The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

මොස්කව් ප්‍රහාරයෙන් පසු ඔලිම්පික් ආරක්ෂාව ගැන සැලකිල්ල වැඩිවෙයි

T

The Leader Desk

March 29, 2024 • 8:06 AM

මොස්කව් ප්‍රහාරයෙන් පසු ඔලිම්පික් ආරක්ෂාව ගැන සැලකිල්ල වැඩිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුද්ගලයින් 130කට වැඩි පිරිසකට මරු කැඳවමින් රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පැරිස් ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව පිළිබඳව අලුතින් බියක් හටගෙන තිබෙනවා.
  • මේ මිනීමැරුම් පිටුපස සිටින බවට විශ්වාස කෙරෙන ඇෆ්ගනිස්තානයේ හා පාකිස්තානයේ ද ශාඛාවක් තිබෙන Khorasan ලෙසින් හැඳින්වෙන IS කල්ලිය ප්‍රංශය ට ද පහර දීමට උත්සාහ කර ඇති බව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ප්‍රකාශ කළා.
  •   “මේ කල්ලිය අපේ භූමියේ ප්‍රහාරයක් දියත් කරන්න කිහිප වතාවක්ම උත්සාහ කළා” යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවා.  ජූලි 26 වැනිදා ආරම්භ වන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැහැදිලිවම අනාගත ඉලක්කයක් බවට අභ්‍යන්තර කටයුතු ඇමති Gerald Darmanin පිළිගන්නවා.
  • සැලසුම් කරන කුමන්ත්‍රණ හැම මාසයකම වාගේ අපි නතර කරනවා.” අභ්‍යන්තර කටයුතු ඇමති Gerald Darmanin මොස්කව් ප්‍රහාරය පිළිබඳ අවසන් නිගමනයන් සියල්ල සාකච්ඡා කිරීම සඳහා බුද්ධි අංශ ප්‍රධානීන් රැස්වනු ඇතැයි ද ඔහු සඳහන් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රංශ පොලිසිය හා රහස් තොරතුරු සේවාවන් ත්‍රස්තවාදී ප්‍රහාරයකට එරෙහිව හොඳින් සූදානම්ව සිටින බවට රට ට පොරොන්දු වීමට මේ සිද්ධියෙන් පසුව ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයාට සිදුවුනා.

 

p french police officers patrol on place de la republique nbsp in central paris france pපැරිස් ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව පිළිබඳව අලුතින් බියක් හටගෙන තිබෙනවා

ප්‍රංශ රජය විසින් රටේ ත්‍රස්තවාදී තර්ජන මට්ටම උපරිමය දක්වා ඉහළ නංවා තිබෙන්නේ රුසියානු අගනුවර සිකුරාදා සිදුවූ සමූලඝාතනයේ වගකීම බාර ගෙන සිටින ඉස්ලාමීය ප්‍රාන්ත - Islamic State (IS) - කණ්ඩායමේ නිරන්තර ඉලක්කයක් බවට ප්‍රංශය ලක්ව සිටින නිසා.

මේ මිනීමැරුම් පිටුපස සිටින බවට විශ්වාස කෙරෙන ඇෆ්ගනිස්තානයේ හා පාකිස්තානයේ ද ශාඛාවක් තිබෙන Khorasan ලෙසින් හැඳින්වෙන IS කල්ලිය ප්‍රංශය ට ද පහර දීමට උත්සාහ කර ඇති බව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ප්‍රකාශ කළා.

 



“මේ කල්ලිය අපේ භූමියේ ප්‍රහාරයක් දියත් කරන්න කිහිප වතාවක්ම උත්සාහ කළා” යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවා. 

ජූලි 26 වැනිදා ආරම්භ වන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැහැදිලිවම අනාගත ඉලක්කයක් බවට අභ්‍යන්තර කටයුතු ඇමති Gerald Darmanin පිළිගන්නවා.

“ප්‍රංශය වන අපි ගෝලීය වටිනාකම් ආරක්ෂා කරන නිසාත් ලෞකිකත්වය වෙනුවෙන් පෙනී සිටින නිසාත්, විශේෂයෙන් ඔලිම්පික් වැනි අතිවිශිෂ්ට ඉසව්වලදී තර්ජනයන්ට‌ ලක්වනවා” යැයි ඔහු කියනවා.

“ප්‍රංශ පොලිසිය, හමුදාව, බුද්ධි අංශ ඉන්නේ බොහොම සූදානමින්. අපට ඉතාමත් ප්‍රබල රහස් ඔත්තු සේවා ක්‍රමයක් තිබෙනවා. සැලසුම් කරන කුමන්ත්‍රණ හැම මාසයකම වාගේ අපි නතර කරනවා.”

33Z74ZH highresඅභ්‍යන්තර කටයුතු ඇමති Gerald Darmanin

මොස්කව් ප්‍රහාරය පිළිබඳ අවසන් නිගමනයන් සියල්ල සාකච්ඡා කිරීම සඳහා බුද්ධි අංශ ප්‍රධානීන් රැස්වනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

ඉදිරි දිනවලදී අමතර හමුදා සෙබළුන් 4,000ක් රට පුරා මුර සේවයේ යොදවන බව ප්‍රංශ අගමැති Gabriel Attal කියා සිටියා.

“ත්‍රස්තවාදී තර්ජනය ඇත්ත දෙයක්. එය බලගතු තර්ජනයක්” යනුවෙන් අගමැතිවරයා පැවසුවේ මේ වසරේ දැනටමත් කුමන්ත්‍රණ දෙකක් වළක්වා ඇති බව අනාවරණය කරමින්.

 

AFP 20240324 34M82Z8 v2 HighRes TopshotRussiaAttackShootingමොස්කව් හි Crocus නගර ශාලාව සිකුරාදා සවස ආක්‍රමණය කිරීමේදී අවම වශයෙන් පුද්ගලයන් 137 දෙනෙකු මරුමුවට
තුවක්කුකරුවන් විසින් මොස්කව් හි Crocus නගර ශාලාව සිකුරාදා සවස ආක්‍රමණය කිරීමේදී අවම වශයෙන් පුද්ගලයන් 137 දෙනෙකු මරුමුවට පත්වුනා. 

 



ත්‍රස්තවාදීන් පසුව ගොඩනැගිල්ලට ගිනිතැබුවා. මේ ප්‍රහාරයෙන් දෝංකාර වූයේ 2015 වසරේ නොවැම්බර් මාසයේ පැරිසියේ Bataclan සංගීත ශාලාවට එල්ල වූ ප්‍රහාරය යි. පුද්ගලයන් 90 දෙනෙක් මිය ගිය එම ප්‍රහාරයේ වගකීම බාරගත්තේ ද IS කණ්ඩායම යි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල මීට පෙර ද ප්‍රහාරයන්ට ලක්ව තිබෙනවා. ඒ, 1972 මියුනික් හා 1996 ඇට්ලන්ටා ඔලිම්පික්. ලොව නන් දෙසින් පැමිණෙන දහස් ගණන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, අතිවිශාල සෙනඟ හා සජීවී ගෝලීය රූපවාහිනී ප්‍රේක්ෂකයන් නිසා ඔලිම්පික් ක්‍රීඩා උළෙල අගනා ත්‍රස්ත ඉලක්කයක් බවට පත්ව තිබෙනවා.

ප්‍රථම වතාවට ක්‍රීඩාංගණයකින් පිටත ඔලිම්පික් සමාරම්භක උළෙලක් පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් පැරිස් සංවිධායකයින් නොනවතින ප්‍රශ්න කිරීම්වලට ලක්ව සිටිනවා.

 

parisiassමෙයින් හැඟෙන්නේ විශ්වාසනීය තර්ජන පැමිණියහොත් ක්‍රීඩකයින් බෝට්ටුවලට ගොඩ නොවෙන බව.
ක්‍රීඩාංගණයක් තුළ වෙනුවට ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සමාරම්භක උත්සවයේදී බෝට්ටු කණ්ඩායමකින් සෙන් ගංගාවේ පහළට පැද යන්නේ විචිත්‍ර ටෙලිවිෂන නිෂ්පාදනයක් සඳහා. මේ අරබයා පොලිසියට තිබෙන අභියෝග හේතුවෙන් සමහර ආරක්ෂක නිලධාරීන් මීට විරුද්ධ වී තිබෙනවා.

මීට විකල්ප සැලසුමක් නැති බව සංවිධායකයින් පැවසූවද, සමාරම්භක උත්සවයේ තත්ත්වය පහතට ගෙන එන බව ඔවුන් පවසා තිබෙනවා. මෙයින් හැඟෙන්නේ විශ්වාසනීය තර්ජන පැමිණියහොත් ක්‍රීඩකයින් බෝට්ටුවලට ගොඩ නොවෙන බව.

සටහන :
වැලිකතරේ ගිනියම් වූ පාපන්දුවෙන් මිදෙන්න දඟලන විදෙස් සුපිරි ක්‍රීඩකයෝ(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...