The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තා බිහිකරන ලිතිවේනියාව

T

The Leader Desk

April 18, 2024 • 9:20 AM

කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තා බිහිකරන ලිතිවේනියාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවපෙත්ත විසිකරන මලල ක්‍රීඩක මයිකොලිස් එලෙක්නා (Mykolas Alekna) විසින් ජවන හා පිටිය තරග බිමේ තිබූ වැඩියෙන්ම පැරණි ලෝක
  • ලිතිවේනියාවේ කවපෙත්ත විසිකිරීමේ ඉතිහාසය 1921 වසරේ ආරම්භ වූවද, Romas Ubartas සෝවියට් දේශය නියෝජනය කරමින් 1986 වසරේදී යුරෝපීය ශූරයා වන තෙක් ම ඒ රට මේ ඉසව්වේ සාර්ථකත්වයක් දැක තිබුනේ නැහැ.
  •   Romas Ubartas සෝවියට් දේශය නියෝජනය කරමින් 1986 වසරේදී යුරෝපීය ශූරයා වන තෙක් ම සෝවියට් දේශයෙන් නිදහස් වීමෙන් පසුව, Ubartas බාසිලෝනා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම හිමිකර ගත්තේ රන් පදක්කමක් දිනා ගත් පළමු ලිතිවේනියානු ජාතිකයා බවට පත්වෙමින්.
  • මේ චමත්කාරජනක පදක්කම් එකතුවට මයිකොලිස් එලෙක්නා‌ගේ නව ලෝක වාර්තාව ද එක් කළ විට දිස්වන්නේ මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් පමණක් සිටින ජනගහණයක් ඇති රටක සිත්ගන්නා ජයග්‍රාහී ක්‍රියාවක්.
අකුරු ප්‍රමාණය (Font Size):

වාර්තාව බිඳ දැමීම ලිතිවේනියාව මේ ඉසව්වේ සාම්ප්‍රදායිකව මුල්බැස ඇති ගැඹුරේ තරම විදහා දක්වන සාක්ෂියක්. කවපෙත්ත අතැතිව මේ රට ඉතාමත් සාර්ථකත්වයට පත්ව සිටිනවා.

ලිතිවේනියාවේ කවපෙත්ත විසිකිරීමේ ඉතිහාසය 1921 වසරේ ආරම්භ වූවද, Romas Ubartas සෝවියට් දේශය නියෝජනය කරමින් 1986 වසරේදී යුරෝපීය ශූරයා වන තෙක් ම ඒ රට මේ ඉසව්වේ සාර්ථකත්වයක් දැක තිබුනේ නැහැ. ඊට වසර දෙකකට පසුව, ඔහු දකුණු කොරියාවේ සෝල් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනා ගත්තා.

 

Romas Ubartas සෝවියට් දේශය නියෝජනය කරමින් 1986 වසරේදී යුරෝපීය ශූරයා වන තෙක් ම


සෝවියට් දේශයෙන් නිදහස් වීමෙන් පසුව, Ubartas බාසිලෝනා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම හිමිකර ගත්තේ රන් පදක්කමක් දිනා ගත් පළමු ලිතිවේනියානු ජාතිකයා බවට පත්වෙමින්. එතැන් සිට, සියළුම ඔලිම්පික් කවපෙත්ත විසිකිරීමේ අවසාන තරගවල අවම වශයෙන් එක් ලිතිවේනියානුවෙක් හෝ දක්නට ලැබී තිබෙනවා.

 

Ubartas බාසිලෝනා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම හිමිකර ගත්තේ රන් පදක්කමක් දිනා ගත් පළමු ලිතිවේනියානු ජාතිකයා බවට පත්වෙමින්


සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසුව, ලිතිවේනියානු කවපෙත්ත විසිකරන්නන් ඔලිම්පික් පදක්කම් පහක්, ලෝක පදක්කම් අටක් හා යුරෝපීය ශූරතා පදක්කම් හයක් දිනා ගෙන සිටින අතර මින් නවයක් ම රන් පදක්කම් වීම විශේෂත්වයක්.

මේ චමත්කාරජනක පදක්කම් එකතුවට මයිකොලිස් එලෙක්නා‌ගේ නව ලෝක වාර්තාව ද එක් කළ විට දිස්වන්නේ මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් පමණක් සිටින ජනගහණයක් ඇති රටක සිත්ගන්නා ජයග්‍රාහී ක්‍රියාවක්.

 

okathoma

 

එලෙක්නා පසුගිය ඉරිදා කැලිෆෝනියාවේ රෙමෝනා හි පැවති Oklahoma Throws Series ලෝක ආරාධිත තරගාවලියේදී බිඳ දැමුවේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ දශක හතරක කාලයක් පැවති ලෝක වාර්තාවක්.


flag

 මීටර් 74.35ක් දුරට කවපෙත්ත විසිකරමින් එලෙක්නා 

 

මීටර් 74.35ක් දුරට කවපෙත්ත විසිකරමින් එලෙක්නා මකා දැමුවේ 1986 වසරේ ජර්මනියේ යෝගන් ෂෝල්ට් (Jurgen Schult) පිහිටුවා තිබූ මීටර් 74.08ක වාර්තාව. ෂෝල්ට්ගේ එම විශේෂිත උත්සාහය ජවන හා පිටිය තරග බිමේ වැඩිම කාලයක් රැඳී තිබූ වාර්තාව ලෙස සැලකෙනවා.

එලෙක්නාගේ විසිකිරීමේ දුර මුලින් මැන තිබෙන්නේ මීටර් 74.41ක් ලෙස වූවත් නියමාකාරයට ස්ථිර කර ගැනීමෙන් පසුව එය වෙනස් කෙරුනා.

 

mikolisමයිකොලිස් එලෙක්නා


මයිකොලිස් එලෙක්නා රෙමෝනා තරග බිමට පැමිණියේ මේ ක්‍රීඩා වාරයේ වැඩිම දුරක් කවපෙත්ත විසිකිරීමෙන් පසුව. අප්‍රේල් 6 වැනිදා ඔහු විසින් විසිකරනු ලැබූ ඔහුගේ කළින් හොඳම පෞද්ගලික දක්ෂතාව වූ මීටර් 71.39 නිසා එලෙක්නා ලෝකයේ එදා මෙදා තුර හොඳම කවපෙත්ත විසිකරන්නන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානය දක්වා ඉහළට පිවිස සිටියා. ඉරිදා ඔහු දැරූ උත්සාහයන් හයේදීම මීටර 70 ට වැඩි දුරක් කවපෙත්ත විසිවී තිබුනා.

2002 වසරේ සැප්තැම්බර් 28 වැනි දින ලිතිවේනියාවේ උපත ලැබූ එලෙක්නා දැන් ඔහුගේ ක්‍රීඩා ඉසව්වේ පෙරමුණේ සිටින ක්‍රීඩකයෙක් බවට පත්ව සිටිනවා. පුහුණුව සඳහා 2021 වසරේදී අමෙරිකාව ට පැමිණි ඔහු වයස අවුරුදු 20දී කවපෙත්ත මීටර් 70කට වැඩි දුරකට විසිකළ ළාබාලතම මලල ක්‍රීඩකයා බවට පත්වුනා.


මීට අමතරව එලෙක්නා ද්විත්ව පදක්කම්ලාභියෙකුව සිටින්නේ ලෝක ශූරතාවලිය හා 2022 යුරෝපීය ශූරතාවලිය ජයග්‍රහණය කරමින්.

 

vindlisVirgilijus ද කවපෙත්ත විසිකිරීමේ ඔලිම්පික් වාර්තාලාභියෙක්

 

එලෙක්නාගේ පියා වන Virgilijus ද කවපෙත්ත විසිකිරීමේ ඔලිම්පික් වාර්තාලාභියෙක්. 2004 වසරේ ඇතන්ස් හි දී මීටර් 69.89ක් දුර කවපෙත්ත විසිකළ ඔහු දෙවතාවක් ලෝක හා ඔලිම්පික් ශූරයෙක් වූ ලිතිවේනියානුවෙක්.

 


සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...