The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

මතීෂ පතිරණ, දෝනිගේ පාද ස්පර්ශ කර ආශිර්වාද ලබා ගත් කතාවේ ඇත්ත නැත්ත

T

The Leader Desk

March 29, 2024 • 3:26 PM

මතීෂ පතිරණ, දෝනිගේ පාද ස්පර්ශ කර ආශිර්වාද ලබා ගත් කතාවේ ඇත්ත නැත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2024) තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට
  • මෙවර තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවති පළමු තරගයට මතීෂ පතිරණ ක්‍රීඩා නොකළ අතර, මාර්තු 26 වන දා ගුජරාට් ටයිටන්ස් සමග පැවති තරගයට ක්‍රීඩා කළේ, impact player ලෙස ය.
  • ඒ අනුව, පන්දු යැවීමෙහි නිරත වූ ඔහු පන්දු වාර 4ක් යවමින් ලකුණු 29කට එක් කඩුල්ලක් බිඳ හෙළී ය.
  • ඔහු ලබා දුන් ලකුණු සාමාන්‍යය පන්දු වාරයකට ලකුණු 7.25කි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනා ගැනීමට හැකි වී තිබේ.

මෙවර තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවති පළමු තරගයට මතීෂ පතිරණ ක්‍රීඩා නොකළ අතර, මාර්තු 26 වන දා ගුජරාට් ටයිටන්ස් සමග පැවති තරගයට ක්‍රීඩා කළේ, impact player ලෙස ය.

ඒ අනුව, පන්දු යැවීමෙහි නිරත වූ ඔහු පන්දු වාර 4ක් යවමින් ලකුණු 29කට එක් කඩුල්ලක් බිඳ හෙළී ය. ඔහු ලබා දුන් ලකුණු සාමාන්‍යය පන්දු වාරයකට ලකුණු 7.25කි. තුෂාර් දේශ්පාණ්ඩේ සහ දීපක් චහාර්ට පසු, සුපර් කිංග්ස් වෙනුවෙන් තරගයේ තුන් වන හොඳ ම පන්දු යැවීම මතීෂ වාර්තා කළේ ය.

 

matheesha Pගුජරාට් ටයිටන්ස් සමග පැවති තරගයට මතීෂ ක්‍රීඩා කළේ, impact player ලෙස ය

 

දැඩි අවධානයකට ලක්වූ මතීෂ පතිරණගේ ක්‍රියාව

එම තරගයෙන් මතීෂ නියෝජනය කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 63ක දැවැන්ත ජයක් හිමි වුව ද, තරගයේ වඩාත් අවධානය යොමු වූයේ, මතීෂ පතිරණගේ ක්‍රියාවක් දෙස ය.

එම තරගයේ පන්දු යැවීමට පෙර මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කඩුලු රකින්නා වන මහේන්ද්‍ර සිං දෝනි අසලට ගොස් බිමට නැමී අතින් යමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වන්නට විය.

අවසන් තත්පර කිහිපයේදී තවත් කැමරාවකට එම දර්ශනය අවහිර වීම හේතුවෙන් ඔහු සැබවින් ම කරන්නේ කුමක් ද? යන්න පැහැදිලිව නොපෙනේ.

බැලූ බැල්මට එම දර්ශනයෙන් පෙනී යන්නේ, මතීෂ පතිරණ, මහේන්ද්‍ර සිං දෝනිගේ පාදය ස්පර්ශ කර ආශීර්වාද ලබා ගන්නා ආකාරයකි.

ඒ අනුව, තමන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් සැලසූ 'මහේන්ද්‍ර සිං දෝනිගෙන් පන්දු යැවීමට පෙර මතීෂ පතිරණ ආශීර්වාද ලබා ගත් අයුරු' යන ශීර්ෂ පාඨය සහිතව එම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන්නට විය.

ඉන්දීය සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බොහෝ දෙනෙකු මෙය අගය කරමින් අදහස් පළ කර තිබිණි.

sdtr54

 

ඇත්තට ම මොකද වුණේ?

කෙසේ වෙතත්, මෙම වීඩියෝව පිළිබඳව දැඩි අවධානයක් යොමු වීමත් සමග ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත් ආයතන වීඩියෝවෙහි දැක්වෙන දර්ශනයෙහි සැබෑ තත්ත්වය විමසීමට පියවර ගෙන තිබිණි.

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත් සපයන්නෙකු වන Zee News ආයතනය මේ සම්බන්ධයෙන් සත්‍යාපනයක් (fact check) සිදු කර තිබිණි.

ඔවුන් එම වීඩියෝව පරීක්ෂා කිරීමෙන් පසු අනාවරණය කළේ, මතීෂ පතිරණ, දෝනිගේ පාදය අසල තිබූ පන්දු යවන්නන් සිය දුර සලකුණු කිරීමට භාවිත කරන මාර්කර් එක අහුලා ගැනීමට බිමට නැමී ඇති බව ය.

මීට අමතරව, තවත් පුවත් සපයන ආයතන කිහිපයක් ම ඉහත කී කරුණුම අනාවරණය කර තිබිණි.

මේ අතර, එම වීඩියෝවේ මන්ද චලන (slow motion) දර්ශන මගින් ද සිදුවූ සැබෑ දේ යම් තරමකට පැහැදිලි කර ගත හැකි විය.

 

ඉන්දියාවෙන් ලැබෙන ආදරය

මතීෂ පතිරණ ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ ආදරයට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන කුඩා දරුවන්ගේ ගෞරවයට ද පාත්‍ර වී ඇති බව මෑතකදී පළ වී ඇති වීඩියෝ සහ ඡායාරූපවලින් පෙනී යයි.

fge56


මතීෂ පතිරණ ගැන තොරතුරු බිඳක්

2002 වර්ෂයේ දෙසැම්බර් මස 18 වන දා මහනුවරදී උපත ලැබූ මතීෂ පතිරණ සිය මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ, ගන්නොරුව, රණබිම රාජකීය විද්‍යාලයෙනි. එහිදී ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව එල්ලේ ක්‍රීඩාවේ ද නිරත වූ ඔහු පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්ව තිබේ.

දකුණත් වේග පන්දු යවන්නෙකු වන මතිෂ පතිරණ, 2020 සහ 2022 යන වසර වලදී අවුරුදු 19න් පහළ අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට සමත් විය.

2022 වර්ෂයේදී ඇෆ්ගනිස්ථානය සමග පැවති 20/20 තරග සංචාරය සඳහා නම් කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මතීෂ පතිරණ ඇතුළත් කෙරුණු අතර එහිදී ඔහුට සිය මව්බිම නියෝජනය කරමින් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවිය.

jhsdjgt


IPL තරගාවලියේ පළමු පන්දුවෙන් ම මතීෂ තැබූ වාර්තාව

2022 වර්ෂයේදී මතීෂ පතිරණට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදාවූයේ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායාමේ ක්‍රීඩක ඇඩම් මිල්නේ ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ඇඩම් මිල්නේ වෙනුවට චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කිරීමට අවස්ථාව උදාවන මතීෂ පතිරණ තමන් ක්‍රීඩා කළ පළමු තරගයේදී යවන ලද පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

එලෙස වාර්තා පොත් අතරට එක්වූ නව වන පන්දු යවන්නා ලෙස මතීෂගේ නම වාර්තා අතරට එක්වූයේ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ෂුබ්මන් ගිල්ගේ කඩුල්ල දවා ගැනීමත් සමග ය.


(BBC සිංහල සේවය)
 


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මතීෂ පතිරණ, දෝනිගේ පාද ස්පර්ශ කර ආශිර්වාද ලබා ගත් කතාවේ ඇත්ත නැත්ත | The Leader