The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

කමිඳුගෙන් ක්‍රිකට් වාර්තා ගොඩක්

T

The Leader Desk

April 1, 2024 • 5:08 AM

කමිඳුගෙන් ක්‍රිකට් වාර්තා ගොඩක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා -බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (31) තරගය අවසන් කරන විට බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී
  • ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 531 ක් රැස් කළ අතර එහිදී ටෙස්ට් වාර්තා කිහිපයක්ම අලුත්වීම විශේෂත්වයකි.
  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දු දුවද්දී දැවීයාමත් සමඟ පිට පිට තුන්වැනි ශතකය පෙනෙන මානයේ සිටි කමිඳු මෙන්ඩිස්ට සිය ශතකය අහිමිව ගියේය.
  • කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලකුනු 55 ක් රැස්කර සිටියේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 531 ක් රැස් කළ අතර එහිදී ටෙස්ට් වාර්තා කිහිපයක්ම අලුත්වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දු දුවද්දී දැවීයාමත් සමඟ පිට පිට තුන්වැනි ශතකය පෙනෙන මානයේ සිටි කමිඳු මෙන්ඩිස්ට සිය ශතකය අහිමිව ගියේය.

කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය.  කමිඳු මෙන්ඩිස් නොදැවී ලබා ගත් ලකුණු 92 සඳහා හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.

කමිඳු ඔහු ක්‍රිඩාකළ ටෙස්ට් ඉනිම් හතර තුළදී ලකුණු 419ක් රැස්කරගෙන ඇති අතර ඔහු එය ලෝක වාර්තාවක් සම කිරීමක් වෙයි.

ඔහු මෙලෙස සමකළේ 1976 වසරේදී පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩාඩ් පළමු ටෙස්ට් ඉනිම් 4තුල වාර්තා කරතිබු ලකුණු 419යි.

මීට අමතරව කමිඳු මෙන්ඩිස් පළමු ටෙස්ට් ඉනිම 4 තුළදී අර්ධ ශතක වාර්තා කළ ලොව තුන්වැනි ක්‍රිඩකයා ලෙසටද වාර්තා අතරට එක්වුණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 531ක් ලබා ගත්තේය.

මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් ඉනිමකදී ක්‍රිඩකයෙක් ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටය.

මීට පෙර ඉන්දියාව 1976/77 තරග වාරයේදී නවසීලන්තයට එරෙහිව කිසිදු ශතකයක් වාර්තා නොකර කඩුලු 9ක් දැවී ලකුණු 524ක් ලබාගෙන තිබුණි.

(adaderana.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කමිඳුගෙන් ක්‍රිකට් වාර්තා ගොඩක් | The Leader