The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ලෝක රග්බි අධ්‍යාපනික වැඩසටහන් උතුරෙන් අරඹයි

T

The Leader Desk

March 30, 2024 • 9:53 AM

ලෝක රග්බි අධ්‍යාපනික වැඩසටහන් උතුරෙන් අරඹයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක රග්බි සම්මේලනයේ ශ්‍රී ලංකා Level 1 පුහුණු, සංවර්ධන හා අධ්‍යාපන 2024 වැඩසටහන දිවයිනේ උතුරු පළාතෙන් ආරම්භ වී තිබෙනවා.
  • ලෝක රග්බි ක්‍රීඩාව 1823 සිට 2023 දක්වා වූ වසර 200ක කාලයක් පිරීම සැමරුවේ මෑතකදී.
  • මේ පළමු මට්ටමේ රග්බි පුහුණු හා අධ්‍යාපන වැඩසටහන යටතේ යාපනය සරසවියේ පැවති වැඩමුළුවට 30 දෙනෙකු ද, වව්නියා විශ්ව විද්‍යාලයේ පැවති වැඩමුළුවට තවත් 30 දෙනෙකු ද සහභාගි වුනා.
  • පිරිමි මෙන්ම කාන්තාවන්ට ද මීට සහභාගි වීමට අවස්ථාව උදාවී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වසර 145ක ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ මෙවැනි පුහුණු හා සංවර්ධන වැඩසටහනක් යුද්ධයෙන් විනාශ වූ උතුරු පළාත් කලාපයේ සංවිධානය කෙරුනු ප්‍රථම අවස්ථාව මෙය යි.

ලෝක රග්බි සම්මේලනයේ දෙවසරකට ආසන්න කාලයක් තහනමකට ලක්ව සිටීමෙන් පසුව ශ්‍රී ලංකා රග්බි සංගමය මෙවැනි විශිෂ්ට පියවරක් තබමින් යළි නැගී සිටීම ලාංකේය රග්බි ප්‍රජාවගේ ඉමහත් පැසසුමට ලක්ව තිබෙනවා. මේ වැඩසටහන විශේෂයෙන් උතුරේ රග්බි ක්‍රීඩාව පණ ගන්වමින් ආරම්භ වීම ශ්‍රී ලංකා රග්බි ක්ෂේත්‍රයට පමණක් නොව ආසියානු හා ලෝක රග්බි ක්ෂේත්‍රයටද ආඩම්බර විය හැකි කරුණක් බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ පුහුණු සහ අධ්‍යාපන කළමනාකාරිනිය මෙන්ම කාන්තා රග්බි සංවර්ධන කළමනාකාරිනිය ද වන තනුජා වීරක්කොඩි පවසනවා.

ලෝක රග්බි ක්‍රීඩාව 1823 සිට 2023 දක්වා වූ වසර 200ක කාලයක් පිරීම සැමරුවේ මෑතකදී.

මේ පළමු මට්ටමේ රග්බි පුහුණු හා අධ්‍යාපන වැඩසටහන යටතේ යාපනය සරසවියේ පැවති වැඩමුළුවට 30 දෙනෙකු ද, වව්නියා විශ්ව විද්‍යාලයේ පැවති වැඩමුළුවට තවත් 30 දෙනෙකු ද සහභාගි වුනා.

මේ වැඩසටහන, ශ්‍රී ලංකාවේ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ජාත්‍යන්තර රග්බි ආශ්වාදය ලබා දීම පිණිස ශ්‍රී ලංකා රග්බි සංගමය දරණ උත්සාහයේ එක් දැවැන්ත පියවරක්. පිරිමි මෙන්ම කාන්තාවන්ට ද මීට සහභාගි වීමට අවස්ථාව උදාවී තිබෙනවා.

ශ්‍රී ලංකා රග්බි සංගමය හා ලෝක රග්බි සම්මේලනය එක්ව දිවයිනේ පළාත් නවය තුළ තෝරා ගත් විශ්ව විද්‍යාල නවයක මේ පුහුණු හා අධ්‍යාපනික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප්‍රධානී නලින් ද සිල්වා මහතාගේ විශේෂ මගපෙන්වීම යටතේ.


මේ වැඩසටහනේ මූලික පරමාර්ථය වී තිබෙන්නේ, මේ වන විට ශ්‍රී ලංකාවේ පාසල් හා ජනප්‍රිය ක්‍රීඩා සමාජ අටක් අතර පමණක් ප්‍රචලිතව තිබෙන රග්බි ක්‍රීඩාව ඉන් ඔබ්බට ව්‍යාප්ත කිරීම.

රග්බි පුහුණුකරුවන්, තරග විනිසුරුවන්, ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් හා වෛද්‍ය නිලධාරී තනතුරු වෙනුවෙන් Level 1 පාඨමාලා පෙලක් නිර්මාණය කර තිබෙන බව ශ්‍රී ලංකා රග්බි සංගමය ප්‍රකාශ කරනවා.

අනාගතයේදී රග්බි වෘත්තීය සුදුසුකම් ලත් සරසවි සිසුවෙක් හෝ සිසුවියක් නිර්මාණය කිරීමේ හැකියාව මේ ව්‍යාපෘතියට තිබෙන බව තනුජා වීරක්කොඩි අවධාරණය කරනවා.

Coaching, Strength & Conditioning, Referee හා Medic යන තනතුරු සඳහා පුහුණු වීමේ මහඟු අවස්ථාවක් මේ පාඨමාලාවෙන් ලබා දෙන අතර මෙමගින් විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන දක්ෂ රග්බි ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතා ඔප්නංවා ගෙන ජගත් රග්බි පිටිය දක්වා යාමට මං විවර වෙනවා.


මේ සියළු අධ්‍යාපනික වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ ලෝක රග්බි පුහුණුකරු වයිප ගුණරත්න (Coaching), අධ්‍යාපනඥ ආනන්ද කස්තුරිආරච්ච් (Strength and Conditioning), අනිල් ජයසිංහ (Match Officials), ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවර්ධන අධ්‍යක්ෂ ශම්රත් ප්‍රනාන්දු (සම්බන්ධිකරණය), රොෂාන් ද සිල්වා (Admin) හා තනුජා වීරක්කොඩි (T&E Manager) යන මහත්ම මහත්මීන් විසින්.


 warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



Rugby North 1ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ මෙහෙයවීමෙන් උතුරු පළාතේ පැවති පළමු පෙල පුහුණු හා අධ්‍යාපනික වැඩසටහන මෙහෙයවූ ලෝක රග්බි පුහුණුකරු වයිප ගුණරත්න සහ අධ්‍යාපනඥයින් වන ආනන්ද කස්තුරිආරච්චි, රජීව් පෙරේරා, ශම්ලි නවාස්, රෝහිත රාජපක්ෂ හා දුමින්ද සිල්වා යන මහත්වරු ක්‍රීඩකයන් සමග 



Rugby North 2වයිප ගුණරත්න මහතා ක්‍රීඩකයන්ට උපදෙස් දුන් අවස්ථාව 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක රග්බි අධ්‍යාපනික වැඩසටහන් උතුරෙන් අරඹයි | The Leader