The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් පුරාවෘත්ත බෝල්ට් හා ලොව වේගවත්ම බල්ලා අතර තරගයක්

T

The Leader Desk

April 5, 2024 • 10:01 AM

ඔලිම්පික් පුරාවෘත්ත බෝල්ට් හා ලොව වේගවත්ම බල්ලා අතර තරගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගත් යූසෙන් බෝල්ට් (Usain Bolt) වසර 2017දී තරග බිමෙන් සමුගත්ත ද ඔහුගේ ලෝක වාර්තාව නුදුරු අනාගතයේදී බිඳ දමනු ඇතැයි සිතීම අපහසුයි.
  •   ජර්මනියේ බර්ලිං නුවර පැවති 2009 ලෝක ශූරතාවලියේදී මීටර් 100 දුර තත්පර 9.58කින් අවසන් කළ අවස්ථාවේදී 37 හැවිරිදි බෝල්ට් ලෝකයේ වේගවත්ම මිනිසා බවට පත්වුනා.  එම වසරේදී ම මීටර් 200 නව වාර්තාව පිහිටුවූයේ තත්පර 19.19ක් සටහන් කරමින්.
  •   ඉක්බිති මේ ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූරයා එම වසරේදී ම මීටර් 200 නව වාර්තාව පිහිටුවූයේ තත්පර 19.19ක් සටහන් කරමින්.
  • යොහාන් බ්ලේක්, ටයිසන් ගේ සහ නෝව ලයිල්ස් වැනි ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් පසුගිය වසර 15 තුළ මේ වාර්තාව බිඳ දැමීමට උත්සාහ කළත් අසාර්ථක වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මීටර් 100 හා මීටර් 200 යන ඉසව් දෙකේ ම තිබුනු පැරණි වාර්තා ඔහු මකා දැමුවේ ඇදහිය නොහැකි දක්ෂතාවකින්.

 

ජර්මනියේ බර්ලිං නුවර පැවති 2009 ලෝක ශූරතාවලියේදී මීටර් 100 දුර තත්පර 9.58කින් අවසන් කළ අවස්ථාවේදී 37 හැවිරිදි බෝල්ට් ලෝකයේ වේගවත්ම මිනිසා බවට පත්වුනා. 

එම වසරේදී ම මීටර් 200 නව වාර්තාව පිහිටුවූයේ තත්පර 19.19ක් සටහන් කරමින්.

 

ඉක්බිති මේ ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූරයා එම වසරේදී ම මීටර් 200 නව වාර්තාව පිහිටුවූයේ තත්පර 19.19ක් සටහන් කරමින්.

යොහාන් බ්ලේක්, ටයිසන් ගේ සහ නෝව ලයිල්ස් වැනි ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් පසුගිය වසර 15 තුළ මේ වාර්තාව බිඳ දැමීමට උත්සාහ කළත් අසාර්ථක වී තිබෙනවා.

 

787dba9a fa86 467b 81a6 437263aa3efb3D තාක්ෂණය අනුව පරිගණකයෙන් උත්පාදනය කළ ග්‍රේහවුන්ඩ් (Greyhound) බල්ලෙක් සමග බෝල්ට් තරගයකට යොදවා තිබෙනවා.

බෝල්ට් සමග තරග කිරීමට මිනිසුන් මහත් පරිශ්‍රමයක් දරන අතරතුර, ඔහු සමහර සතුන් ට එරෙහිව කුමන ආකාරයෙන් තරග කරාවිද යනුවෙන් බොහෝ දෙනා කල්පනා කරනවා. මේ අනුව, 3D තාක්ෂණය අනුව පරිගණකයෙන් උත්පාදනය කළ ග්‍රේහවුන්ඩ් (Greyhound) බල්ලෙක් සමග බෝල්ට් තරගයකට යොදවා තිබෙනවා.

සිහින් ශරීර කූඩුව, දිගු දෙපා හා නැමෙනසුලු කොඳු නාරටිය සහ තවත් නොයෙකුත් සාධක සමග ග්‍රේහවුන්ඩ් බල්ලෙකුගේ සාමාන්‍ය දිවීමේ වේගය පැයට සැතපුම් 40 ඉක්මවා යාමට පුළුවන්. ලොව වේගවත්ම බලු වර්ගය ග්‍රේහවුන්ඩ් ලෙස සැළකෙනවා.

මේ සමග සසඳන විට, බෝල්ට් ඔහුගේ මීටර් 100 වාර්තාව පිහිටුවීමේදී සටහන් කළේ පැයට සැතපුම් 23.35ක සාමාන්‍ය වේගයක්.

 

මේ නිසා, MotionAthlete විසින් පළ කෙරුනු මේ තරගයේ තනන ලද පරිගණක ආකෘතියේදී බෝල්ට්ව පහසුවෙන් පරාජය වීම අරුමයක් නෙවෙයි. ග්‍රේහවුන්ඩ් මීටර් 100 කෙටි දුර දිවීම අවසන් කළේ තත්පර 5.80කින්. එය බෝල්ට් ට වඩා තත්පර 4කට ආසන්න වැඩි වේගයක්.

මේ ආකාරයෙන් 3D තාක්ෂණයෙන් යූසෙන් බෝල්ට්ගේ වේගය පරීක්ෂා කළ ප්‍රථම අවස්ථාව මෙය ‌නෙවෙයි.

ඉතා වේගයෙන් දිවීම පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව සිටින ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කිලිඅන් බප්පේ හා බෝල්ට් අතර මීටර් 100 තරගයක් ජය ගන්නේ කවරෙකුදැයි යන්න බලා ගැනීම පිණිස පරිගණකයෙන් මැවූ රූප පරීක්ෂණයක් මේ මස මුල පැවැත්වූවා.

 

බප්පේගේ මීටර් 100 කාලය තරග ධාවන පථයක කිසිදිනෙක සටහන් කරගෙන නැතත් වේගය ප්‍රදර්ශනය කරන චැනලය, බප්පේගේ සටහන්ගතව තිබෙන වැඩිම වේගය වන පැයට සැතපුම් 23.6 (පැයට කිලෝමීටර් 38) මත යම් කාලයක් ගණන් බලා තිබෙනවා.

බෝල්ට් හා බප්පේ අතර පරිගණක තරගයේ වීඩියෝවෙන් දැක්වෙන්නේ බෝල්ට් විසින් ඉක්මණින් ම බප්පේව පසුකර යාමෙන් පසුව බප්පේ බෝල්ට් පිටුපස හඹා යමින් සිටින ආකාරය යි.

බෝල්ට් තත්පර 9.58කින් තරගය නිම කළ අතර ඊට බොහෝ ප්‍රමාද වූ බප්පේ ගත් කාලය තත්පර 10.90ක්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...