The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

‘යුරෝ’ තරගාවලියට පෙර ‘සොම්බි දේශය’ ශුද්ධ කිරීමේ මෙහෙයුමක්

T

The Leader Desk

April 20, 2024 • 9:14 AM

‘යුරෝ’ තරගාවලියට පෙර ‘සොම්බි දේශය’ ශුද්ධ කිරීමේ මෙහෙයුමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුරෝපීය පාපන්දු ශූරතාවලිය (Euro 2024) ආරම්භ වීමට පෙර රටේ වැඩියෙන් ම භයානක ස්ථානය ශුද්ධ කිරීමේ වියරු උත්සාහයක යෙදුනු ජර්මන්
  • දහස් ගණනින් එංගලන්තය ට යාමට බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩා ලෝලීන් මේ ස්ථානය ඔවුන්ගේ කඳවුර කර ගත යුතු බවට UEFA නිර්දේශ කළේ කොතරම් මෝඩ අයුරින්ද කියා බ්‍රිතාන්‍ය මාධ්‍ය අනාවරණය කර තිබුනා.
  •   ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ තිබෙන දුම්රිය ස්ථානය පිහිටි ප්‍රදේශය ප්‍රචලිතව තිබෙන්නේ ජර්මනියේ තිබෙන වඩාත්ම භයානක මුඩුක්කුව ලෙසින්.
  • මත්ද්‍රව්‍ය ලෝලීන් 5,000ක් සහ මත්ද්‍රව්‍ය ගනුදෙනු කරන්නන් 300කගෙන් එහි වීදි පිරී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලිසිය ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ ඇවිදින මළවුන්ගේ භූමිය වන ‘සොම්බි දේශය’ට හදිසියේ කඩා වැදී වැටලීමක් කර තිබෙනවා.

අපරාධවලින් විනාශ වී තිබෙන Bahnhofsviertel දිස්ත්‍රික්කයේ මේ වැටලීම පොලිසිය විසින් සිදුකර තිබෙන්නේ, Zombie නමැති මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන්ගේ පාරාදීසක් වන Zombieland ලෙසින් කුප්‍රකට මේ පෙදෙසේ හෝටල කාමර වෙන්කරවා ගන්නා ලෙසට ‘යුරෝ’ තරගාවලි‌යේ සංවිධායකයින් වන UEFA (යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය) විසින් ජර්මනියට යන එංගලන්ත පාපන්දු ලෝලීන්ට කියා තිබෙන්නේ ‘හොඳ සිහියෙන්ද’ යනුවෙන් එංගලන්ත මාධ්‍ය විසින් ප්‍රශ්න කර දින දෙකකට පසුව. දහස් ගණනින් එංගලන්තය ට යාමට බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩා ලෝලීන් මේ ස්ථානය ඔවුන්ගේ කඳවුර කර ගත යුතු බවට UEFA නිර්දේශ කළේ කොතරම් මෝඩ අයුරින්ද කියා බ්‍රිතාන්‍ය මාධ්‍ය අනාවරණය කර තිබුනා. සංචාරක එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ගේ පහසුව පිණිස ෆ්‍රැන්ක්ෆර්ට් හි මේ දුම්රිය ස්ථාන ප්‍රදේශයේ (Bahnhofsviertel) තිබෙන හෝටල පවා සංවිධායකයින් විසින් සළකුණු කර දී තිබුනා.

 

Zombi

ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ තිබෙන දුම්රිය ස්ථානය පිහිටි ප්‍රදේශය ප්‍රචලිතව තිබෙන්නේ ජර්මනියේ තිබෙන වඩාත්ම භයානක මුඩුක්කුව ලෙසින්. මත්ද්‍රව්‍ය ලෝලීන් 5,000ක් සහ මත්ද්‍රව්‍ය ගනුදෙනු කරන්නන් 300කගෙන් එහි වීදි පිරී තිබෙනවා.

‘කිසිවෙකුත් නොයන’ මේ කලාපය කොතරම් අනතුරුදායක ද කිවතොත් දරුවන් මේ ස්ථානය පසුකර පාසල් යන්නේ පොලිස් ආරක්ෂාව යටතේ. වීදි අතුගාන කම්කරුවන්ට පවා පොලිසියේ ආරක්ෂාව ලැබෙනවා.

තව දෙමසකින් ‘යුරෝ 2024’ තරගාවලිය ආරම්භ වීමට පෙර මේ දිස්ත්‍රික්කය නිදහස් ආරක්ෂිත තැනක් බවට පත් කිරීමට නගරයේ නිලධාරීන් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටිනවා.

 

protection

බදාදා සිදු කෙරුනු මේ දැවැන්ත මෙහෙයුමේදී වෙඩි නොවදින ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් මේ දුම්රිය ස්ථාන දිස්ත්‍රික්කයට කඩා පනිමින් මත්ද්‍රව්‍ය සපයන්නන් දුසිම් ගණනින් අත්අඩංගුවට ගත්තා. පුද්ගලයන් පරීක්ෂා කිරීම පැය ගණනාවක් පැවතුනා. මෙහිදී සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගත් බවට වාර්තා වන අතර පොලිසිය එම ස්ථානයේ තිබෙන ගණිකා නිවාස ද වටලා තිබෙනවා.

ජර්මන් පුවත්පතක් වන Bild ප්‍රකාශ කරන පරිදි, දුම්රිය ස්ථාන ප්‍රදේශයේ සිටින පුද්ගලයන් 10,000කට වැඩි පිරිසකගේ විස්තර ජර්මන් පොලිසිය විසින් පසුගිය පෙබරවාරියේ සිට මේ දක්වා පරීක්ෂා කර තිබෙනවා.


frankfurt main station platform central station trains frankfurt germany

 

‘යුරෝ’ තරග පහක් ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ පැවැත්වීමට නියමිතව තිබෙන අතර පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණෙනු ඇත්තේ මත්ද්‍රව්‍ය මුඩුක්කුවේ හදවත වන ෆ්‍රැන්ක්ෆර්ට් මධ්‍යම දුම්රිය ස්ථානයෙන්.

මිලියනයක ජනතාවක් වෙසෙන ෆ්‍රැන්ක්ෆර්ට් පෙදෙසින් වාර්තා වන සියළුම අපරාධවලින් භාගයක්ම සිදුවන්නේ දුම්රිය ස්ථාන දිස්ත්‍රික්කයේ තිබෙන වීදි තුනක. සෑම දිනකම සාහසික ප්‍රහාරයන් හතරක් මෙහි සිදුවනවා.

 

cocin

මේ කලාපය භයානක මත්ද්‍රව්‍ය ලෝලීන්ගෙන් කොතරම් පිරී තිබෙන්නේද කිවතොත්, අමෙරිකානු ආයතන විසින් ඔවුන්ගේ සේවකයන්ට මෙහි වීදි දිගේ ඇවිද යාම තහනම් කර තිබෙනවා.

 

ප්‍රචණ්ඩත්වය සමග හෙරොයින් සහ කොකේන් වැනි සාම්ප්‍රදායික මත්ද්‍රව්‍ය මෙන්ම මිනිසුන් ඇවිදින මළමිනි බවට පත්කරවන ‘සොම්බි’ මත්ද්‍රව්‍යයෙන්ද පිරී තිබෙන මේ ‘මළවුන්ගේ භූමිය’ දේශපාලනඥයන් විසින් විස්තර කර දෙනු ලබන්නේ ‘ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ නොවැසුණු තුවාලය’ ලෙසින්.

 

zombi3

සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



සබැඳි පුවත් :


EURO 2024: ජෝජියාව සහ තුර්කිය (එෆ් කොටස)
EURO 2024: පෘතුගාලය සහ චෙක් සමූහාණ්ඩුව (එෆ් කොටස)
EURO 2024: බෙල්ජියම සහ රොමේනියාව (ඊ කොටස)
EURO 2024: යුක්රේනය සහ ස්ලොවේකියාව (ඊ කොටස)
EURO 2024: පෝලන්තය සහ ඔස්ට්‍රියාව (ඩී කොටස)
EURO 2024: නෙදර්ලන්තය සහ ප්‍රංශය (ඩී කොටස)
EURO 2024: සර්බියාව සහ එංගලන්තය (සී කොටස)
EURO 2024: ස්ලොවේනියාව සහ ඩෙන්මාර්කය (සී කොටස)
EURO 2024: ඉතාලිය සහ ඇල්බේනියාව (බී කොටස)
EURO 2024: ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව (බී කොටස)
EURO 2024: හංගේරියාව සහ ස්විට්සලන්තය (ඒ කොටස)
EURO 2024: ජර්මනිය සහ ස්කොට්ලන්තය (ඒ කොටස)    


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...