The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එංගලන්ත ක්‍රිකට් නායකයාගේ ගෙට හොරු පැනලා

T

The Leader Desk

November 1, 2024 • 12:16 PM

එංගලන්ත ක්‍රිකට් නායකයාගේ ගෙට හොරු පැනලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අවස්ථාවේදී ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද නිවසේ සිටිය ද ඔවුන්ට කිසිම ශාරීරික හිංසාවක් සිදුවී නැතත් නිවසේ තිබූ හැඟීම් බර අයිතම කිහිපයක් සොරා ගෙන ගොස් ඇතැයි ස්ටෝක්ස් කියනවා.
  • මේ සම්බන්ධයෙන් Durham පොලිසිය පරීක්ෂණ පවත්වනවා. සොරකම් කරන ලද භාණ්ඩවල පිංතූර ස්ටෝක්ස් සමාජ මාධ්‍යයේ පෝස්ට් කර තිබෙන අතර ඔහුට 2020 වසරේදී හිමිවූ OBE (The Officer of the Order of the British Empire) පදක්කම ද ඒ අතර වනවා.
  • එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ශූරයින් බවට පත්වීමේදී එංගලන්තයේ හදගැස්ම බවට පත්වූයේ බෙන් ස්ටෝක්ස්.
  • බෙන් ස්ටෝක්ස්ගේ 2019 වික්‍රමයන්හි සීමාවක් තිබුනේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අවස්ථාවේදී ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද නිවසේ සිටිය ද ඔවුන්ට කිසිම ශාරීරික හිංසාවක් සිදුවී නැතත් නිවසේ තිබූ හැඟීම් බර අයිතම කිහිපයක් සොරා ගෙන ගොස් ඇතැයි ස්ටෝක්ස් කියනවා. මේ සම්බන්ධයෙන් Durham පොලිසිය පරීක්ෂණ පවත්වනවා. 

සොරකම් කරන ලද  භාණ්ඩවල පිංතූර ස්ටෝක්ස් සමාජ මාධ්‍යයේ පෝස්ට් කර තිබෙන අතර ඔහුට 2020 වසරේදී හිමිවූ OBE (The Officer of the Order of the British Empire) පදක්කම ද ඒ අතර වනවා.

2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ශූරයින් බවට පත්වීමේදී එංගලන්තයේ හදගැස්ම බවට පත්වූයේ බෙන් ස්ටෝක්ස්. එම තරගාවලියේ ඔහු ප්‍රදර්ශනය කළ දස්කම් අතර ඉහළින්ම තිබුනේ නවසිලන්තය ට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අමතක නොවන අවසාන තරගය. සිය අධිෂ්ඨාන ශක්තියෙන් ස්ටෝක්ස් එම තරගයේ අවසාන ඔ්වරයේදී ප්‍රතිවාදී මුළු ලකුණු සංඛ්‍යාව සමග සම තත්ත්වයට පිවිසීමට සමත් වුනා. ඉන්පසු ජොස් බට්ලර් සමග කඩුල්ලට පිවිසෙමින් එංගලන්තයට ‘සුපර්’ ඔ්වරයේදී තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට අඩිතාලම දැමුවා.

9341e8d0 9441 11ef 899d 2fbddf2d9b52

 

බෙන් ස්ටෝක්ස්ගේ 2019 වික්‍රමයන්හි සීමාවක් තිබුනේ නැහැ. අගෝස්තු මාසයේදී ඔහු යළිත් පුවත් සිරස්තල මවමින් ඔස්ට්‍රේලියාව ට එරෙහිව ‌දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 135ක් ලබා ගනිමින් එංගලන්තය විය නොහැකි තෙවැනි ‘අළු බඳුන’ ටෙස්ට් ජයග්‍රහණයක් කරා ගෙන ගියා.

අපූර්ව 2019 වසර නිමා වූයේ බෙන් ස්ටෝක්ස් ‘BBC වසරේ ක්‍රීඩකයා’ සම්මානයට පාත්‍ර වෙමින්. මීට අමතරව ඔහු ජගත් ක්‍රිකට් කවුන්සලයේ ‘ICC වසරේ හොඳම ක්‍රීඩකයා’ වශයෙන් ද නම් කෙරුනු අතර එංගලන්ත මහ රැජිනගේ නව වසරේ ගෞරවනීය ලැයිස්තුවෙන් OBE පදක්කම ලබා ගත්තා.

තමාගේ ගෙට හොරු පැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්ටෝක්ස් මෙසේ කියනවා.

“මේ දක්වා මේ අපරාධයේ නරක ම දේ තමයි මගේ බිරිඳ හා තරුණ දරුවන් දෙදෙනා ගෙදර සිටියදී හොරු පැනීම. දෙවියන්ට ස්තූතිවන්ත වන්නට, මගේ පවුලේ කිසිම කෙනෙකුට ශාරීරිකව හිංසාවක් සිදුවී නැහැ.”

“කොහොම වෙතත්, මේ අත්දැකීමෙන් ඔවුන්ගේ මානසික තත්ත්වයට බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් දෙයක්.”

“අපට දැන් හිතන්න තියෙන එකම දෙය නම්, මේ සිදුවීම කොතරම් නරක අතට හැරෙන්න ඉඩ තිබුනා ද කියලයි.”

SEC 227750180 b36e

 

මේ සිද්ධිය සිදුවූයේ ඔක්තෝබර් 17 වැනි දින සන්ධ්‍යාවේ බව Durham ප්‍රාන්තයේ කාස්ල් ඊඩ්න් පෙදෙසේ ජීවත් වන ස්ටෝක්ස් පවසනවා.

ඊට පසු දිනයේ, පාකිස්තානය විසින් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්තය පරාජය කරන ලද අතර ස්ටෝක්ස් ලකුණු 37කට දැවී ගියා.

පාකිස්තානය ට 2-1ක තරගමාලා ජයග්‍රහණයක් හිමිවෙමින් සහ එංලන්තය කඩුලු නවයකින් පරාජය වෙමින් තෙවැනි ටෙස්ට් ගැටුම පසුගිය සතියේ නිමා වීමෙන් පසුව ස්ටෝක්ස් යළි එංගලන්තය ට පැමිණියා.

“මගෙන් සොරා ගත් අයිතම සමහරක පිංතූර මම මුදා හරිනවා. ඒවා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වේවි කියා මම ප්‍රාර්ථනා කරනවා. මෙමගින් මේ සොරකමට වගකිව යුතු පුද්ගලයන් හොයා ගන්න අපට හැකිවේවි කියලා මම බලාපොරොත්තු වෙනවා” ස්ටෝක්ස් සඳහන් කරනවා.

“අපි ආදරෙන් ළඟ තබා ගෙන සිටි දේවල් අපට අහිමි වුනත්, පැහැදිලිවම, මේ ඡායාරූප බෙදා ගැනීමේ මගේ එකම අරමුණ මේවා නැවත සොයා ගැනීම නෙවෙයි...මේ සොරකම කළ අය අල්ලා ගැනීමයි.”

skynews ben stokes burglary 6733409

 

“ඔවුන් ස්වර්ණාභරණ, අනෙකුත් වටිනා දේවල් හා පෞද්ගලික බඩු බොහොමයක් අරගෙන පැනලා ගියා. ඒ බොහෝ භාණ්ඩවල තිබෙන්නේ මටත් මගේ පවුලටත් සංවේදී වටිනාකමක් තිබෙන දේවල්. ඒ වෙනුවට වෙනත් දේවල් ආදේශ කරන්න බැහැ.”

“මෙය, මේ ක්‍රියාව සිදුකළ පුද්ගලයන්ව සොයා ගැනීම සඳහා කළ හැකි ඕනෑම උපකාරයක් ලබා දෙන ලෙසට මම කරන ආයාචනයක්!”

OBE පදක්කමට අමතරව සොරා ගත් මාල තුනක්, මුද්දක් හා මෝස්තර බෑගයක පිංතූර ද ස්ටෝක්ස් පෝස්ට් කර තිබෙනවා.

රට වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී ගෙවල් බිඳීමකට ලක්වූ පළමුවැන්නා බෙන් ස්ටෝක්ස් නෙවෙයි. මෑත වසරවලදී විදෙස්ගතව ක්‍රීඩා කරමින් සිටියදී පාපන්දු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම නිවෙස්වලට සොරු පැන තිබෙනවා. කටාර් දේශයේ පැවති 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අතරතුර මෙවන් සිද්ධියකට මුහුණ දුන්‌ ක්‍රීඩකයෙකි රහීම් ස්ටර්ලිං (Raheem Sterling).

30stokes

 

සිය පවුලේ නිවෙසට හොරු කඩා පැනීම හේතුවෙන් ස්ටර්ලිං ට එංගලන්ත ලෝක පාපන්දු සංචිතයෙන් ඉවත්ව කටාර් සිට නැවත ලන්ඩනයට පැමිණීමට සිදුවුනා. එම සොරකමේදී ද ස්වර්ණාභරණ සහ අත්ඔරලෝසු සොරා ගෙන ගොස් තිබුන ද ප්‍රචණ්ඩ සිදුවීම් කිසිවක් වාර්තා වූයේ නැහැ.

ආයුධ සන්නද්ධ පිරිසක් නිවසට කඩා පැන තිබෙන්නේ ස්ටර්ලිංගේ තරුණ දරුවන් තිදෙනා ඇතුළු ඔහුගේ පවුල නිවසේ සිටියදි වූව ද ඔවුන්ට කිසිම හිංසාවක් කර තිබුනේ නැහැ. එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ගැරත් සවුත්ගේට් එදා මෙසේ කියා තිබුනා.“සමහර අවස්ථාවලදී පාපන්දුව ජීවිතයේ වැදගත් ම දේ නෙවෙයි. පළමු තැන හිමිවිය යුත්තේ තමාගේ පවුලටයි!”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එංගලන්ත ක්‍රිකට් නායකයාගේ ගෙට හොරු පැනලා | The Leader