ප්‍රථමයින් බවට පත්ව සිටින තරුෂි අභිෂේකා සහ හිමංසි දුලංජනා ප්‍රදීපානි සිසුවියන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක් සිදුව තිබේ.
මෙහිදි ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් තව තවත් ඉදිරියට ගොස් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනාගතයේ දී ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා ඔවුන් වෙත සුබපැතුම් එක්කළේ ය.

මෙම සිසුවියන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම වෙනුවෙන් අවශ්‍ය පුහුණු කටයුතු, පෝෂණ අවශ්‍යතා, වෛද්‍ය පහසුකම් මෙන් ම ජාත්‍යන්තර තරග අවස්ථා සලසා දීමේ වගකීම හා මූල්‍ය අනුග්‍රහය දැරීමට SCOT ( Skills ,College of Technology ) ආයතනය සූදානම් ව සිටින අතර අමාත්‍යවරයා වෙතින් ඊට අදාළ සංකේත පත්‍රිකා පිරිනැමීම මෙහි දී සිදුකෙරිණි.

SCOT ආයතනය වසර 20කට අධික කාලයක් තුළ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට හා ප්‍රමාණ සමීක්ෂණ ක්ෂේත්‍රයට අදාළ මානව සම්පත් සංවර්ධනයට පුරෝගාමීව කටයුතු කරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුමැතිය ලත් උපාධි ලබාදෙන ආයතනයකි.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් පෞද්ගලික ලේකම් හේමන්ත ප්‍රේමතිලක ඇතුළු පිරිසක් ද SCOT ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු යොහාන් දේශප්‍රිය ඇතුළු නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.
(චතුරංග මේදිස්)




