The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මැරතන් ලෝකය හඬවමින් කෙල්වින් කිප්ටම් අවසන් ගමන් යයි

T

The Leader Desk

February 24, 2024 • 11:27 AM

මැරතන් ලෝකය හඬවමින් කෙල්වින් කිප්ටම් අවසන් ගමන් යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැඟීම්බරවූ දිනයෙක දහස් ගණන් ශෝකවන්නන් මැරතන් ලෝක වාර්තාලාභී කෙල්වින් කිප්ටම්ගේ අවමංගල්‍යයට ඊයේ සිකුරාදා (පෙබරවාරි 23) සහභාගි වුනා.
  • Eldoret නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් වූ Naiberi ප්‍රදේශයේ තිබෙන කිප්ටම්ගේ ගොවිපලේදීයි ඔහුගේ භූමදානය සිදුකෙරුනේ.
  •       කිප්ටම් ඔහුගේ පුහුණුකරු වූ Gervais Hakizimana සමග මිය ගියේ Eldoret – Kaptagat මාර්ගයේදී පෙබරවාරි 11 වැනි ඉරිදා සිදුවූ රිය අනතුරකින්.
  • Hakizimanaගේ උපන් රට වන රුවන්ඩාවේදී ඔහුගේ සිරුර භූමදානය කිරීම පෙබරාවාරි 21 වැනි බදාදා සිදුකෙරුනා.
අකුරු ප්‍රමාණය (Font Size):


අවමඟුල පැවතියේ කිප්ටම්ගේ උපන් රට වූ කෙන්යාවේ Elgeyo Marakwet ප්‍රාන්තයේ Chepkorio ගම්මානයේ. Eldoret නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් වූ Naiberi ප්‍රදේශයේ තිබෙන කිප්ටම්ගේ ගොවිපලේදීයි ඔහුගේ භූමදානය සිදුකෙරුනේ.

කිප්ටම්ගේ පවුලේ අය, මිතුරන් හා ඔහුගේ මලල ක්‍රීඩා සගයන් සමග කෙන්යාවේ ජනාධිපති විලියම් රුටෝ (William Ruto) සහ ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබැස්ටියන් කෝ (Sebastian Coe) ද මේ දුක්බර අවස්ථාවට එක්ව සිටි අතර කිප්ටම් ට ඔහුගේ සම්පූර්ණ හැකියාව පෙන්වීමට කිසිවිටක අවස්ථාව නොලැබීම පිළිබඳව මේ සියළු දෙනා ම පසුවූයේ මහත් කම්පාවෙන්. සිකුරාදා අවමංගල්‍ය උත්සවය කිප්ටම් වෙනුවෙන් රට පුරා පවත්වනු ලබන උත්සව කිහිපයක් අතර විශාලතම උත්සවය වී තිබුනා.

 

 

 

කිප්ටම් ඔහුගේ පුහුණුකරු වූ Gervais Hakizimana සමග මිය ගියේ Eldoret – Kaptagat මාර්ගයේදී පෙබරවාරි 11 වැනි ඉරිදා සිදුවූ රිය අනතුරකින්. Hakizimanaගේ උපන් රට වන රුවන්ඩාවේදී ඔහුගේ සිරුර භූමදානය කිරීම පෙබරාවාරි 21 වැනි බදාදා සිදුකෙරුනා.

කිප්ටම්ගේ අවමඟුලේදී මලල ක්‍රීඩකයින්, නිලධාරීන් හා රජයේ ප්‍රධානීන් ‘කෙන්යාවේ ශූරයන්ගේ ප්‍රාන්තය’ (ජාත්‍යන්තර කෙන්යානු ධාවන ශූරයින් ගණනාවක් බිහිවූ ප්‍රාන්තය) ලෙසින් හැඳින්වෙන Elgeyo Marakwet ප්‍රාන්තයට රොක්ව සිටියේ පැය දෙකයි මිනිත්තුවකට අඩුවෙන් මැරතන් තරගයක් ධාවනය කළ ලොව පළමු මිනිසා සිහිකිරීම පිණිස.

 

කිප්ටම් මේ කීර්තිය හිමිකර ගත්තේ 2022 බර්ලින් මැරතන් තරගයේදී කෙන්යාවේ ම ද්විත්ව ඔලිම්පික් ශූර Eliud Kipchoge තබා තිබූ ලෝක වාර්තාව තත්පර 34කින් මකා දැමීමෙන්.

 

අවමංගල්‍යය කිප්ටම් ට අවසන් ගෞරව දැක්වීමේ හැඟීම්බර අවස්ථාවක් වූවත් එය කිප්ටම්ගේ අතිවිශිෂ්ට මැරතන් දක්ෂතාවන් සැමරීමේ මොහොතක් බවට ද පත්ව තිබුනා. “ ‘ගුඩ්බායි’ කියලා කියන්න තරම් ඉගෙන ගන්න මට බැහැ...නමුත්, ඔයා ගෙදර එන්නෙ නැතුව අපේ දරුවන්
එක්ක සිටින්නට මම අද ඉගෙන ගත්තා කියලා මට විශ්වාස කරන්න බැහැ” යනුවෙන් කිප්ටම්ගේ වැන්දඹුව වන Asenath Rotich ඇගේ ගුණකථනයේදී කියා සිටියා.

“මම මට තවත් අඬන්න බැරි තරමට ඇඬුවා...අපේ දරුවන් වෙනුවෙන් මම මගේ ශක්තිය එකතු කර ගන්නා බවට මම ඔයාට පොරොන්දු වෙනවා.”

 

kip9
කිප්ටන් හැරදමා යන දරුවන් වනුයේ ඔහුගේ හත්හැවිරිදි පුතා Caleb හා සිවුහැවිරිදි දුව Precious. කිප්ටම්, Samson Cheruiyot හා Mary Kangogoගේ එක ම දරුවා.

වයස අවුරුදු 10දී පාවහන් නොමැතිව ප්‍රාථමික පාසලෙන් දිවීම ආරම්භ කළ කිප්ටම් ට කෙන්යානු ජනාධිපති විලියම් රුටෝ ද ඔහුගේ ගෞරව පුදකළා.

“කෙන්යානු මලල ක්‍රීඩාවේ අනාගතය අපි කෙල්වින් තුළින් දුටුවා” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. “ඔහු ආවේ නොදන්නා පවුලකින් හා නොදන්නා ප්‍රදේශයකින්. නමුත් ඔහුගේ ලෝක වාර්තාව නිසා ලෝකය ඔහුගේ නම දන්නවා. සාර්ථක වෙනවාට වඩා අසාර්ථක වීමට හේතු ඔහුට තිබුනා. නමුත් ඔහු ඒ අසීරුතාවන් ජය ගත්තා.”

 

90

2022 වැලන්සියා මැරතන් තරගයේදී පැය 2යි මිනිත්තු 1යි තත්පර 53 කාලයක් සටහන් කරමින් මංගල වතාවට මැරතන් ධාවනයේ යෙදුනු වේගවත්ම ක්‍රීඩකයා වීමෙන් පසුව 2023 ලන්ඩන් මැරතන් තරගය ජයග්‍රහණය කර (2:01.25) එම වසර පසුභාගයේදී චිකාගෝ මැරතන් තරගයේදී ලෝක වාර්තාව බිඳ දැමූ මේ තරුණ ක්‍රීඩකයා ගැන අවමඟුලට පැමිණ සිටි ශෝකවන්නන් අතර සිටි මලල ක්‍රීඩාවේ ප්‍රධානීන් වර්ණනා කළා.

තම පෞද්ගලික තරග කාලය අභිබවා යාමට තමන් තුළ තිබෙන ආශාව පිළිබඳව කිප්ටම් සඳහන් කිරීමෙන් පසුව අප්‍රේල් 14 වැනිදා පැවැත්වීමට නියමිත රොටඩෑම් මැරතන් තරගයේදී ඔහුගෙන් විශේෂ හපන්කමක් මැරතන් ලෝකය බලාපොරොත්තුවෙන් සිටියා.

 5UI22PQOTBFWDPOC76UVHSNAQM

 

“සියළුම සංඥාවලින් දැක්වුනේ මැරතන් තරග කාලය පැය දෙකකට අඩුවෙන් තබා ගැනීමේ ඔහුගේ සිහිනය කිප්ටම් සැබෑකර ගන්නා බව” යැයි කෙන්යානු මලල ක්‍රීඩා සභාපති Jackson Tuwei පැවසුවා.

“පසුගිය සතියේදී, අපි ඔලිම්පික් උළෙලේදී කෙන්යාව නියෝජනය කරන කණ්ඩායම තෝරා ගත්තා. කිප්ටම්ගේ නම තිබුනේ ඒ ලැයිස්තුවේ ඉහළින් ම. අපිට පැරිසියේදී ඔහු නැති අඩුව හොඳින් දැනේවි. ශක්තිමත් කණ්ඩායමක් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යවන්න අපට පුළුවන් වේවි කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. එහිදී උපක්‍රමශීලීව දුවමින් කෙල්වින් කිප්ටම් ට ගෞරව පිණිස ජයග්‍රහණය ආපසු කෙන්යාව ට ගෙන ඒවි කියා අපි අපේ මලල ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා.”

කෙන්යාවේ කීර්තිමත් ඉතිහාසයේ හා ලෝක මලල ක්‍රීඩාවේ මීට වඩා වීර කතා ලිවීමට කෙල්වින් ට හැකියාව තිබුනු බවට තමා තරයේ විශ්වාස කරන බව ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබැස්ටියන් කෝ මෙහිදී කියා සිටියා.

 

17087054191341
ක්‍රීඩාංගණයෙන් පිට 2023 වසරේ ලෝක මලල ක්‍රීඩකයා සම්මානය සෙබැස්ටියන් කෝ විසින් කිප්ටම් ට මොනාකෝ හි දී පිරිනැමුවේ පසුගිය දෙසැම්බරයේදී.

ඉතිහාසයේ වේගවත්ම මැරතන් කාලයන් හතෙන් තුනක් ම වාර්තා කළ තරුණ ධාවකයා පිළිබඳව අවමඟුලට පැමිණ සිටි දේශීය හා ජාත්‍යන්තර මලල ක්‍රීඩකයන් ද ඔවුන්ගේ ශෝකය පළකර සිටියා.

කෙන්යාවේ දේශීය කලාපයේ ඔවුන්ගේ පුහුණුවීමේ තත්ත්වයන් හා ආරක්ෂාව වැඩි කිරීම සඳහා දැනට වඩා වැඩි සහයෝගයක් ලබා දෙන ලෙස ඔවුන් මෙහිදී ඉල්ලා සිටියා.

“කිප්ටම් ඔහුගේ නිර්භය ක්‍රියාවන්ගේ සතුට විඳීමට තරම් කාලයක් ජීවත් නොවීම හරිම දුකක්” යැයි 2016 රියෝ ඔලිම්පික් හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම්ලාභී Julius Yego සඳහන් කළා.

 

81607753 13115837 image a 49 1708648275807

“ජනාධිපතිතුමනි! මලල ක්‍රීඩකයන්ට පුහුණුවීමේ පහසුකමක් උතුරු පෙදෙසේ නැහැ. ලෝක වාර්තාලාභීන්ට ආරක්ෂාව හා රියදුරෙක් ලබා දෙන ලෙසට අපි රජයෙන් ඉල්ලා සිටිනවා.” කිප්ටම්ගේ පවුලේ අයට මෙන්ම ඔහුට වඩාත් වැදගත් වූ දුර දිවීමේ ප්‍රජාවට තවදුරටත් උපකාර කිරීම පිණිස ‘කෙල්වින් කිප්ටම් පදනම’ පිහිටුවන ලෙසට කිප්ටම්ගේ කළමනාකරණ ආයතනය වන ‘ගොලාසෝ’ හි ප්‍රධානියා වන බෙල්ජියම් ඔලිම්පික් ක්‍රීඩක Bob Verbeeck ඉල්ලා තිබෙනවා.


warnan Gunasekara

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැරතන් ලෝකය හඬවමින් කෙල්වින් කිප්ටම් අවසන් ගමන් යයි | The Leader