The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එංගලන්ත හිටපු පාපන්දු ක්‍රීඩකයාගේ මුහුණ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳ ලකුණට යොදා ගෙන

T

The Leader Desk

October 28, 2024 • 3:25 PM

එංගලන්ත හිටපු පාපන්දු ක්‍රීඩකයාගේ මුහුණ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳ ලකුණට යොදා ගෙන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Lampard) මුහුණ ඔස්ට්‍රේලියානු මත්ද්‍රව්‍ය ජාවාරාම්කරුවන් ඔවුන්ගේ මෙතම්ෆෙටමින් (methamphetamine) නමැති අයිස් මත්ද්‍රව්‍ය පැකට්වල වෙළඳ ලකුණ ලෙස යොදා ගෙන තිබෙනවා.
  • සුරක්ෂිතව අසුරන ලද මේ අයිස් මත්ද්‍රව්‍ය පැකට්වල තමාගේ සිනාසෙන මුහුණ මුද්‍රණය කර තිබෙන අයුරු දැකීමෙන් 2017 වසරේ පාපන්දු පුරාවෘත්තය තුෂ්නිම්භූතව සිටිනවා.
  • ප්‍රිමිය ලීගයේ වැඩිම ගෝල් ලබා ගත් මැදපෙල ක්‍රීඩකයාගේ වාර්තාව උසුලන ඔහු පාපන්දු පිටියේ තිබෙන මීටර් 16.5 (යාර 18)ක පෙනල්ටි කොටුවෙන් පිටත සිට වැඩිම ගෝල් ලබා ගත් ක්‍රීඩකයා ලෙස ද වාර්තාවක් තබා තිබෙනවා.
  • වසර 2001 සිට 2014 දක්වා චෙල්සී කණ්ඩායමට ක්‍රීඩා කළ ලැම්පාඩ් 2019 සිට 2021 දක්වා එම සමාජයේ කළමනාකරු ලෙස ද, නැවත 2023 වසරේ ටික කලකට එහි අන්තර් ප්‍රධානියා ලෙස ද කටයුතු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

Lampard) මුහුණ ඔස්ට්‍රේලියානු මත්ද්‍රව්‍ය ජාවාරාම්කරුවන් ඔවුන්ගේ මෙතම්ෆෙටමින් (methamphetamine) නමැති අයිස් මත්ද්‍රව්‍ය පැකට්වල වෙළඳ ලකුණ ලෙස යොදා ගෙන තිබෙනවා.

සුරක්ෂිතව අසුරන ලද මේ අයිස් මත්ද්‍රව්‍ය පැකට්වල තමාගේ සිනාසෙන මුහුණ මුද්‍රණය කර තිබෙන අයුරු දැකීමෙන් 2017 වසරේ පාපන්දු පුරාවෘත්තය තුෂ්නිම්භූතව සිටිනවා.

ෆ්‍රෑන්ක් ලැම්පාඩ් යනු චෙල්සී කණ්ඩායමේ එදා මෙදා තුර සිටි විශිෂ්ඨතම මැදපෙල ක්‍රීඩකයෙක් හා සිය පරම්පරාවේ සිටි ශ්‍රේෂ්ඨතම මැදපෙල ක්‍රීඩකයෙක්. ප්‍රිමිය ලීගයේ වැඩිම ගෝල් ලබා ගත් මැදපෙල ක්‍රීඩකයාගේ වාර්තාව උසුලන ඔහු පාපන්දු පිටියේ තිබෙන මීටර් 16.5 (යාර 18)ක පෙනල්ටි කොටුවෙන් පිටත සිට වැඩිම ගෝල් ලබා ගත් ක්‍රීඩකයා ලෙස ද වාර්තාවක් තබා තිබෙනවා. වසර 2001 සිට 2014 දක්වා චෙල්සී කණ්ඩායමට ක්‍රීඩා කළ ලැම්පාඩ් 2019 සිට 2021 දක්වා එම සමාජයේ කළමනාකරු ලෙස ද, නැවත 2023 වසරේ ටික කලකට එහි අන්තර් ප්‍රධානියා ලෙස ද කටයුතු කළා.

derw345
කිලෝග්‍රෑම් 95ක් බරින් යුතුව නැව්ගත කෙරුනු මත්ද්‍රව්‍ය තොගය හරහා ලැම්පාඩ්ගේ ප්‍රතිරූපය පැලැස්තර කර තිබූ අතර එයින් නිරූපණය වී තිබුනේ හොඳට හැඳ පැලැඳගත් මේ පාපන්දු තරුව දීප්තිමත් කොළපැහැ තණතිල්ලක් මත සිය මහපට ඇඟිල්ල උඩට දිග්කර ගෙන සිනාවකින් මුව සරසා ගෙන සිටින අයුරු.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු චෙල්සී පාපන්දු සමාජයේ ආධාරකරුවෙකු යැයි විශ්වාස කෙරෙන අතර ලැම්පාඩ් මේ ඉතා නරක අනාවරණයෙන් පසුව කතා කළ අවස්ථාවේ ඔහුට කියන්න වචන නැති සෙයක් දිස්වුනා.

etw4g
“ඔව්, ඒකට මගේ උත්තරය මොකක් ද කියලා ඔබ දන්නවා ඇති. මම ඒ ගැන මොනවද කියන්නේ?” යනුවෙන් ඔහු කියා සිටියා.

“මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම මම ඔබලාට මොනවද කියන්නේ කියලවත් මම දන්නේ නැහැ. ඒ ගැන කරන්න කිසිම ප්‍රකාශයක් මට නැහැ.”

ඔහු මෙසේ කියා සිටියේ මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළේ යැයි කියන 37 හැවිරිදි රිචර්ඩ් ප්‍රොතෙරො (Richard Prothero) සිඩ්නි නුවරට නිරිතදිගින් පිහිටි ලිවපූල් උපනගරයේ සර්ෆ් ක්‍රීඩා සමාජයේ රථ ගාලේ දී තුවක්කු එල්ල කර තර්ජනය කොට අත්අඩංගුවට ගැනීමන් පසුව. එම මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබෙන්නේ ද එම ස්ථානයේ.

මේ පුද්ගලයා කාරයක් යටින් යතුරක් රැගෙන එන්ජිම පණ ගන්වන අයුරු දැකීමෙන් පසුව ආයුධ සන්නද්ධ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

drt345
සිලින්ඩරාකාර කැන්වස් බෑග්වල බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය මෑතකදී සොයා ගැනුනේ පවුම් මිලියන 38ක් වටිනා මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර.

මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය තොගය නැගෙනහිර සිඩ්නි හි මරීබ්‍රා උපනගරයට නැවෙන් පැමිණ තිබෙන්නේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිට.

2021-2022 කාලය තුළ මෙතම්ෆෙටමින් සම්බන්ධ රෝහල්ගත කිරීම් 10,100ක් වාර්තා වී තිබෙන අතර එහි සාමාන්‍යය සෑම දිනයකම 27කට වැඩි ප්‍රමාණයකට සමාන වනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එංගලන්ත හිටපු පාපන්දු ක්‍රීඩකයාගේ මුහුණ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳ ලකුණට යොදා ගෙන | The Leader