ඉන්පසු දේශගුණය උණුසුම් වූ අතර 34 හැවිරිදි මැරතන් ධාවකයා වේගය අඩු කළා.
තරගය පැවති සඳුදා උදය වරුවේ වැඩි කාලයක් තනිවම ධාවනයේ යෙදුනු ලැමා පැය 2 යි මිනිත්තු 6 යි තත්පර 17කින් ජයග්‍රාහීව තරගය අවසන් කළේ බොස්ටන් මැරතන් තරගයේ වසර 128ක ඉතිහාසයේ දහවැනියට වේගවත්ම කාලය වාර්තා කරමින්.
ලැමා පැය 2 යි මිනිත්තු 6 යි තත්පර 17කින් ජයග්‍රාහීව තරගය අවසන් කළේ බොස්ටන් මැරතන් තරගයේ වසර 128ක ඉතිහාසයේ දහවැනියට වේගවත්ම කාලය වාර්තා කරමින්.
මීට පෙර පැවති බොස්ටන් මැරතන් තරග තුනකදී දෙවතාවක් ම තරගය අවසන් කිරීමට අසමත් වූ ඔහු වතාවක් තරගය නිම කළේ 30 වැනි ස්ථානයෙන්.
2021 ලන්ඩන් මැරතන් ශූර සිසයි ලැමා බොස්ටන් නුවරට පැමිණියේ මැරතන් තරග බිමේ වේගවත්ම කාලය සතුකර ගෙන. පසුගිය වසරේ වෙලන්සියාහිදී ඔහු මැරතන් තරගය ජය ගත්තේ පැය 2 යි මිනිත්තු 2ක මැරතන් තරග කාලය එදා මෙදා තුර බිඳ දැමූ සිවුවැනි පුද්ගලයා බවට ඉතිහාසගත වෙමින්.
ලැමා බොස්ටන් මැරතන් තරගයේ පළමු භාගය අවසන් කළේ පැයයි තත්පර 19කින්. මේ වේගය, 2011 වසරේදී කෙන්යාවේ Geoffrey Mutaiගේ පැය 2 යි මිනිත්තු 3 යි තත්පර 2 කාලය ඉතිහාසයේ වේගවත්ම මැරතන් කාලය ලෙසින් සටහන්ව තිබූ අවධියේ ඔහුගේ පළමු භාගයේ වාර්තාගත වේගයට වඩා තත්පර 99කින් වැඩි වේගයක්.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා යවන මැරතන් කණ්ඩායම තෝරා ගනිද්දී තමාගේ නම ද එහි තිබෙනු ඇතැයි 2024 බොස්ටන් මැරතන් ශූරයා අපේක්ෂා කරනවා.
ඉදිරි සතිවලදී ඉතියෝපියානු නිලධාරීන් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා යවන මැරතන් කණ්ඩායම තෝරා ගනිද්දී තමාගේ නම ද එහි තිබෙනු ඇතැයි 2024 බොස්ටන් මැරතන් ශූරයා අපේක්ෂා කරනවා.
සහෝදර රටවැසි Mohamed Esa තරගයේ අවසන් සැතපුම් කිහිපයේදී පරතරය අඩුකර ගනිමින් තත්පර 41ක් පමා වී දෙවැනියට තරගය අවසන් කළා. බොස්ටන් මැරතන් කිරුළ දෙවතාවක්ම රැක ගනිමින් සිටි Evans Chebet කෙන්යානුවාට මෙවර හිමිවුනේ තරගයේ තෙවැනි ස්ථානය.
බොස්ටන් මැරතන් කිරුළ දෙවතාවක්ම රැක ගනිමින් සිටි Evans Chebet කෙන්යානුවාට මෙවර හිමිවුනේ තරගයේ තෙවැනි ස්ථානය
හිරුඑළිය සහ උෂ්ණත්වය අංශක හැට ගණන් ඉක්මවා ගිය දිනයෙක ධාවකයන් ජලය පානය කිරීමට මෙන්ම එය හිසෙන් පහළට ගලා යැවීම පිණිස ද වතුර බෝතල වෙත යොමු වෙමින් සිටියා.
ජයග්‍රාහිකාව හෙලන් ඔබීරි
ඇය මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජනප්‍රිය මැරතන් ක්‍රීඩිකාවන් අතර සිටිනවා.
කෙන්යාවේ හෙලන් ඔබීරි (Hellen Obiri) පැය 2 යි මිනිත්තු 27 යි තත්පර 37ක් සටහන් කරමින් ඇගේ කිරුළ රැක ගත්තේ කෙන්යාවේ ම Sharon Lokedi තත්පර අටකින් පරදවමින්. දෙවතාවක් බොස්ටන් ශූරිය වූ Edna Kiplagat කෙන්යානු ආධිපත්‍ය සම්පූර්ණ කරමින් තවත් තත්පර 36ක් පිටුපසින් තෙවැනියට තරගය අවසන් කළා.
ඔබීරි පසුගිය නිව්යෝක් මැරතන් තරගය ද ජයග්‍රහණය කළ අතර ඇය මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජනප්‍රිය මැරතන් ක්‍රීඩිකාවන් අතර සිටිනවා. බොස්ටන් මැරතන් තරගය පිට පිට ජය ගත් හය වැනි කාන්තාව බවට පත්ව සිටින ඇය වසර 2000 සිට 2005 දක්වා වසර හයක් ඇතුළත සිවු වතාවක් බොස්ටන් මැරතන් ජයග්‍රහණය කළ කෙන්යාවේ Catherine “the Great” Ndereba ට පසුව පිට පිට ජය ගත් පළමුවැන්නිය ද වනවා.
සෑම ජයග්‍රාහක ජයග්‍රාහිකාවක් ම රන් ආලේපිත ඔලිව් පත්‍ර වළල්ලක් සහ ඩොලර් 150,000ක් ලබා ගත්තේ පළමු වතාවට
සෑම ජයග්‍රාහක ජයග්‍රාහිකාවක් ම රන් ආලේපිත ඔලිව් පත්‍ර වළල්ලක් සහ ඩොලර් 150,000ක් ලබා ගත්තේ පළමු වතාවට ඩොලර් මිලියනයක් ඉක්මවූ සම්පූර්ණ ත්‍යාග මුදල් පසුම්බියකින්.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




