The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'විනීකියස්ට ‘බැලන් ඩෝ’ සම්මානය අහිමි වුනේ බෙලිංඅම් හා කාවහාල් ද තරගයේ සිටි නිසයි' - ප්‍රංශ පාපන්දුවේ ප්‍රධාන කර්තෘ

T

The Leader Desk

October 31, 2024 • 3:56 PM

'විනීකියස්ට ‘බැලන් ඩෝ’ සම්මානය අහිමි වුනේ බෙලිංඅම් හා කාවහාල් ද තරගයේ සිටි නිසයි' - ප්‍රංශ පාපන්දුවේ ප්‍රධාන කර්තෘ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රදානෝත්සවයට සහභාගි නොවීම පිළිබඳව පාපන්දු ලෝකයේ ඉතාමත් සැලකිය යුතු අවධානයක් යොමුව තිබෙනවා.
  • ‘රේආල් මෙඩ්රිඩ්’ කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු වන විනීකියස් ජූනිය (Vinicius Junior) විස්මයජනක ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කර තිබියදීත් ඔහුට ‘බැලන් ඩෝ’ සම්මානය නොලැබෙන බව දැන ගැනීමෙන් පසුව සම්මාන උළෙල වර්ජනය කිරීමට එම ක්‍රීඩා සමාජය තීරණය කළා.
  • මේ සම්මානය සඳහා ඡන්ද විමසීමේදී විනීකියස් ට ඡන්ද වැඩි ප්‍රමාණයක් අහිමි වන්නට ඇත්තේ සම්මානය සඳහා ඉහළින්ම සිටි තරගකරුවන් පස් දෙනා අතර අනෙක් ‘රේආල් මෙඩ්රිඩ්’ තරු වන ජූඩ් බෙලිංඅම් හා ඩැනී කාවහාල් ද සිටි නිසා විය හැකි බව ගාසියා ප්‍රකාශ කරනවා.
  • ඔහු පවසන පරිදි, සම්මානය සඳහා ශ්‍රේණිගත කිරීමේදී උසස් ස්ථානවල ‘රේආල් මෙඩ්රිඩ්’ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ම සිටීමෙන් ඡන්දය ප්‍රකාශ කරන සංචිතය බෙදී යාම නිසා විනීකියස්ගේ ලකුණු සීමා වී අවසානයේ අනෙකුත් අපේක්ෂකයන්ට වාසියක් සිදුවී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රදානෝත්සවයට සහභාගි නොවීම පිළිබඳව පාපන්දු ලෝකයේ ඉතාමත් සැලකිය යුතු අවධානයක් යොමුව තිබෙනවා. මීට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ එම පාපන්දු සමාජයේ ක්‍රීඩකයන් මේ වටිනා සම්මානය දිනා ගැනීමේ තරගය ආරම්භයේ සිටම එහි පෙරමුණේ සිටීම.

‘රේආල් මෙඩ්රිඩ්’ කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු වන විනීකියස් ජූනිය (Vinicius Junior) විස්මයජනක ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කර තිබියදීත් ඔහුට ‘බැලන් ඩෝ’ සම්මානය නොලැබෙන බව දැන ගැනීමෙන් පසුව සම්මාන උළෙල වර්ජනය කිරීමට එම ක්‍රීඩා සමාජය තීරණය කළා.

මේ තීරණය නිසා ‘රේආල් මෙඩ්රිඩ්’ හා ‘බැලන් ඩෝ’ සංවිධායකයන් අතර විරසකයක් හටගෙන තිබෙනවා.

‘බැලන් ඩෝ’ සම්මාන උළෙලට ‘රේආල් මෙඩ්රිඩ්’ සහභාගි නොවීම හා එම සම්මානය දිනා ගැනීම පිණිස විනීකියස් ජූනිය ට තිබූ අවස්ථාව වැළැක්වුනු හේතුව සම්බන්ධයෙන් ප්‍රංශ පාපන්දුවේ ප්‍රධාන කර්තෘ වින්සන්ට් ගාසියා (Vincent Garcia) දැන් කරුණු පැහැදිලි කර දෙනවා.

මේ සම්මානය සඳහා ඡන්ද විමසීමේදී විනීකියස් ට ඡන්ද වැඩි ප්‍රමාණයක් අහිමි වන්නට ඇත්තේ සම්මානය සඳහා ඉහළින්ම සිටි තරගකරුවන් පස් දෙනා අතර අනෙක් ‘රේආල් මෙඩ්රිඩ්’ තරු වන ජූඩ් බෙලිංඅම් හා ඩැනී කාවහාල් ද සිටි නිසා විය හැකි බව ගාසියා ප්‍රකාශ කරනවා.

ඔහු පවසන පරිදි, සම්මානය සඳහා ශ්‍රේණිගත කිරීමේදී උසස් ස්ථානවල ‘රේආල් මෙඩ්රිඩ්’ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ම සිටීමෙන් ඡන්දය ප්‍රකාශ කරන සංචිතය බෙදී යාම නිසා විනීකියස්ගේ ලකුණු සීමා වී අවසානයේ අනෙකුත් අපේක්ෂකයන්ට වාසියක් සිදුවී තිබෙනවා.

“බෙලිංඅම් සහ කාවහාල් ඉහළම පස් දෙනා අතර සිටීමෙන් පැහැදිලිවම විනීකියස් ට පාඩුවක් සිදුවුනා. මොකද, ඒ නිසා ගණිතමය වශයෙන්, විනීකියස්ගෙන් ලකුණු කිහිපයක් උදුරා ගැනුනා” යැයි ගාසියා සඳහන් කරනවා.

‘රේආල් මෙඩ්රිඩ්’ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ම අතර ඡන්ද බෙදී යාම නිසා ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමේ රොඩ්රි (Rodri) ට වාසියක් ලැබී ශ්‍රේණිගත කිරීමේ ඉහළට යාමේ මං විවර වන්නට ඇතැයි ඔහු පවසනවා.

ක්‍රීඩකයන් තුන් හතර දෙනෙක් දස්කම් දැක්වූ ‘රේආල් මෙඩ්රිඩ්’ කණ්ඩායමේ ක්‍රීඩා වාරය ද මෙහිදී කැටිකොට දැක්වීම නිසා විනිසුරුවන් ඔවුන්ගේ තීරණ එම ක්‍රීඩකයන් අතර බෙදා දීමෙන් රොඩ්රි ට වාසියක් අත්වූ බව ගාසියා වැඩිදුරටත් කියා සිටියා.

‘රේආල් මෙඩ්රිඩ්’ පාපන්දු සමාජයේ පැමිණිලි සම්බන්ධයෙන් කතා කරමින් ගාසියා අනාවරණය කර සිටියේ මේ සමස්ත ක්‍රියාදාමය මුළුල්ලේ ම තමා එම සමාජය එල්ල කළ පීඩනයට මුහුණ දුන් බවයි.

“මම ‘රේආල් මෙඩ්රිඩ්’ගෙන් ලොකු පීඩනයකට මුහුණ දුන්නා. නමුත්, අනෙක් ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් වගේම, මම සැමවිටම විනිවිද භාවයෙන් හා සාධාරණව කටයුතු කළා. සමහර විට මගේ නිහඬතාව නිසා ඔවුන්ගේ සීමාව ඉක්මවා යන්න ඇති.”

පීඩනය මධ්‍යයේත්, අපක්ෂපාතිත්වය හා කිසිවෙකුටත් විශේෂ සංග්‍රහයක් නැතිව සියලුම පාපන්දු සමාජවලට එක සමානව සැලකීමේ තමාගේ කැපවීම පිළිබඳව ගාසියා මෙහිදී අවධාරණය කර සිටියා.

“විනීකියස් නොසිටීම ගැන අනෙක් අය වගේම මමත් ඉතාමත් අප්‍රසන්න ලෙස පුදුම වුනා.”

serw343

සම්මාන ප්‍රදානෝත්සවයෙන් ‘රේආල් මෙඩ්රිඩ්’ සමාජය ඉවත් වීමේ තීරණයට හේතුව ජයග්‍රාහකයා කවුද කියා ඔවුන්ට කළින් නොදැන්වීම නිසා ඇතිවූ කලකිරීම බවට දැන් පැහැදිලියි.

“මේ වසරේ ජයග්‍රාහකයා කවුරුන්ද කියා කළින් නොදන්වන බවට අපි ‘රේආල් මෙඩ්රිඩ්’ වගේම අනෙකුත් ක්‍රීඩා සමාජ සමග ද පැහැදිලි කර ගත්තා” යනුවෙන් ප්‍රංශ පාපන්දු ප්‍රධාන කර්තෘවරයා මතක් කර දුන්නා.

ප්‍රතිඵල කළින් අනාවරණය නොකරණ බවට ‘රේආල් මෙඩ්රිඩ්’ සමාජය සම්මාන සංවිධායකයන් සමග කළින් එකඟ වී තිබියදීත් ඔවුන් උත්සවයට නොපැමිණීම පිළිබඳව ගාසියා ඔහුගේ විමතිය පළ කර සිටියා.

“මම හිතුවේ හැම දෙනාම එය පිලිගත්තා කියලා. නමුත් අන්තිම මිනිත්තුවේදී, මම දන්නේ නැහැ ඇයි කියලා, ඔවුන්ට නීතිය වෙනස් කරන්න අවශ්‍ය වුනා. ‘රේආල් මෙඩ්රිඩ්’ ඔවුන්ගේ මේ තීරණයට එළඹුනාම, අනෙක් අය තුළ කලකිරීමක් හටගත්තේ නැහැයි කියන්න මට බැහැ” යනුවෙන් වින්සන්ට් ගාසියා අවසාන වශයෙන් ප්‍රකාශ කළා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'විනීකියස්ට ‘බැලන් ඩෝ’ සම්මානය අහිමි වුනේ බෙලිංඅම් හා කාවහාල් ද තරගයේ සිටි නිසයි' - ප්‍රංශ පාපන්දුවේ ප්‍රධාන කර්තෘ | The Leader