The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නැවත ටෙස්ට් ක්‍රීඩා කිරීමේ මැක්ස්වල්ගේ සිහිනය ශ්‍රී ලංකාවේදී සැබෑ වේවිද?

T

The Leader Desk

November 2, 2024 • 10:42 AM

නැවත ටෙස්ට් ක්‍රීඩා කිරීමේ මැක්ස්වල්ගේ සිහිනය ශ්‍රී ලංකාවේදී සැබෑ වේවිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ඔස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් (Andrew McDonald) විසින් සිදු කර තිබෙන ප්‍රකාශයකින්.
  • ලබන වසරේ ජනවාරි-පෙබරවාරියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව සඳහා වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම තේරීමේ රාමුවට තුන් ඉරියව් ක්‍රීඩක මැක්ස්වල් ඇතුළත් කිරීමට ඔස්ට්‍රේලියානු පුහුණුකරු ලෙස නැවත අලුතින් නම් කෙරුනු මැක්ඩොනල්ඩ් තීරණය කර තිබෙනවා.
  • ඔහු සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 2017 වසරේ බංග්ලාදේශය ට එරෙහිව.
  • තමාගේ ටෙස්ට් තරග හතට තවත් තරගයක් එකතු කර ගැනීමේ තමාගේ සිහිනය අතහැරියොත් එය තමන් විසින් තමන්ටම කර ගන්නා අසාධාරණයක් බව මැක්ස්වල් ඔහුගේ The Showman නමැති අලුත් පොතේ ලියා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලකුණු පහළ වී තිබෙනවා. ඒ, ඔස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් (Andrew McDonald) විසින් සිදු කර තිබෙන ප්‍රකාශයකින්.

ලබන වසරේ ජනවාරි-පෙබරවාරියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව සඳහා වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම තේරීමේ රාමුවට තුන් ඉරියව් ක්‍රීඩක මැක්ස්වල් ඇතුළත් කිරීමට ඔස්ට්‍රේලියානු පුහුණුකරු ලෙස නැවත අලුතින් නම් කෙරුනු මැක්ඩොනල්ඩ් තීරණය කර තිබෙනවා.

36 හැවිරිදි ග්ලෙන් මැක්ස්වල් මෙතෙක් ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් තරග හතකට පමණයි. ඔහු සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 2017 වසරේ බංග්ලාදේශය ට එරෙහිව. ඉන්පසුව පසුගිය වසරේ ඉන්දියාවේ පැවති තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගමාලාව ඔහුට මගහැරී ගියේ සාදයකදී කකුල කඩා ගැනීම හේතුවෙන්.

 

36 හැවිරිදි ග්ලෙන් මැක්ස්වල් මෙතෙක් ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් තරග හතකට පමණයි.

තමාගේ ටෙස්ට් තරග හතට තවත් තරගයක් එකතු කර ගැනීමේ තමාගේ සිහිනය අතහැරියොත් එය තමන් විසින් තමන්ටම කර ගන්නා අසාධාරණයක් බව මැක්ස්වල් ඔහුගේ The Showman නමැති අලුත් පොතේ ලියා තිබෙනවා.

ඒ සිහිනය සැබෑ කර ගැනීම සඳහා ඔහුට අවශ්‍ය වන්නේ මනා ශරීර සෞඛ්‍යයෙන් හා හොඳ ක්‍රීඩා තත්ත්වයකින් සිටීම පමණයි.

ටෙස්ට් තරග බිමට නැවත පිවිසීමේ මැක්ස්වල්ගේ අවස්ථාවන් වැඩි වී තිබෙන්නේ පසුගිය සතියේ නවසිලන්ත කණ්ඩායම පන්දුව දඟ කැවෙන ඉන්දියාවේ තත්ත්වයන් යටතේ ඉන්දියා කණ්ඩායම කම්පනයට පත් කළ ආකාරය මැක්ඩොනල්ඩ් නැරඹීමෙන් පසුව.

 

glen maxwell hope 171223g 1200ටෙස්ට් තරග බිමට නැවත පිවිසීමේ මැක්ස්වල්ගේ අවස්ථාවන් වැඩි වී තිබෙන්නේ පසුගිය සතියේ නවසිලන්ත කණ්ඩායම පන්දුව දඟ කැවෙන ඉන්දියාවේ තත්ත්වයන් යටතේ ඉන්දියා කණ්ඩායම කම්පනයට පත් කළ ආකාරය මැක්ඩොනල්ඩ් නැරඹීමෙන් පසුව.

“පාකිස්තානයේ (එංගලන්තය ට එරෙහිව) සහ ඉන්දියාවේ පැවති අවසාන ටෙස්ට් තරග දෙක දිහා බලන කොට, ඒ තිරස් තලයේ ස්වීප් කරමින් හා රිවර්ස් ස්වීප් කරමින් ක්‍රීඩා කිරීමේ හැකියාව සැලකිල්ලට ගත් විට, එය තීරණාත්මක කුසලතාවක් වේවි කියා මම හිතනවා” යනුවෙන් මැක්ඩොනල්ඩ් ප්‍රකාශ කරනවා.

“මැක්ස්වල්‌ ඒ චරිතයට ගැළපෙනවාද? ඔව්, සීයට 100ක්ම ඔහු ඒ ආකෘතියට ගැළපෙනවා.”

“ පැහැදිලිවම ‘මැක්සි’ ට තියෙන ලොකුම අභියෝගය තමයි එයාගෙ ශරීරය. ‘බිග් බෑෂ් ලීගයේ’ (BBL) ක්‍රීඩා කිරීමෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යන්න ඔහුට පුළුවන් වේවිද කියන කාරණාව.”

 

australian glenn maxwell test return in sri lankaපැහැදිලිවම ‘මැක්සි’ ට තියෙන ලොකුම අභියෝගය තමයි එයාගෙ ශරීරය. ‘බිග් බෑෂ් ලීගයේ’ (BBL) ක්‍රීඩා කිරීමෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යන්න ඔහුට පුළුවන් වේවිද කියන කාරණාව.”

මැක්ඩොනල්ඩ් 2027 වසර අවසානය තෙක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට මූලිකත්වය දීමට නියමිතයි. ඔහුට පැවරී තිබෙන්නේ දිගටම තරග ජය ගැනීම හා වයසට යමින් සිටින කණ්ඩායමක් පරෙස්සමෙන් කළමනාකරණය කිරීමේ අසීරු කාර්යයක්. ටෙස්ට් වගකීම් පැවරී තිබෙන ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 11 දෙනාගෙන් 10 දෙනෙකු ම වයස අවුරුදු 30 හෝ ඊට වැඩි අය.

මැක්ස්වල් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළහොත්, ඔහු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ට පිටුපසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින දෙවැනියට වැඩිම වයස්ගත ක්‍රීඩකයා බවට පත්වනවා.

1974751730353023මැක්ස්වල් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළහොත්, ඔහු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ට පිටුපසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින දෙවැනියට වැඩිම වයස්ගත ක්‍රීඩකයා බවට පත්වනවා.


ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ ජනවාරි 20 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් තරග දෙකකින් මේ සංචාරය සමන්විතව වන අතර එම තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. පළමු තරගය ජනවාරි 29 සිට පෙබරවාරි 2 දක්වා ද, දෙවැනි තරගය පෙබරවාරි 6 සිට 10 දක්වා ද පැවැත්වීමටයි නියමිත. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයකින් (දිවා/රාත්‍රී) අවසන් වනු ඇති අතර එම තරගය ක්‍රීඩා කෙරෙන්නේ පෙබරවාරි 13 වැනිදා වූව ද තරගය පැවැත්වෙන ස්ථානය තවමත් තීරණය කර නැහැ.

සටහන :


(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...