The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝ රටවල් හතරකින් ‘රන් සපත්තුව’ දිනාගෙන ඉතිහාසගත වීමේ ගමනක

T

The Leader Desk

April 7, 2024 • 10:15 AM

රොනාල්ඩෝ රටවල් හතරකින් ‘රන් සපත්තුව’ දිනාගෙන ඉතිහාසගත වීමේ ගමනක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවිධ රටවල් හතරක ක්‍රීඩා කරමින් ‘රන් සපත්තුව’ – Golden Boot - සම්මානය දිනා ගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා බවට පත්ව තවත් ලෝක වාර්තාවක් පිහිටුවීමේ මාවතට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පිවිස සිටිනවා.
  • මේ අනුව, 39 හැවිරිදි රොනාල්ඩෝ මේ ක්‍රීඩා වාරයේ සෞදි වෘත්තීය ලීගයේ වැඩිම ගෝල්ලාභී ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ ගෝල් 29ක් ලබා ගෙන.
  • රොනාල්ඩෝ මේ දක්වා ‘රන් සපත්තුව’ සම්මාන හතරක් දිනා ගෙන තිබෙනවා.  2007-08 ක්‍රීඩා වාරයේදී එංගලන්තයේ Manchester United කණ්ඩායමට ක්‍රීඩා කරමින් ප්‍රිමිය ලීගයේ තරග 34කින් ගෝල් 31ක් ලබා ගෙන.
  •   ඔහු ප්‍රථම වතාවට මේ සම්මානය හිමිකර ගත්තේ 2007-08 ක්‍රීඩා වාරයේදී එංගලන්තයේ Manchester United කණ්ඩායමට ක්‍රීඩා කරමින් ප්‍රිමිය ලීගයේ තරග 34කින් ගෝල් 31ක් ලබා ගෙන.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රොනාල්ඩෝ දැනටමත් එංගලන්තය, ස්පාඤ්ඤය හා ඉතාලිය යන රටවල් තුනේ ප්‍රධානතම ලීග් පාපන්දු තරගාවලියන්හි වැඩිම ගෝල්ලාභියා බවට පත්වෙමින් මේ සම්මානය දිනා ගෙන සිටින අතර ඔහු ඉදිරියේ තිබෙන ඊළඟ අවස්ථාව සෞදි අරාබියේ වෘත්තීය පාපන්දු ලීගය යි.

 

‘AI Nassr’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන රොනාල්ඩෝ පසුගියදා පිට පිට ගෝල් ත්‍රිත්ව (hat-tricks) දෙකක් වාර්තා කිරීමට සමත් වුනා. පළමුව ‘AI Taee’ කණ්ඩායමට එරෙහිවත්, දෙවනුව ‘Abha’ කණ්ඩායමට එරෙහිවත් ඔහු මේ ගෝල් ත්‍රිත්වයන් ලබා ගත්තා.

මේ අනුව, 39 හැවිරිදි රොනාල්ඩෝ මේ ක්‍රීඩා වාරයේ සෞදි වෘත්තීය ලීගයේ වැඩිම ගෝල්ලාභී ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ ගෝල් 29ක් ලබා ගෙන. රොනාල්ඩෝ මේ දක්වා ‘රන් සපත්තුව’ සම්මාන හතරක් දිනා ගෙන තිබෙනවා. 

37c81e9c5d471b9a62dc4c1561f9c0ee2007-08 ක්‍රීඩා වාරයේදී එංගලන්තයේ Manchester United කණ්ඩායමට ක්‍රීඩා කරමින් ප්‍රිමිය ලීගයේ තරග 34කින් ගෝල් 31ක් ලබා ගෙන.

 

ඔහු ප්‍රථම වතාවට මේ සම්මානය හිමිකර ගත්තේ 2007-08 ක්‍රීඩා වාරයේදී එංගලන්තයේ Manchester United කණ්ඩායමට ක්‍රීඩා කරමින් ප්‍රිමිය ලීගයේ තරග 34කින් ගෝල් 31ක් ලබා ගෙන.

ඉන්පසු රොනාල්ඩෝ ඔහුගේ අනෙක් ‘රන් සපත්තුව’ සම්මාන තුන ම දිනා ගත්තේ ස්පාඤ්ඤයේ La Liga තරගාවලියේ Real Madrid කණ්ඩායම නියෝජනය කරමින්. 2010-11 ක්‍රීඩා වාරයේදී ගෝල් 40ක් ද, 2013-14 තරග වාරයේදී ගෝල් 31ක් ද, 2014-15 වාරයේදී ගෝල් 48ක් ද වාර්තා කරමින් රොනාල්ඩෝ එම Golden Boot සම්මාන හිමිකර ගත්තා. 

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ අවසන් වතාවට මේ සම්මානය හිමිකර ගත්තේ ඉතාලියේ දී. ඒ, Juventus කණ්ඩායම වෙනුවෙන් Serie A ලීග් තරගාවලියේ ගෝල් 29ක් ලබා ගෙන වැඩිම ගෝල්ලාභියා බවට පත්වෙමින්.

 



පෘතුගාලයේ රොනාල්ඩෝ මෙන් විවිධ යුරෝපීය පාපන්දු ලීග් තුනක් හරහා ‘රන් සපත්තුව’ සම්මානය හිමිකර ගත්‌ අනෙකුත් එක ම ක්‍රීඩකයන් වන්නේ උරුගුවේ රටේ ලුවී ස්වාරස් (Luis Suarez) හා නෙදර්ලන්තයේ රුඩ් වැන් නිස්ටල්රොයි (Ruud Van Nistelrooy).

ස්වාරස් ට ද රොනාල්ඩෝ මෙන් රටවල් හතරක තරගාවලියන්හි ‘රන් සපත්තුව’ සම්මානය හිමිකර ගැනීමට අවස්ථාව උදාවී තිබෙන්නේ ඔහු අමෙරිකාවේ Major League Soccer (MLS) තරගාවලියේ ‘ඉන්ට මයාමි’- Inter Miami -  ක්‍රීඩා සමාජයට එක්ව සිටින බැවින්. නමුත් ඒ සඳහා ඔහු රොනාල්ඩෝගේ පරම ප්‍රතිවාදියා මෙන්ම තමාගේ ‘ඉන්ට මයාමි’ කණ්ඩායම් නායක සගයා ද වන ලිඔනල් මෙසී ට වඩා ගෝල් ලබා ගත යුතුව තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රොනාල්ඩෝ රටවල් හතරකින් ‘රන් සපත්තුව’ දිනාගෙන ඉතිහාසගත වීමේ ගමනක | The Leader