ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව පිළිබඳ ගැටළුව ප්‍රංශය දරා සිටින්නේ දැඩි පීඩාවක් යටතේ බව මෙයින් හැඟෙනවා.
වැඩිම අවශ්‍යතාවක් තිබෙන කාර්යය වන මුර බල්ලන් හැසිරවීම වැනි තීරණාත්මක අංශවල ශක්තිය වැඩි කිරීම සඳහා විදෙස් රටවල් කිහිපයක් ප්‍රංශය ට සහාය වනු ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියෙක් පවසනවා.
ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව පිළිබඳ ගැටළුව ප්‍රංශය දරා සිටින්නේ දැඩි පීඩාවක් යටතේ බව මෙයින් හැඟෙනවා.
විදේශීය සෙබළුන් කොතරම් ප්‍රමාණයක් ප්‍රංශ භූමියේ සිටිනු ඇත්ද යන්න පිළිබඳව එම නිලධාරියා අනාවරණය නොකළ ද පෝලන්තයේ ජාතික ආරක්ෂක ඇමති Wladyslaw Kosiniak-Kamysz තහවුරු කළේ තම රට ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ප්‍රංශය පිහිටුවා තිබෙන ජාත්‍යන්තර සන්ධානයට එක් වන බව.
පොලිස් නිලධාරීන් 2,185 දෙනෙකු එවන ලෙසට පැරිසිය මිත්‍ර රටවල් 46කින් ඉල්ලා ඇත.
ඔලිම්පික් උළෙල සඳහා වන පොලිස් බලය ශක්තිමත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් 2,185 දෙනෙකු එවන ලෙසට පැරිසිය මිත්‍ර රටවල් 46කින් ඉල්ලා ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.
විදෙස් සහයෝගයේ වැදගත්කම මේ අමාත්‍යංශ නිලධාරීන් දෙදෙනා ම පෙන්වා දෙනවා.
“ප්‍රධාන තරගාවලියක් පැවැත්වීමට පෙර එය සංවිධානය කිරීමේදී ඊට මිත්‍ර රටවල සහාය ලබා ගැනීම සත්කාරක රටවල් විසින් ගනු ලබන විශිෂ්ට පියවරක් බව එක් නිලධාරියෙක් සඳහන් කරනවා.
2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ආරක්ෂක කටයුතුවලට සහාය වීම පිණිස යුරෝපීය මිත්‍ර රටවල් පොලිස් නිලධාරීන් 160
පසුගිය වසරේ ප්‍රංශයේ පැවති ලෝක කුසලාන රග්බි තරගාවලියේදී එහි ආරක්ෂක කටයුතුවලට සහාය වීම පිණිස යුරෝපීය මිත්‍ර රටවල් පොලිස් නිලධාරීන් 160 දෙනෙකු එවූ බව පැවසූ එම නිලධාරියා ඔවුන්ගෙන් සමහරෙක් ක්‍රීඩා ලෝලීන්ට දක්නට ලැබුනේ එම නිලධාරීන් වීදි මුර සංචාරයේ යෙදුනු නිසා බව ද කියා සිටියා.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරක්ෂාව පිළිබඳ අවධානය ප්‍රංශයේ දේශීය හමුදාවන්ගෙන් ඔබ්බට ගොස් තිබෙන්නේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරයත්, එය ඉස්ලාමීය ප්‍රාන්ත (IS) කණ්ඩායම විසින් බාර ගැනීමත් නිසා.
පොලිස් නිලධාරීන් හා පොලිස් කාර්ය සඳහා යොදවා ඇති යුද භටයින් 45,000ක් ඔලිම්පික් උළෙල පැවැත්වෙන සෑම දිනකම මුර සේවයේ යොදවනු ලබන අතර හමුදා භටයින් 18,000ක් ද ආරක්ෂක කටයුතුවල නිරත වනු ඇතැයි වාර්තා වෙනවා.
මීට අමතරව පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් 18,000 – 22,000 ප්‍රමාණයක් ඔලිම්පික් උළෙල මුර කිරීමට නියමිතයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් බළධාරීන්ගේ වැඩි අවධානය සෙන් ගංගාවේ පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භ උළෙල පිළිබදව යි
ආරක්ෂාව සම්බන්ධයෙන් බළධාරීන්ගේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ සෙන් ගංගාවේ පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භ උළෙල පිළිබදව යි. එය නැරඹීමට පැමිණෙන සෙනඟ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමෙන් අඩු කර තිබුනත්, ප්‍රවේශ පත් සහිතව 326,000ක් ඊට සහභාගි වනවා. මීට අමතරව, තවත් සිය දහස් ගණනක් වීදිවල සිට හෝ ගංගාවට උඩින් සිට බලන ජනේලවලින් හෝ සමාරම්භක උත්සවය නරඹනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට පෙර ප්‍රංශයේ ආරක්ෂක අංශ විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පැරිසියේ ප්‍රධාන යටිතල පහසුකම් ස්ථාන සමීපයේ වෙසෙන පුද්ගලයින් ඇතුළු මිලියනයක් දක්වා වන ජනතාවක් සෝදිසි කිරීමට සැලසුම් කර තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




