The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

විශිෂ්ට ජයකින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් සටනට

T

The Leader Desk

October 25, 2024 • 4:02 PM

විශිෂ්ට ජයකින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් සටනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (25) සමත් විය.
  • කරන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ක්‍රීඩාංගණයේදී හෙට (25 වැනිදා) පැවැත්වේ.
  • ෂහීන්ස් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 136ක පහසු ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 17(16.3) පන්දුවාරයේදී යාමට ශ්‍රී ලංකාව සමත් විය.
  • ශ්‍රී ලංකා ජය පහසු කරමින් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිතර වූ අහන් වික්‍රමසිංහ හයේ පහරක් හා හතරේ පහර 4ක් සමගින් පන්දු 46කට මුහුණදෙමින් නොදැවී ලකුණු 52ක් රැස්කිරීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (25) සමත් විය.

සති කිහිපයක් පුරා ඕමානයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය අල් ඇමරත්  (Al Amerat) ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 කරන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ක්‍රීඩාංගණයේදී හෙට (25 වැනිදා) පැවැත්වේ.

ෂහීන්ස් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 136ක පහසු ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 17(16.3) පන්දුවාරයේදී යාමට ශ්‍රී ලංකාව සමත් විය.

rterte4
ශ්‍රී ලංකා ජය පහසු කරමින් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිතර වූ අහන් වික්‍රමසිංහ හයේ පහරක් හා හතරේ පහර 4ක් සමගින් පන්දු 46කට මුහුණදෙමින් නොදැවී ලකුණු  52ක් රැස්කිරීමට සමත් විය.

ඔහුට අමතරව ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 20කට මුහුණදෙමින් ලකුණු 43ක් රැස්කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ෂහීන්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 135ක් පමණි.

erterter
ෂහීන්ස් කණ්ඩායම මෙම තරගාවලියේ පසුගියවර ශූරතාව දිනාගත් කණ්ඩායම වේ.

එක්දින තරගාවලියක් ලෙසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති එම තරගාවලියේදී ඔවුන් විසින් අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කළේය.

මෙවර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දීය හා ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම් අතර මෙම ක්‍රීඩාංගණයේදීම අද (25) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව ඇත.

(adaderana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විශිෂ්ට ජයකින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් සටනට | The Leader