The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට විශිෂ්ඨ ජයක් - තරගාවලිය සමකරති

T

The Leader Desk

March 31, 2024 • 4:38 AM

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට විශිෂ්ඨ ජයක් - තරගාවලිය සමකරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකාවේ පොචෙස්ට්‍රෝම් නුවරදී ඊයේ (30 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයේදී ශ්‍රි ලංකා කාන්තා පිල, දකුණු
  • තරගය ජයගත් ඔව්හු තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්හ.
  • පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තාවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබාගත්හ.
  • ඉලක්කය කරා යාමේදී, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක අඛණ්ඩ සම්බන්ධතාවක් පැවැත්වූ විශ්මි ගුණරත්න (නොදැවී 65) සහ කවීෂා දිල්හාරි (නොදැවී 45) පන්දු 7 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජය ගෙන දුන්හ.
අකුරු ප්‍රමාණය (Font Size):

අප්‍රිකාව පරාජය කරමින්, කඩුලු 7 ක විශිෂ්ට ජයක් අත්පත් කරගත්හ.

තරගය ජයගත් ඔව්හු තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තාවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබාගත්හ.

ඉලක්කය කරා යාමේදී, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක අඛණ්ඩ සම්බන්ධතාවක් පැවැත්වූ විශ්මි ගුණරත්න (නොදැවී 65) සහ කවීෂා දිල්හාරි (නොදැවී 45) පන්දු 7 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජය ගෙන දුන්හ.

 

vishmi gunaratne and kaveesha dilhari of sri lanka

විශ්මි ගුණරත්න (නොදැවී 65) සහ කවීෂා දිල්හාරි (නොදැවී 45) 

 

ලකුණු 138 ක ඉලක්කයක් කරා යාම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පස්වැනි ඕවරයේ නිමාවත් සමගම ලකුණු 6 කට දැවී ගියාය. ඒ වන විට මුලු ලකුණු සංඛ්‍යාව වූයේ 25 කි.

චමරි දැවීයන විටත් පන්දු 20 කින් ලකුණු 19 ක් ලබා සිටි විශ්මි ගුණරත්න, අභීත පිතිහරඹයක නිරත වෙමින් ඉදිරියට ගියේ 10 වැනි ඕවරය නිමා වන විට කඩුලු 2 කට 56 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දමමිනි.

තුන්වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව පැමිණි කවීෂා දිල්හාරි සහ විශ්මි එක්ව පන්දු 45 කදී ලකුණු 76 ක් එකතු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. ඔවුන් දෙදෙනා අවසන් ඕවර 4 දී ලකුණු ලබාගත් ආකාරය සටහන් වූයේ 10, 11, 11 සහ 10 ක් ලෙසිනි.

පන්දු 57 කින් නොදැවී ලකුණු 65 ක් ලබාගත් විශ්මි ගුණරත්නගේ ඉනිමට හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. කවීෂා මුහුණ දුන් පන්දු 28 න් හයක්ම හතරේ සීමාවට යවමින් විශ්මිගේ අනෙක් අන්තයේ නොසැළී රැඳී සිටියාය.

 

image a041c05519

අචිනි කුලසූරිය

 

කාසිවේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්හ. 

සිව්වැනි ඕවරයේදීම ටැන්සිම් බ්‍රිට්ස් (07) දවාගැනීමට අචිනි කුලසූරිය සමත් වූ නමුත් එතැන් සිට එක්වූ අන්කි බෝෂ් (50) සහ මෙරිසෑන් කෙප් (44) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 58 ක් එක් කළහ. 

 

bosche

තම තුන්වැනි විස්සයි-20 අන්තර්ජාතික අර්ධ ශතකය ලබාගත් බොෂ්

 

තම තුන්වැනි විස්සයි-20 අන්තර්ජාතික අර්ධ ශතකය ලබාගත් බොෂ්, පන්දු 31 කින් ඒ කරා අවතීර්ණ වූයේ හතරේ පහර 4 ක් සහ හයේ පහර දෙකක් ද තම ඉනිමට ඇතුළත් කරමිනි. 

බොෂ්ට අනගි සහයෝගයක් දුන් මෙරිසෑන්, හතරේ පහර 5 ක් සහ හයේ පහර දෙකක් ද සහිතව පන්දු 36 කින් ලකුණු 44 ක් ලබාගත්තාය. 

දකුණු අප්‍රිකානු කාන්තාවෝ - ඕවර 20 කදී කඩලු 8 ට 137 යි
(අන්කී බොෂ් 50, මෙරිසෑන් කෙප් 44, නඩීන් ඩි’ක්ලර්ක් නොදැවී 16, අචිනි කුලසූරිය 26/2)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 18.5 කදී කඩුලු 3 ට 138 යි
(විශ්මි ගුණරත්න නොදැවී 65, හර්ෂිතා සමරවික්‍රම 12, කවීෂා දිල්හාරි නොදැවී 45)


(kelimandala.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට විශිෂ්ඨ ජයක් - තරගාවලිය සමකරති | The Leader