The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සුපිරි හඹා යෑම සහ චමරීගේ අද්විතීය පිතිකරණය

T

The Leader Desk

April 18, 2024 • 10:30 AM

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සුපිරි හඹා යෑම සහ චමරීගේ අද්විතීය පිතිකරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉහළම සාර්ථක ලකුණු හඹා යාමේ ලෝක වාර්තාව බිහි කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ
  • ඒ අනුව තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වූ එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
  • ඇයගේ ඉනිමට හතරේ පහරවල් 23ක් සහ හයේ පහරවල් 04ක් ඇතුලත් විය.
  • ඇය දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස පත් කිරීමෙන් පසු වාර්තා කළ සිව්වන ශතකයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

(අප්‍රේල් මස 17 වෙනිදා) සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම දක්ෂතාවය දැක්වුයේ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගයේදීයි.

ඒ අනුව තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වූ එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.


දකුණු අප්‍රිකානු නායිකාවගේ වාර්තාගත පිතිකරණය

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරන ලදී.

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය මෙන්ම නායිකාව වන ලෝරා වොල්වාර්ඩ්ට් මෙහිදී පන්දු 147 කදී නොදැවී ලකුණු 184ක් රැස් කිරීමට සමත් විය.

ඇයගේ ඉනිමට හතරේ පහරවල් 23ක් සහ හයේ පහරවල් 04ක් ඇතුලත් විය.

ඇය දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස පත් කිරීමෙන් පසු වාර්තා කළ සිව්වන ශතකයයි.


ඇයගේ මෙම ඉනිම දකුණු අප්‍රිකානු කාන්තා පිතිකාරිණියක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ඇයට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් තිදෙනෙකු ලකුණු 30 සීමාව පසුකර යෑමට සමත් විය.

ඒ අනුව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 301ක් රැස් කිරීමට සමත් වන ලදි.

ලෝක වාර්තාවක් වූ සුපිරි හඹා යාම සහ චමරීගේ පිතිකරණය

චමරි අතපත්තු පන්දු 139 කදී නොදැවී ලකුණු 195ක් වාර්තා කිරිමට සමත් විය. ඇයගේ එම ඉනිම කාන්තා එක්දින තරග ඉතිහාසයේ පිතිකාරිණියක් වාර්තා කළ තෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත්, කාන්තා පිතිකාරිණියක් ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය. 

chamari batචමරි අතපත්තු පන්දු 139 කදී නොදැවී ලකුණු 195ක් වාර්තා කිරිමට සමත් විය. ඇයගේ එම ඉනිම කාන්තා එක්දින තරග ඉතිහාසයේ පිතිකාරිණියක් වාර්තා කළ තෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත්, කාන්තා පිතිකාරිණියක් ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.


ලකුණු 302ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසුණු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වන නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක් එක් කිරීමට සමත් විය.

ලකුණු 26ක් රැස් කරගෙන සිටියදී විශ්මි ගුණරත්න දැවී ගිය අතර ඉන් පසුව පිටියට පිවිසි ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 04 කට දැවි ගියාය.

හංසිමා කරුණාරත්න ලකුණු 03 කටත් කවීෂා දිල්හාරි ලකුණු නොලබාත් දැවී ගියේ ශ්‍රී ලංකා කාන්තා ඉනිම පන්දු වාර 20.3 කදී කඩුලු 04 කට ලකුණු 126ක් ලෙස දිස්වු අවස්ථාවේදීයි.

ඉන් පසුව පිටියට පැමිණි නිලක්ෂිකා සිල්වා සමග එක්වූ චමරි අතපත්තු දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන්ට එරෙහිව ප්‍රබල පිති ප්‍රහාරයක් දියත් කිරීමට සමත් විය.

චමරි සහ නිලක්ෂිකා දෙදෙනා එක්ව ලකුණු 179ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර එය කාන්තා එක්දින තරගයක පස්වැනි කඩුල්ල සඳහා හෝ ඊට පහළින් වාර්තා වූ දෙවැනි ඉහළම සබඳතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

චමරි අතපත්තු පන්දු 139 කදී නොදැවී ලකුණු 195ක් වාර්තා කිරිමට සමත් විය. ඇයගේ එම ඉනිම කාන්තා එක්දින තරග ඉතිහාසයේ පිතිකාරිණියක් වාර්තා කළ තෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත්, කාන්තා පිතිකාරිණියක් ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.


චමරිගේ එම ඉනිමට හතරේ පහරවල් 26ක් සහ හතරේ හයේ පහරවල් 05ක් ඇතුලත් විය.

චමරිට අනගි සහයක් ලබා දුන් නිලක්ෂිකා සිල්වා පන්දු 71 කදී නොදැවී ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.


rates
ඒ අනුව එක්දින කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහලම සාර්ථක ලකුණු හඹා යෑමේ නව ලෝක වාර්තාවකට හිමිකම් කියමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 44.3 කදී කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 305ක් රැස් කර ගනිමින් දකුණු අප්‍රිකාවට එරෙහිව තරගය ජය ගැනීමට සමත් වුවාය.

චමරිගේ මෙම පිතිකරණය ගැන අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුනේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක ගෙන් දුටු විශිෂ්ටතම ඉනිමක් ලෙස තමන් එය සඳහන් කරන බවයි.

lasith
ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක්

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලද ජයග්‍රහණයත් සමග ලද ප්‍රසාද ලකුණු දෙකත් සමග ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ICC කාන්තා ශ්‍රේණිගත කිරීම් හි 07 වන ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත්ව ඇත.


ලබන වසරේදී ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියට සෘජුව ඇතුලත් වීමට හැක්කේ කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම් හී පළමු ස්ථාන 05 සිටින කණ්ඩායම් වලට සහ සත්කාරකත්වය දක්වන රටේ කණ්ඩායමට පමණි.

ඒ අනුව තවත් එක්දින තරග 06 කට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සෘජුව 2025 කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියට ඇතුලත් වීමට අවස්ථාවක් පවතී.

 

icc w

මෙවර දකුණු අප්‍රිකානු සංචාරයේදී මොකද වුණේ ?


දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව පළමු වරට විස්සයි 20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

තරග 2-1ක් ලෙස විස්සයි 20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වන ලදී.

එමෙන්ම තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුයේ දෙපිලම තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් පසුවීම හේතුවෙනි.

 

08 Sri
( BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සුපිරි හඹා යෑම සහ චමරීගේ අද්විතීය පිතිකරණය | The Leader