The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉමාන් කලිෆ්: ආන්දෝලනාත්මක ඔලිම්පික් බොක්සිං ශූරිය වෘත්තීය බොක්සිං වළල්ලට

T

The Leader Desk

October 26, 2024 • 7:48 AM

ඉමාන් කලිෆ්: ආන්දෝලනාත්මක ඔලිම්පික් බොක්සිං ශූරිය වෘත්තීය බොක්සිං වළල්ලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොක්සිං තරග බිමට පිවිසීමට සූදානම් වනවා.
  • පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භක තරගයේදී ඇගේ ප්‍රතිවාදිනිය වූ ඇන්ජලා කරිනි එක පහරකට පමණක් මුහුණ දීමෙන් පසුව තත්පර 46ක් ඇතුළත තරගයෙන් ඉවත් වීමත් සමග කලිෆ් වෙත ලෝකයාගේ අවධානය යොමු වුනා.
  • ලෝක ශූරතාවලියේ ද කලිෆ්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය සම්බන්ධ පරීක්ෂණයෙන් ලැබුනේ පටහැනි ප්‍රතිඵල බව IBA ප්‍රකාශ කර තිබුනා.
  • මේ එක චෝදනාවක් හෝ ඔප්පු කළ හැකි සාක්ෂි නොතිබුනු අතර ඇයගේ ශරීරයේ පිරිමි හෝමෝන තිබෙන බවට IBA ඇඟවූව ද ඔවුන් කිසිම විටක එක එල්ලේ එම චෝදනාව කළේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

බොක්සිං තරග බිමට පිවිසීමට සූදානම් වනවා.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භක තරගයේදී ඇගේ ප්‍රතිවාදිනිය වූ ඇන්ජලා කරිනි එක පහරකට පමණක් මුහුණ දීමෙන් පසුව තත්පර 46ක් ඇතුළත තරගයෙන් ඉවත් වීමත් සමග කලිෆ් වෙත ලෝකයාගේ අවධානය යොමු වුනා. ඉන්පසුව ඇය තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු පරාජය කරමින් වෙල්ටවේට් අංශයෙන් ඇල්ජීරියාව වෙනුවෙන් රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වුනා.

 


කෙසේ වෙතත්, 25 හැවිරිදි මේ ක්‍රීඩිකාවගේ සාර්ථකත්වය වසා ගෙන ඇගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් වාද විවාද හටගත්තේ ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA), ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද කියා පැහැදිලි කෙරෙන ලිංගිකත්වයේ පරීක්ෂණයෙන් කලිෆ් අසමත් වූ බව ප්‍රකාශ කරමින් ඇයව 2023 ලෝක ශූරතාවලියෙන් ඉවත් කර තිබූ බැවින්. 2022 ලෝක ශූරතාවලියේ ද කලිෆ්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය සම්බන්ධ පරීක්ෂණයෙන් ලැබුනේ පටහැනි ප්‍රතිඵල බව IBA ප්‍රකාශ කර තිබුනා.

 

APTOPIX Paris Olympics Boxing 00094ඇල්ජීරියාවේ ඉමාන් කලිෆ් (Imane Khelif) බොක්සිං ශූරිය පැරිසියේදී ඔලිම්පික් පදක්කම දිනා ගැනීම

කලිෆ් මීට කළින් පිරිමියෙක් බවත් ඇය දැන් සංක්‍රාන්ති ලිංගික හෝ අන්තර්ලිංගික ක්‍රීඩකයෙක් බවත් යන චෝදනා ඇතුළු නොයෙකුත් නිශ්චය කර නොගත් ප්‍රකාශයන් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය තුළ පැතිර ගියා. මේ එක චෝදනාවක් හෝ ඔප්පු කළ හැකි සාක්ෂි නොතිබුනු අතර ඇයගේ ශරීරයේ පිරිමි හෝමෝන තිබෙන බවට IBA ඇඟවූව ද ඔවුන් කිසිම විටක එක එල්ලේ එම චෝදනාව කළේ නැහැ.

කෙසේ වෙතත්, තමන්ට එරෙහිව නැගෙන චෝදනා කිසිවක් සැලකිල්ලට නොගත් ඉමාන් කලි‌ෆ් අවසානයේ රන් පදක්කම දිනා ගත් අතර ඇය දැන් වෘත්තීය බොක්සිං ක්ෂේත්‍රයට පිවිසෙමින් ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

තමාගේ ක්‍රීඩා දිවිය පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් ද දැන් සකස් වෙමින් තිබෙන බව කලිෆ් අනාවරණය කළා.

 

240803 Imane Khelif ch 1016 7bb1c4තමාගේ ක්‍රීඩා දිවිය පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් ද දැන් සකස් වෙමින් තිබෙන බව

“මම ළඟදීම වෘත්තීය බොක්සිං ලෝකයට ඇතුළු වනවා” යනුවෙන් ඇය කියා සිටියා. “මට නොයෙකුත් යෝජනා ලැබී තිබෙනවා. මම වෘත්තීය බොක්සිං ක්‍රීඩාවට පා තබන්නේ කොතැනින් ද කියා මම තවම තීරණය කර නැහැ.”

“නමුත් ඉතාම ඉක්මනින් මම මේ පියවර ගන්නවා. ඇල්ජීරියානුවන් වන අපි වෘත්තීමය බොක්සිං ක්‍රීඩාවේ අපේ මට්ටම මොකක්ද කියලා බලා ගන්න කැමතියි.”
ඇන්ටනී ජොෂුආ බොක්සිං ශූරයා ඇතුළු බොක්සිං තරු ගණනාවක් සමග කටයුතු කරන බ්‍රිතාන්‍ය බොක්සිං තරග ප්‍රවර්ධක එඩී හර්න් (Eddie Hearn), තමා කලිෆ් සමග ගිවිසුමක් අත්සන් කිරීමට විවෘත බව පසුගියදා කියා තිබුනා.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉමාන් කලිෆ්: ආන්දෝලනාත්මක ඔලිම්පික් බොක්සිං ශූරිය වෘත්තීය බොක්සිං වළල්ලට | The Leader