The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික් ගිනිසිළුව ගමන් අරඹයි: වළාකුළින් වැසුනු අහස හරස් වෙයි

T

The Leader Desk

April 17, 2024 • 9:41 AM

පැරිස් ඔලිම්පික් ගිනිසිළුව ගමන් අරඹයි: වළාකුළින් වැසුනු අහස හරස් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරාවලයික කැඩපතක ඇතුළට හිරුගේ කිරණ කේන්ද්‍ර කොට ඔලිම්පික් ගිනිසිළුව නිපදවීමේ සාම්ප්‍රදායික ක්‍රමයට ඊයේ වළාකුළුවලින් පිරුණු අහස
  • ඉක්බිති එය ප්‍රංශයේ භූමිය හරහා යමින් ප්‍රංශය ට අයත් විදෙස් ප්‍රදේශ ඔස්සේ ගමන් කිරීමෙන් පසුව ජූලි 26 වැනිදා පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා පැරිසියට පැමිණීමට නියමිතයි.
  • එය සිදුවන්නේ බොහෝ දෙනා තවමත් පූජනීය ලෙස සළකන දකුණු ග්‍රීසියේ ස්ථානයක...ඔලිම්පික් ක්‍රීඩා උළෙල උපන් ස්ථානයේ.
  •     පූජකවරියන් ලෙස සැරසුනු කාන්තාවන් හදවත කොට ගත්‌ මේ ඔලිම්පික් ගිනිසිළුව දැල්වීමේ උත්සවය   Olympia නමැති කුඩා නගරයේදී සෑම දෙවසරකට වරක් ම මේ උත්සවය පැවැත්වෙන්නේ ශීත හා ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් උළෙල වෙනුවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

හරස් වූ බැවින් ඒ සඳහා අතිරේක ගිනිදැල්ලක් පාවිච්චි කිරීමට සිදුවුනා.

ක්‍රිස්තු පූර්ව 776දී පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවති ග්‍රීසියේ පෞරාණික Olympia කුඩා නගරයේදී අඟහරුවාදා පැවති නාට්‍යාකාර උත්සවයකදී උතුම් පූජකවරියගේ චරිතය රඟපාමින් ග්‍රීක නිළි Mary Mina ගිනිසිළුව දැල්වීමත් සමග 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන ඔලිම්පික් ගිනිසිළුවේ ඉතා දීර්ඝ සංචාරය ඇරඹුනා.

 

උතුම් පූජකවරියගේ චරිතය රඟපාමින් ග්‍රීක නිළි Mary Mina

 

ග්‍රීක නිළිය විසින් ඔලිම්පික් පන්දම ග්‍රීසියේ ඔලිම්පික් ඔරු පැදීමේ ශූරයා වන Stefanos Ntouskos ට බාර දෙනු ලැබූ අතර ඔහු ආරම්භ කළේ ග්‍රීසිය හරහා ගොස් නැවකින් මධ්‍යධරණී මුහුදෙන් මාරුවෙන් මාරුවට යන ඔලිම්පික් ගිනිසිළුවක ගමනක්. ඉක්බිති එය ප්‍රංශයේ භූමිය හරහා යමින් ප්‍රංශය ට අයත් විදෙස් ප්‍රදේශ ඔස්සේ ගමන් කිරීමෙන් පසුව ජූලි 26 වැනිදා පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා පැරිසියට පැමිණීමට නියමිතයි.

 

olympic Stefanos Ntouskos ආරම්භ කළේ ග්‍රීසිය හරහා ගොස් නැවකින් මධ්‍යධරණී මුහුදෙන් මාරුවෙන් මාරුවට යන ඔලිම්පික් ගිනිසිළුවක ගමනක්

 

පුරාතන ග්‍රීසියේ සංගීතය ශබ්ද වුනේ කිනම් අයුරින්ද කියා හෝ එදා නළඟනන් චලනය වූයේ කොයි ආකාරයෙන්ද කියා හෝ කව්රුත් දන්නේ නැහැ. නමුත් සෑම දෙවසරකට වරක් මේ පැරණි රඟ දැක්වීමට ලැබෙන අලුත් නිරූපණයකට ගෝලීය දර්ශනයක් ලැබෙනවා. එය සිදුවන්නේ බොහෝ දෙනා තවමත් පූජනීය ලෙස සළකන දකුණු ග්‍රීසියේ ස්ථානයක...ඔලිම්පික් ක්‍රීඩා උළෙල උපන් ස්ථානයේ.


oly1පැරණි තරුණියන්ගේ රූපවලට සමාන පෙනුමැති නළඟනන් හතළිස් අට දෙනෙක් ඊයේ පැවති පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව දැල්වීමේ මිනිත්තු තිහක උත්සවයට සහභාගි වුනා


තවමත් සුරක්ෂිතව තිබෙන පිළිම හා අනෙකුත් චිත්‍රවල තිබෙන පැරණි තරුණියන්ගේ රූපවලට සමාන පෙනුමැති නළඟනන් හතළිස් අට දෙනෙක් ඊයේ පැවති පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව දැල්වීමේ මිනිත්තු තිහක උත්සවයට සහභාගි වුනා.

 

olympic flame 1200 jpg 1713289467260 1713289469229 600x338

 පූජකවරියන් ලෙස සැරසුනු කාන්තාවන් හදවත කොට ගත්‌ මේ ඔලිම්පික් ගිනිසිළුව දැල්වීමේ උත්සවය

 

Olympia නමැති කුඩා නගරයේදී සෑම දෙවසරකට වරක් ම මේ උත්සවය පැවැත්වෙන්නේ ශීත හා ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් උළෙල වෙනුවෙන්. පූජකවරියන් ලෙස සැරසුනු කාන්තාවන් හදවත කොට ගත්‌ මේ ඔලිම්පික් ගිනිසිළුව දැල්වීමේ උත්සවය ප්‍රථම වතාවට පැවැත්වුනේ 1936 බර්ලින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා යි.

 


සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පැරිස් ඔලිම්පික් ගිනිසිළුව ගමන් අරඹයි: වළාකුළින් වැසුනු අහස හරස් වෙයි | The Leader