The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් පෙරළියක්

T

The Leader Desk

April 4, 2024 • 11:08 AM

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් පෙරළියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු වාර 20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.
  • ඒ, පිළිවෙළින්, 2013/14, 2014/15 සහ 2018/19 යන වසරවලදී ය.
  • වසර 6කට පසුව දෙරට අතර පැවති පන්දු වාර 20 තරගාවලිය දකුණු අප්‍රිකාවේදී ම ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයකි.
  •   අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


2013 වසරේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට දකුණු අප්‍රිකාව සමග පන්දු වාර 20 තරගාවලියකට සහභාගි වී ඇති අතර, මීට පෙර දෙරට අතර තරගාවලි තුනක් පවත්වා තිබිණි.

ඒ, පිළිවෙළින්, 2013/14, 2014/15 සහ 2018/19 යන වසරවලදී ය.

එම තරගාවලි තුන ම ජය ගැනීමය සමත් වූයේ, දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම යි.

වසර 6කට පසුව දෙරට අතර පැවති පන්දු වාර 20 තරගාවලිය දකුණු අප්‍රිකාවේදී ම ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයකි.

 

chamari a 3827

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කෙරිණි.

පන්දු වාර 20 තරගාවලිය

දකුණු අප්‍රිකාව සමග පැවති මෙම පන්දු වාර 20 තරගාවලිය තරග තුනකින් සමන්විත විය.

මාර්තු මස 27 වන දා ආරම්භ වූ මෙම තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 79ක පහසු ජයක් හිමි කර ගත්තේ, දකුණු අප්‍රිකානු කණ්ඩායම යි.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 198ක් රැස් කළේ ය.

දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්වාඩට් ලකුණු 102ක් රැස් කළා ය.

පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලු කඩුලු දැවී රැස් කළේ, ලකුණු 119ක් පමණි.

දෙවන තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලිය තුළ සජීවීව සිටීමට සමත් විය.

එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 138ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තේ ය.

නොදැවී ලකුණු 45ක් සහ පන්දු යැවීමේදී එක් කඩුල්ලක් දවා ගත් කවීෂා දිල්හාරි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරිණි.

චමරි අතපත්තුගෙන් විශිෂ්ට ඉනිමක්

 

chamari a2378
මේ අතර, බදාදා (අප්‍රේල් 03) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 4ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළේ ය.

එහිදී ලෝරා වොල්වාඩට් ලකුණු 56ක් රැස් කළ අතර, නඩීන් ඩි ක්ලර්ක් නොදැවී ලකුණු 44ක් රැස් කළා ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු සහ දෙවන තරගවලදී ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 46කදී ලකුණු 73ක් රැස් කළා ය.

ඊට අමතරව, හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 54ක් රැස් කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා ය.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කෙරිණි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු වාර 20 තරගාවලියක් ජය ගත්තේ, පළමු වරට ය.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...