The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

බංගලාදේශ ක්‍රිකට්: හතුරුසිංහ සමග ගැටුමක්

T

The Leader Desk

April 10, 2024 • 4:55 PM

බංගලාදේශ ක්‍රිකට්: හතුරුසිංහ සමග ගැටුමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකු
  • ඒ, බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම එරට පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම කළමනාකරු ලෙස කලක පටන් කටයුතු කරන කාලිඩ් මහමුද් සුජාන් විසින් කරනු ලැබූ ප්‍රකාශයක් සමගයි.
  • එහිදී කාලීඩ් මහමුද් සුජාන් සඳහන් කර ඇත්තේ තමන් ඉදිරියේ බංගලාදේශ ජාතික කණ්ඩායම සමග කටයුතු නොකරන අතර කණ්ඩායමේ කිසිදු වගකීමක් දැරීමට අකමැති බව ය.
  •   කාලිඩ් මහමුද් කළ ප්‍රකාශයට හේතුව කුමක්ද ?
අකුරු ප්‍රමාණය (Font Size):
කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ, බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම එරට පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම කළමනාකරු ලෙස කලක පටන් කටයුතු කරන කාලිඩ් මහමුද් සුජාන් විසින් කරනු ලැබූ ප්‍රකාශයක් සමගයි.

එහිදී කාලීඩ් මහමුද් සුජාන් සඳහන් කර ඇත්තේ තමන් ඉදිරියේ බංගලාදේශ ජාතික කණ්ඩායම සමග කටයුතු නොකරන අතර කණ්ඩායමේ කිසිදු වගකීමක් දැරීමට අකමැති බව ය.
 

කාලිඩ් මහමුද් කළ ප්‍රකාශයට හේතුව කුමක්ද ?
 
බංගලාදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි කාලිඩ් මහමුද් සුජාන් විසින් එම ප්‍රකාශය සිදුකිරීමට හේතුව වී ඇත්තේ වත්මන් බංගලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග ඇතිවී තිබෙන විරසකයකි.

2023 වසරේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේදී බංගලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේද කාලිඩ් මහමුද් සුජාන් ය.

ඉන්දියාවේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී පෙරදී මෙන් තමන්ගේ වගකීම ඉටු කිරීමට අපොහොසත් වූ බව ඔහු බංගලාදේශ මාධ්‍ය වෙත පවසා තිබේ.


'මම ලොකු පුහුණුකරුවෙක් නොවෙන්න පුළුවන්'

මීර්පුර් හිදී බංගලාදේශ මාධ්‍යවේදීන් සමග පැවති හමුවකදී කාලීඩ් මහමුද් සුජාන් පවසා සිටියේ තමන්ට පසුගිය ලෝක කුසලානයේ දී තමන්ට ලැබිය යුතු ආත්ම ගරුත්වය නොලැබුණු බව ය.

"පහුගිය ලෝක කුසලානයේදී මම කරපු දේවල් මගේ ක්‍රිකට් ජීවිතයට ගැලපෙන්නේ නැහැ කියලා මම හිතනවා."

"මම ලොකු පුහුණුකරුවෙක් නොවෙන්න පුළුවන්, ක්‍රිකට් ගැන වැඩිය දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් පසුගිය ලෝක කුසලානයේදී මට ලැබෙන්න ඕන ආත්ම ගරුත්වය මට ලැබුණේ නැහැ. ඒ නිසා මට තවදුරටත් කණ්ඩායම සමඟ වැඩ කරන්න අවශ්‍ය නැහැ."

"මම හිතන්නේ නැහැ මම තවදුරටත් බංගලාදේශ ක්‍රිකට්වලට විසඳුම කියලා. එතන ලොකු විසඳුම් තියෙනවා. මට තවදුරටත් ජාතික කණ්ඩායමට සම්බන්ධ වෙන්න කිසිම උවමනාවක් නැහැ."

"විශාල වැටුප් ලබන ලොකු ලොකු පුහුණුකරුවන් එන නිසා ඒ අය අතරට නොයා ඉන්න එක තමයි මට හොඳ. මම දැන් අවුරුදු 28-29 තරුණයෙක් නෙවෙයි. මම දැන් මගේ ගෞරවය රැකගත යුතුයි."

"හතුරුසිංහ ලෝකයේ හොඳම පුහුණුකරු විය හැකියි, නමුත් මට ඒකෙන් වැඩක් නැහැ."

"මට බංගලාදේශයේ ලොකු ගෞරවයක් තියෙනවා, ක්‍රිකට් ක්‍රීඩකයන් මට ගොඩක් ගරු කරනවා. මට ඒ ගෞරවය නැති කරගන්න ඕන නෑ." මීර්පුර් හිදී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා පැවසු බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

 
කවුද මේ කාලීඩ් මහමුද් සුජාන් කියන්නේ ?
 
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකත්වය හොඹවා තිබෙන කාලීඩ් මහමුද් සුජාන් එක්දින තරග 77 කට සහ ටෙස්ට් තරග 12 කට ක්‍රීඩා කර තිබේ.

එම තරගවලදී ඔහු රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 1,257ක් වන අතර දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 80කි.

ඉන් පසුව ඔහු බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තාක්ෂණික පුහුණුකරු, සහය පුහුණුකරු, කණ්ඩායම් කළමනාකරු යන තනතුරු හොඹවා ඇත.

වර්තමානයේ දී ඔහු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ තනතුරේ කටයුතු කරමින් සිටියි.

ඔහු මීට පෙර කියා සිටියේ තමා අතීතයේ මෙන්ම කණ්ඩායම් අධ්‍යක්ෂවරයා ලෙස කිසිදු තීරණ ගැනීමකට සම්බන්ධ වීමට හැකියාවක් නොමැති බව ය.


කාලීඩ් මහමුද් ශ්‍රී ලංකාව ගැන මීට පෙර කියූ කතාව
 
2022 වසරේදී පැවති ආසියානු කුසලාන තරගාවලියේදී බංගලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ කාලීඩ් මහමුද් සුජාන් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සමග මෙරට ක්‍රිකට් ලෝලීන් අතර මෙන්ම සමාජ මාධ්‍ය තුළ ඔහු උණුසුම් පුවත් මවන්නෙකු බවට පත්විය.

බංගලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ තර්ජනයක් එල්ල කිරීමට හැකි පන්දු යවන්නෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ නොමැති බවය.

ඔහු ඒ බව පැවසුවේ එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානක විසින් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

"දසුන් ශානක එහෙම කිව්වේ ඇයි කියලා මම දන්නේ නැහැ. ඔහු කිව්වා බංගලාදේශයට ෂකීබ් සහ මුස්තාෆිසුර් හැර ලෝක මට්ටමේ පන්දු යවන්නන් නැහැ කියලා. මම ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම තර්ජනාත්මක පන්දු යවන්නෙක් දකින්නේ නැහැ. අපට ලෝක මට්ටමේ පන්දු යවන්නන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන්ට ශකීබ් සහ මුස්තාෆිසුර්ගේ දක්ෂතාවයට සම කරන්න හැකි පන්දු යවන්නන් නැහැ." මහමුද් එම මාධ්‍ය හමුවේදී පවසා තිබුණි.

(BBC සිංහල සේවය)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...