීන් වෙහෙසෙමින් සිටිනවා. ඒ අරමුණ වෙනුවෙන් මෑත කාලයේදී විශේෂ පියවර කිහිපයක් ගෙන ඇති ඔවුන් එම ඉලක්කය ජය ගැනීමේ තවත් වැදගත් පියවරක් ලෙසයි මේ සමාන ත්‍යාග මුදල් පිරිනැමීම සලකනු ලබන්නේ.

කෙල්වින් කිප්ටම්

 

රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මිය ගිය පසුගිය වසරේ ලන්ඩන් මැරතන් ජයග්‍රාහක කෙල්වින් කිප්ටම්ගේ මරණය අප්‍රේල් ඉසව්වේදී සැමරීම ට ද ලන්ඩන් මැරතන් සංවිධායකයින් බලාපොරොත්තු වෙනවා. 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...