The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ස්ටෝක්ස්ගේ ගෙට පනින විදිය හොරු සොයාගෙන තිබෙන්නේ ඔහුගේම වීඩියෝවකින්

T

The Leader Desk

November 1, 2024 • 4:10 PM

ස්ටෝක්ස්ගේ ගෙට පනින විදිය හොරු සොයාගෙන තිබෙන්නේ ඔහුගේම වීඩියෝවකින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ටොක්ස් ඔහුගේ සුඛෝපභෝගී මන්දිරය පුරා ඇවිදිමින් එහි වැදගත් ස්ථාන කැමරාකරුවෙකුට පෙන්වන මිනිත්තු 16ක වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළවූ අතර ඔහුගේ නිවසට කඩා පැනීම සැලසුම් කිරීම පිණිස සොරුන් මේ වීඩියෝව ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සැක කෙරෙනවා.
  • මැද මිදුලේ දොර ඇතුළු නිවසට ඇතුළු වන ස්ථාන හා ක්‍රීඩා සිහිවටන තබා තිබූ ස්ථාන එම වීඩියෝවෙන් අනාවරණය කෙරෙනවා.
  • ‘බෙන් ස්ටෝක්ස් අපව ඔහුගේ නිවසේ සංචාරයක ගෙන යනවා’ යන මාතෘකාව යටතේ මේ වීඩියෝ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ 4C නමැති ක්‍රීඩා මාධ්‍ය ආයතනය.
  • නිවසක මෙවැනි විස්තරාත්මක වීඩියෝවක් අපරාධකරුවන්ගේ සිහිනයක් බවට ආරක්ෂක විශාරදයින් අනතුරු අඟවන අතර මේ වීඩියෝ චිත්‍රපටය දැන් පොලිස් පරීක්ෂණවල කොටසක් බවට පත්ව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගන්නට ඇතැයි අනාවරණය වනවා.

ස්ටොක්ස් ඔහුගේ සුඛෝපභෝගී මන්දිරය පුරා ඇවිදිමින් එහි වැදගත් ස්ථාන කැමරාකරුවෙකුට පෙන්වන මිනිත්තු 16ක වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළවූ අතර ඔහුගේ නිවසට කඩා පැනීම සැලසුම් කිරීම පිණිස සොරුන් මේ වීඩියෝව ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සැක කෙරෙනවා.

sxdft45

මැද මිදුලේ දොර ඇතුළු නිවසට ඇතුළු වන ස්ථාන හා ක්‍රීඩා සිහිවටන තබා තිබූ ස්ථාන එම වීඩියෝවෙන් අනාවරණය කෙරෙනවා.

‘බෙන් ස්ටෝක්ස් අපව ඔහුගේ නිවසේ සංචාරයක ගෙන යනවා’ යන මාතෘකාව යටතේ මේ වීඩියෝ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ 4C නමැති ක්‍රීඩා මාධ්‍ය ආයතනය.

සොරකම් කරන ලද වටිනා භාණ්ඩ අතර ඔහුගේ OBE පදක්කම, එංගලන්ත ක්‍රිකට් ලාංජනය සහිත මුද්දක්, රත්තරං මාලයක් හා මිල අධික බෑගයක් ද වනවා.

නිවසක මෙවැනි විස්තරාත්මක වීඩියෝවක් අපරාධකරුවන්ගේ සිහිනයක් බවට ආරක්ෂක විශාරදයින් අනතුරු අඟවන අතර මේ වීඩියෝ චිත්‍රපටය දැන් පොලිස් පරීක්ෂණවල කොටසක් බවට පත්ව තිබෙනවා.

ක්‍රීඩා තරු විසින් ඔවුන්ගේ නිවෙස්වල ජීවිත උවමනාවට වඩා අනාවරණය කිරීමේ අනතුර පිළිබඳව Intelligent Protection ආරක්ෂක ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Christian Hill මීට කළින් අනතුරු අඟවා තිබෙනවා.

“මෙය දැඩි පසුතැවිල්ලක්. මොකද, මිනිසුන්ට තමන්ගේ අත්දැකීම් හා ඔවුන් දැන් සිටින තත්ත්වයට ආවේ කොහොමද කියලා හැම දෙයක්ම අනුන් සමග බෙදා ගැනීමට අවස්ථාව තියෙන්න ඔ්න එයින් තමන්ට කිසිම නරක දෙයක් සිදු නොවන විදියට. අවාසනාවට, අපි ජීවත් වෙන්නේ එවැනි ලෝකයක නෙවෙයි. නිවැසියන් ගෙදර ඉන්නේ කොයි වෙලාවටද, නැත්තේ මොන වෙලාවටද, කියලා වටහා ගන්න අපරාධකරුවන්ට අපහසු නැහැ.”

er4234de

තුන් ඉරියව් ක්‍රීඩක 33 හැවිරිදි බෙන් ස්ටෝක්ස්, 34 හැවිරිදි බිරිඳ ක්ලෙයා රැට්ක්ලිෆ්, 12 හැවිරිදි පුත් ලේටන් හා 9 හැවිරිදි දුව ලිබී Durham ප්‍රාන්තයේ Castle Eden පෙදෙසේ පිහිටි මේ නිවසේ පදිංචියට පැමිණියේ 2017 වසරේ.

නිවස යළි සකස් කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට පෙර ඔවුන් මේ නිවස මිලදී ගත්තේ පවුම් මිලියන 1.7කට.

“අපි මේ ගෙදර සරසන්න වැඩ ගොඩක් කළා” යනුවෙන් ස්ටෝක්ස් වීඩියෝවේ කියනවා. “අපි ගෙදර සම්පූර්ණයෙන් අලුත් කළා.”

ඔක්තෝබර් 17 වැනි දින සොරකම සිදුවෙද්දී නිවසේ සිටි ඔහුගේ බිරිඳ හා දරුවන් ඔවුන්ගේ ගෙට හොරු පැන ඇති බව දැනගෙන තිබෙන්නේ සිද්ධියෙන් පැය කිහිපයකට පසුව රාත්‍රී 11.30 ට. ඒ වන විට ස්ටෝක්ස් සිටියේ එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ.

සොර කල්ලිය විසින් ස්ටෝක්ස්ගේ සුඛෝපභෝගී කාරයක් ද සොරකම් කරන්නට ඇතැයි සැක කෙරෙන අතර එහි සවිකර තිබූ කාරයේ ගමන් මඟ පෙන්වන ක්‍රමවේදය නිසා මෝටර් රථය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

සොරකමෙන් පසු දිනයේ නිවෙස ඇතුළට ආපසු යාමට පෙර එහි ඉදිරි ගේට්ටු හරියාකාරව අගුළු දමා තිබෙනවාද කියා ස්ටෝක්ස් සහතික කර ගන්නා අයුරු ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

සබැඳි පුවත් :
එංගලන්ත ක්‍රිකට් නායකයාගේ ගෙට හොරු පැනලා

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ස්ටෝක්ස්ගේ ගෙට පනින විදිය හොරු සොයාගෙන තිබෙන්නේ ඔහුගේම වීඩියෝවකින් | The Leader