නමුත්, ටයිසන් විසින් හෝලිෆීල්ඩ්ගේ කන හපා කෑමෙන් පසුව එම තරගය ප්‍රසිද්ධ වී තිබෙන්නේ The Bite Fight නමින්.
තරගය අතරතුර හෝලිෆීල්ඩ්ගේ කනෙන් කොටසක් ඉවත් වන අයුරින් සිදුකළ මේ හපා කෑම නිසා ටයිසන් ඒ තරගයෙන් ඉවත් කෙරුනු අතර ඔහුගේ බොක්සිං බලපත්‍රය පවා ඔහුට අහිමි වුනා. කෙසේ වෙතත්, බලපත්‍රය පසුව ඔහුට ආපසු ලැබුනා. මෙය බොක්සිං ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ කුප්‍රකට සිදුවීමක්. නමුත් ටයිසන් දැන් එම සිද්ධියෙන් ප්‍රයෝජන ගනිමින් සිටින්නේ හපා කනු ලැබූ කනේ හැඩයට සෑදූ කෑම වර්ග විකිණීමට තබා මුදල් උපයමින්.
57 වැනි වියේ පසුවන ටයිසන් බොක්සිං වළල්ලෙන් සමුගැනීමෙන් පසුව මරිජුවානා කර්මාන්තයට ඇතුළු වී සිටිනවා.
57 වැනි වියේ පසුවන ටයිසන් බොක්සිං වළල්ලෙන් සමුගැනීමෙන් පසුව මරිජුවානා කර්මාන්තයට ඇතුළු වී සිටිනවා.
මයික් ටයිසන් සතුව කැලිෆෝනියාවේ අක්කර 40ක් විශාල කංසා (ගංජා) භූමියක් තිබෙන අතර ඔහුගේ මේ මත්ද්‍රව්‍ය රාජධානියෙන් ටයිසන් මසකට පවුම් 500,000ක් උපයන බව පැවසෙනවා.
විනෝදාත්මක අරමුණු සඳහා මරිජුවානා 2021 වසරේදී නිව්යෝක් ප්‍රාන්තයේ නීත්‍යානුකූල කළා.
මයික් ටයිසන් සතුව කැලිෆෝනියාවේ අක්කර 40ක් විශාල කංසා (ගංජා) භූමියක්
එතැන් සිට, හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා ගංජා ඇතුළු කරන ලද ඔහුගේ Mike Bites නිෂ්පාදන Greenwich Village, Brooklyn, Syracuse හා Farmingdale යන නිව්යෝක් හි ප්‍රදේශවල ගබඩා කර තිබෙනවා.
නිව්යෝක් ප්‍රාන්තයේ උපන් ටයිසන් ඔහුගේ මේ නිෂ්පාදන වෙනුවෙන් දැවැන්ත ප්‍රවර්ධන ක්‍රියාවලියක් සැලසුම් කරමින් සිටිනවා.
‘යකඩ මයික්’ – Iron Mike - යන විරුදාවළිය ලත් මයික් ටයිසන් මේ ප්‍රවර්ධන ඉසව්ව ලබන මාසයේ පැවැත්වීමට යන්නේ ටයිම්ස් චතුරස්‍රයේ.
ටයිසන් විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සඳහන්: “බෲක්ලින්වල හැදී වැඩුනු මම කවදාවත් හිතුවේ නැහැ මානසික හා ශාරීරික සුවය වැඩි දියුණු කිරීම පිණිස ගංජා නීත්‍යානුකූලව ප්‍රයෝජනයට ගැනීමේ දවසක් ඒවි කියලා.”
“නිව්යෝක් මේ අහන්න! ශාක මුල්කර ගත් මේ සනීප අත්දැකීමට ව්‍යාප්තව ප්‍රවේශ වීම සඳහා දියුණු කළ යුතු දේවල් අපට තව තියෙනවා.''
“නමුත් අද එහෙම වෙලා තියෙනවා. අද අපි ඒ විස්මිත දියුණුවට සාක්ෂි දරනවා.”
“නිව්යෝක් මේ අහන්න! ශාක මුල්කර ගත් මේ සනීප අත්දැකීමට ව්‍යාප්තව ප්‍රවේශ වීම සඳහා දියුණු කළ යුතු දේවල් අපට තව තියෙනවා. නමුත් අපි එකතු වුනොත් ආරක්ෂාව, තත්ත්වය හා රසය ට ප්‍රමූඛත්වය දෙන විශිෂ්ඨ මට්ටමකින් යුත්, වෙනත් කිසිම දෙයකට සමාන කළ නොහැකි අන්දමේ අත්දැකීමක් මෙමගින් සහතික කළ හැකි බව මට විශ්වාසයි.”
Mike Bites
කන හපා කෑමේ සිදුවීමට ප්‍රණාමයක් ලෙසින් වෙළඳ පොලට නිකුත් කර තිබෙන Mike Bites නමැති ඇලෙන සුළු කෑම ජාති Watermelon, Blueberry, Mango සහ Green Apple යන රසවලින් මිලදී ගත හැකියි.
මයික් ටයිසන්ගේ පරම්පරාවේ වෙනත් කිසිම බොක්සිං ක්‍රීඩකයෙකුට සටන් කිරීම හැර වෙනත් මුදල් ඉපයීමේ මාර්ගයක් නැහැ. නමුත් මයික් ටයිසන් බොක්සිං වළල්ලෙන් පිට විශාල මුදලක් උපයා තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




