The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා මල්ලවපොර: ඔලිම්පික් සුදුසුකම් ලබන්න කණ්ඩායම අද කිරිගිස්තානයට

T

The Leader Desk

April 7, 2024 • 10:23 AM

ශ්‍රී ලංකා මල්ලවපොර: ඔලිම්පික් සුදුසුකම් ලබන්න කණ්ඩායම අද කිරිගිස්තානයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරු, කළමනාකරු, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපති හා වැඩබලන ලේකම් සමග...
  • ක්‍රීඩකයින් සිවු දෙනෙක්, ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, පුහුණුකරු හා කළමනාකරු ඊට ඇතුළත්.
  •   ඊ.එම්.ජී.කතුරංගන කිලෝග්‍රෑම් 57 බර පංතියේත්, එච්.පී.ටී.පී.චන්ද්‍රසේකර කිග්‍රෑ 61 බර පංතියේත්, සී.ඩී.
  • ප්‍රනාන්දු කිග්‍රෑ 65 බර පංතියේත්, ඩබ්ලිව්.එම්.එම්.එල්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලෝක මල්ලවපොර සංගමයේ පුහුණු කඳවුරක් හා ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියන් ද්විත්වයකට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම අද කිරිගිස්තානය බලා පිටත්ව යනවා.

බිශෙක් නුවර පැවැත්වෙන මේ ඉසව්වලදී පළමුව පුහුණු කඳවුරට සහභාගි වන ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්පසු පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ උත්සාහයක යෙදෙමින් ජ්‍යෙෂ්ඨ ආසියානු මල්ලවපොර ශූරතාවලියටත්, ආසියානු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියටත් සහභාගි වීමටයි නියමිත.

මේ පුහුණු කඳවුර හා තරගාවලියන් දෙකට සහභාගි වන ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම අට දෙනෙකුගෙන් සමන්විතයි. ක්‍රීඩකයින් සිවු දෙනෙක්, ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, පුහුණුකරු හා කළමනාකරු ඊට ඇතුළත්.

 

wrestling team 2
ඊ.එම්.ජී.කතුරංගන කිලෝග්‍රෑම් 57 බර පංතියේත්, එච්.පී.ටී.පී.චන්ද්‍රසේකර කිග්‍රෑ 61 බර පංතියේත්, සී.ඩී. ප්‍රනාන්දු කිග්‍රෑ 65 බර පංතියේත්, ඩබ්ලිව්.එම්.එම්.එල්. විජේසූරිය කිග්‍රෑ 74 බර පංතියේත් තරග වදින ක්‍රීඩකයන් වන අතර ක්‍රීඩිකාවන් වන්නේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු (කිග්‍රෑ 53) හා එච්.පී.එන්.ඩබ්ලිව්. ධර්මදාස (කිග්‍රෑ 50). 

කණ්ඩායමේ පුහුණුකරු ලෙස සංචාරයට එක්වන්නේ සුරංග කුමාර යි. ඔහු, 2022 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 55 බර පංතියෙන් ශ්‍රී ලංකාව ට ලෝකඩ පදක්කමක් දිනා දුන් නෙත්මි අහිංසාගේ ද පුහුණුකරු යි. කළමනාකරු ලෙස කටයුතු කරන්නේ නුවන් චානක ප්‍රනාන්දු.

ආසියානු ශ්‍රේණිගත කිරීමේ ඉහළ ස්ථානයක් ළගා කර ගැනීම සහ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පවතින පරිසාධන මට්ටම වෙත ළඟා වීම ඉලක්ක කරගෙනයි ශ්‍රී ලාංකික මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන්‌ මේ තරගාවලියන්ට සහභාගි වන්නේ.

මේ පුහුණු කඳවුරට හා තරගාවලියන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගිත්වය සඳහා ලෝක මල්ලවපොර සංගමය, ජගත් ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යංශය විශාල සහයෝගයක් ලබා දෙන බව ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු උපලේකම් දනංජය රණසිංහ පවසනවා.

පුහුණු කඳවුරට සහභාගි වීම පිණිස දිනකට ස්විස් ෆ්‍රෑන්ක්ස් 70 බැගින් ජගත් ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩකයන්ට ලබා දෙන බවත් තරගාවලියන් දෙක සඳහා දිනකට ස්විස් ෆ්‍රෑන්ක්ස් 200 බැගින් ලෝක මල්ලවපොර සංගමය විසින් ලබා දෙන බවත් දනංජය රණසිංහ THE LEADER ට කියා සිටියා.

“මීට අමතරව, ගුවන් ප්‍රවේශ පත්, රක්ෂණය, වීසා හා තරගාවලියන්ට ඇතුළත් වීමේ ගාස්තු සඳහා යන වියදම් ක්‍රීඩා අමාත්‍යංශය දරනවා” යනුවෙන් දනංජය රණසිංහ පැවසුවා.

කළමනාකරු නුවන් චානක ප්‍රනාන්දු මේ තරගාවලියන්ට සහභාගි වන්නේ ඔහුගේ පෞද්ගලික වියදමෙන් බවත් ඔහුගේ ගුවන් ටිකට් පතට යන වියදම පමණක් ලබා දෙන ලෙසට ජාතික ඔලිම්පික් කමිටුවෙන් කළ ඉල්ලීමට ඔවුන් එකඟ වී ඇති බවත් දනංජය රණසිංහ කියනවා.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ පරිපාලන කටයුතු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත පවරා ගෙන ඇති පසුබිමක සම්මේලනයේ හිටපු සභාපති සරත් හේවාවිතාරණ හා ජාතික පුහුණුකරු එන්.කේ.ජේ.පියරත්න යන නිලධාරීන්ගේ සහයෝගය ඇතිව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු ගේ පූර්ණ මැදිහත්වීම මත මෙම සියළු කාර්යයන් සාර්ථකව ඉටු කර ගැනීමට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයට හැකි වූ බව හිටපු උපලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළා.

පුහුණු කඳවුර නිමා වීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ ආසියානු මල්ලවපොර ශූරතාවලි අප්‍රේල් 11 සිට 17 දක්වාත්, ආසියානු ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අප්‍රේල් 18 සිට 22 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා මල්ලවපොර: ඔලිම්පික් සුදුසුකම් ලබන්න කණ්ඩායම අද කිරිගිස්තානයට | The Leader